පරිවර්තනය

tea-plantation-3

අපි ගස්ය

කෘශව , කේඩෑරි වී ගිය ගස්ය

ශරීරය දියවී ගිය ගස්ය...

 

අපට කොල දළුලන, සරත් ඍතු කාලවල් නොමැත

අප මත අලවන කොළ පමණක්

කහ පාටින් කොළ පාටටත්, කොළ පාටින් නිල් පාටටත්

වෙනස් වෙමින් පවතී…

 

නමුත් දිළිඳු අපට අයිති වර්ණය රතුය

එය කිසි ලෙසකින් වෙනස් නොවී පවතී…

 

මේ වර්ණ වෙනස්කම් අපගේම හොඳට යැයි  ඔවුහු පවසති

එසේම අපගේ අතු රිකිලිවලට නිදහසේ වැඩීමටද ඔවුන් ඉඩ නොදෙයි ...

සීමා බන්ධන පනවා, අප එක් රාමුවක් තුළ සිරකිරීමට ඔවුන් සැරසෙයි

ඔවුන්ගේ නීතී රීතිවලින් යටපත්ව අප ජීවත් වන්නෙමු…

 

නමුත්... අපගේ දිළිඳු බවේ වර්ණය නම් කිසිදා  වෙනස් වූයේ නැත

අපගේ අයිතීන් වෙනුවෙන් සැබෑ හඬක් ඔවුන් තුලින් නැගුනේද නැත

විප්ලවවාදී බවයැයි මවාපාන අර්ථ විරහිත ගීතයක් පමණක්

විටින් විට ඔවුන්ගේ මුවින් පිටවේ…

 

අපේ හතුරා අපට දුර ඈතකින් නොව,  අප ලඟින්ම, අපගේ කරමතම

පිළිලයක් සේ සිටී …

අපගේ  ලේ උරා බී, මේ කළු පැහැ  කූඩැල්ලන්

පුෂ්ටිමත් ලෙස වැඩී සිටී...

අපගේ මාර්ගය, අපගේ ඉරණම,

මේ  අඳුරු පිළිල විසින්ම තීරණය කර අවසන්ය

ඔවුන් නිසා අපගේ ලිපිනයන් පවා ... අපට අහිමිව ගොස්ය...

 

දළුලන  අපේ අංකුරත්  ඔවුන් කොනිත්තා රිදවයි

කැකුළු මල් කාලයේදීම

අපගේ පැටව්  පෑගි පොඩිවී යයි…

 

ඇත්තෙන්ම අපගේ සතුරා

අපගේ ඉදිරිපසින් හෝ දුර ඈතකින් නොව

අප ලඟින්ම

අපගේ කරමතම සිටී

 

දැන් ඉතින් දළු දමා, අතු විහිදවා ඵලක් නැත...

පොරෝ තලයකට මිටක් වනවා හැර...

 

| තිලකර් මල්ලියප්පු - තලවකැලේ

(කහට සුවඳ කවි)