1979 ජූලි 19 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ‘1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත’ ජාතික ආරක්ෂාවට දක්වන ලද දායකත්වය සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් ලබා ගැනීමට පසුගිය කාලයේ දී අවස්ථාව උදා වූ බව සාකච්ඡාව ආරම්භයේ දී ම නීතිඥ එර්මිසා ටිගල් පැවසුවා ය. ඉතාම කෙටි පනත් වන මෙම පනත මඟින් පොලිසියට සහ ජනාධිපතිවරයාට සහ තවත් සීමිත ආයතන කිහිපයකට බලතල ලබා දී ඇති බව පෙන්වා දුන් නීතිඥ ටිගල් මෙම පනත මඟින් අධිකරණයට පමා සීමා කළ නොහැකි බලයක් අදාළ ආයතන වෙත ලබා දී ඇති බව ද පෙන්වා දුන්නා ය.
වත්මන් ආණ්ඩුවට නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුණ ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන දීර්ඝ කාලයක් පුරා දැඩි විවේචනයක සිටි අතර පසුගිය මැතිවරණ වෙනුවෙන් ඉදිරිපත් කළ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙම පනත අහෝසි කරන බවට ද ප්‍රතිඥා දී තිබේ. නමුත් පසුගිය ‘මහවිරු’ සමයේ උද්ගත වූ යම් යම් තත්ත්වයන් හමුවේ මෙම පනත යළි කරළියට පැමිණි අතර ඒ සමඟ ‘වත්මන් ආණ්ඩුව මෙම පනත අහෝසි කරන්නේ ද ? යන සංවාදය යළි ආරම්භ විය.
1979 ජූලි 19 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ‘1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත’ ජාතික ආරක්ෂාවට දක්වන ලද දායකත්වය සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් ලබා ගැනීමට පසුගිය කාලයේ දී අවස්ථාව උදා වූ බව සාකච්ඡාව ආරම්භයේ දී ම නීතිඥ එර්මිසා ටිගල් පැවසුවා ය. ඉතාම කෙටි පනත් වන මෙම පනත මඟින් පොලිසියට සහ ජනාධිපතිවරයාට සහ තවත් සීමිත ආයතන කිහිපයකට බලතල ලබා දී ඇති බව පෙන්වා දුන් නීතිඥ ටිගල් මෙම පනත මඟින් අධිකරණයට පමා සීමා කළ නොහැකි බලයක් අදාළ ආයතන වෙත ලබා දී ඇති බව ද පෙන්වා දුන්නා ය.
මේ සම්බන්ධයෙන් තම අදහස තව දුරටත් පැහැදිලි කරමින් නීතිඥ ටිගල් මෙසේ ද පැවසුවා ය, ‘හදිසි නීති, නැති නම් හදිසි තත්ත්වයක් යටතේ ලබා දෙන බලතල තමයි මේ සාමාන්‍ය පනතක් ලෙස සැලකිය හැකි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් ලබාදී තිබෙන්නේ. ඒක අති විශාල බලයක්, සීමාවක් නැති බලයක් ලෙස සැලකිය හැකි යි. ඒ වගේ බලක් සාමාන්‍ය නීතියකට ලබා දෙන කොට මානව හිමිකම් උල්ලංඝණය වීමට තිබෙන අවස්ථාව වැඩි යි. අපි පසුගිය කාලය පුරාම මේ බව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් දැක තිබෙනවා. දෙමළ ජනතාවට, මුස්ලීම් ජනතාවට පමණක් නොවෙයි ආණ්ඩුවට විරුද්ධ නම් සිංහල ජනතාවට එරෙහිව පවා ආණ්ඩුව අසීමාන්තික ලෙස මේ පනත ක්‍රියාවේ යොදවලා තිබෙනවා. මේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් දීර්ඝ කාලයක් තිස්සේ රඳවා ගෙන තිබෙනවා. මේ පනත අනුව ඔවුන්ට කිසිවක් කළ නොහැකි යි”
මෙහිදී නීතිඥ ටිගල් අවධාරණයෙන් පෙන්වා දුන්නේ ‘මෙවැනි විශාල බලයක් සාමාන්‍ය නීතියක් තුළින් ආවරණය නොකළ යූතු’ බවයි. එසේම මෙවැනි විශාල බලයක් සහිත පනතක් රටකට අනවශ්‍ය බව දැඩිව අවධාරණය කළ ඇය ඒ සඳහා හේතු ද මෙසේ පැහැදිලි කළා ය.
‘මෙවැනි පනත් අවශ්‍ය නොවන හේතු ගණනාවක් තිබෙනවා. ඒ අතර ප්‍රධාන එකක් තමයි ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් ප්‍රමාණවත් තරම් බලතල තිබෙන, කටයුතු කළ හැකි ‘දණ්ඩ නීති සංග්‍රහය’ වැනි නීති ගණනාවක් අපට තිබෙනවා. මේ නීතිවලින් ආවරණය නොවන ක්‍රියාවන් හඳුනා ගෙන ඒ සඳහා පමණක් නීති සම්පාදනයට කටයුතු කළ යුතු යි. නමුත් ඒ නීතිය පවා සාමාන්‍ය නීතියක් විය යුතු යි. ඒ වගේ ම අධිකරණයේ අධීක්ෂණය යටතේ තමයි මේ නීති බලාත්මක, ක්‍රියාත්මක විය යුතු වන්නේ. මේ තත්ත්වය තුළ මම යළිත් දැඩිව අවධාරණය කරන්නේ වත්මන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉතා ම පැහැදිලි ලෙස රටට අවශ්‍ය නැහැ කියන එකයි”
(සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 206 වැනි සංවාදය ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention Terrorism Act – PTA) අහෝසි කළ යුතුද?’ යන මාතෘකාව යටතේ කළ සංවාදයක් ඇසුරින් සකස් කරන ලදි)