දුම්රියට ආදරේ නිසාම මෙසේ ලියමි. අවුරුදු ගානක් විවිධ මැති ඇමතිවරු නිලධාරින් හමුවේ දුම්රිය දෙපාර්තමේන්තුව ඔලුවක් උස්සන්න පුලුවන් ගානට හැදුනා කියලා කියන්න බැ. ඒකට ලොකුම හේතුව උඩපුටු වල ලොකු මහත්තුරු මේ දුම්රිය දෙපාර්තමේන්තුව හරියට කළමනාකරණය කරගන්න බැරි වුන එක. මේ තමයි සරලව මගීන්ට සුවපහසුව යන්න පුලුවන් දුම්රිය සේවයක් හදන සරල විදිය
01. දුම්රිය මාර්ග - පාලම් අලුත්වැඩියා කිරිම සහ නඩත්තු කිරිම. ඉස්සෙල්ලාම කරන්න ඕන මේක. ලංකාවේ බහුතර Track ඇදවෙලා ගෙවිලා . ඉතින් ලෝකේ හොදම දුම්රිය එන්ජිමක් ගෙනත් දැම්මත් අවුරුද්දෙන් එන්ජිම ලෙඩ ගාතේ වැටෙනවා. සරලව අපි ගෙදරට වාහනයක් ගන්න කලින් කරන්නේ වාහනේ යන්න පුලුවන් විදියට පාරක් හදාගන්න එක.
02. දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල අලුත්වැඩියාව සදහා තාක්ෂණික දැනුම තියෙන නිළධාරින් පුහුණු කරලා බදවාගන්න එක. මොකද අපිට M9 එන්ජිම හම්බුනා. අපි විනාස කරගත්තනේ ඒක හදන්න ගියාම. මොකද අපිට අලුත් තාක්ෂණය එක්ක ගණුදෙනු කරන්න පුලුවන් දැනුම තියෙන අය නැහැ. ඒක නිසා අලුත් තාක්ෂණය එක්ක වැඩ කරන්න පුලුවන් අය ඉන්න ඕන.
03. ඔය බදවගන්න තාක්ෂණික නිලධාරින් එකතු කරන් ලංකාවේ දුම්රිය සංඥා පද්ධතිය මුලක ඉදන් Program කරලා අලුත් වැඩියා කරන්න ඕන. දුම්රියේ නිතර යන එන කෙනෙක්නම් දන්නවා සිග්නල් දෙන්නැ සමහර වෙලාවට පැය ගානකට පාර Block . ලංකාවේ සංඥා පද්ධතිය අතිශය දුර්වලයි. පොඩි වැස්සත් වැඩ නැති දුර්වල සංඥා පද්ධතියක් තියෙන්නේ.
04. පියවර 1 , 2 , 3 අතරවාරෙයේ කරන්න ඕන වැඩේ තමයි දැනට තියෙන දුවාගන්න පුලුවන් එන්ජින් බලවේග කට්ටල ඔක්කොම පුර්ණ අලුත්වැඩියා කරන එක. පැලැස්තර් නැතුව හරියට . මොකද දැන් අපිට බඳවගත්ත වැඩ්ඩෝ ඉන්නවා. තාක්ෂණය තියෙනවා. මේ අවුරුදු 100 පරණ දුම්රිය දෙපාර්තමේන්තුවේ අවුරුදු 70 ක් බර ඇද්දේ M2 එන්ජින්. අවුරුදු 50 ක් බර ඇද්දේ M4 එන්ජින්.
05. දුම්රිය රියදුරු - දුම්රිය නියාමක - දුම්රිය ස්ථානාධිපති , දුම්රිය ආරක්ෂක ඇතුලු අත්‍යවශ්‍ය සේවාවල පුරප්පාඩු පුරවන්න ඕන. මේ ආණ්ඩුව මේ පියවර කලා. හැබැයි 1 , 2 , 3 , 4 දේවල් කරන්නේ නැතුව මේක කලාට කිසිම ප්‍රයෝජනයක් නැහැ. හිතන්න දුම්රිය අරන් යන්න ඩයිවර්ලා ගාඩ්ලා ඉන්නවා හැබැයි මාර්ග අබලන්, පාලම් අබලන් , වේග සිමා තියෙනවා , දුම්රිය වල කාර්මික දෝෂ, සංඥා වැඩ නැහැ. ඉතින් කොහොමද හරියට දුම්රියක් අරන් යන්නේ. ඉතින් ආයේ බැනුම් අහනවා. ඒක නිසා මේ පියවර වල තැනින් තැන කරා කියලා මේක හදන්න බැහැ.
06. ඔන්න දැන් අපිට අලුතින් ලංකාවට ගැලපෙන සුවපහසුව යන්න පුලුවන් එන්ජින් මැදිරි සහ බලවේග කට්ටල ගෙන්න පුලුවන්. අපිට දැන් හොද track තියෙනවා. අපිට හොද Train තියෙනවා. අපිට කාර්යමණ්ඩලය ඉන්නවා. අපිට හොද සංඥා පද්ධතියක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව දුම්රිය දුවන්න පුලුවන්. හැබැයි එන්ජින් ගේනකොට M11 නඩු භාණ්ඩ නම් ගෙන්න එපා . මම දැක්කා මේ පියවර කරන්න හදනවා. හිතන්න අලුතින් දුම්රිය අරන් ඇවිත් දුවන්න රේල් පාර හරියට නැත්නම් , සංඥා වැඩ නැත්නම් , අලුත්වැඩියා කරන්න දැනුම තියෙන කාර්මිකශිල්පියෝ නැත්නම් අලුතින් ගේන දුම්රිය ටිකටත් බුදුසරණයි . ඒවත් අවුරුදු 4 ක් දුවයි. ලෙඩ දෙනකොට අයින් කරන්න වෙනවා.
07 . මේ දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුලේ ඉන්නවා නිකන් ඉදලා OT ගන්න පුද්ගලයන්. විවිධ දේශපාලුවන්ගේ හිතමිතුරු කම් වලට රැකියා ලබාගත්ත අය. නිකන් ඉදලා සල්ලි ගෙවන්න බැහනේ. අන්න ඒ ඔක්කොම අයින් කරලා දාන්න ඕන.
08. මේ මාර්ග , දුම්රිය පිරිසිදු කරන්න අලුත්වැඩියා කරන්න ඕන හරි ක්‍රමේකට. අපි කොච්චර අලුතින් ගෙනාවත් හැදුවත් වැඩක් නැ අලුත්වැඩියා වෙන්නේ නැත්නම්. මේක තමයි වෙන්නේ නැතිම කොටස. පේනවනේ S13 DMU දැන් හැටි. ජරාජිර්ණ වෙලා හිහින්.
09. දුම්රිය දෙපාර්තමේන්තුව අද තව වෙනකන් දන්නේ නැහැ තමන්ගේ දෙපාර්තමේන්තුව සතුව තියෙන සියලු සම්පත් වල මුල්‍ය වටිනාකම. හිතන්න බෙලිඅත්ත ඉදලා ලංකාවේ අනෙක් දුම්රිය අන්ත දිහා බැලුවම රේල්පාර අයිනේ කොච්චර රේල් පිලි , සිල්බර කොට ඇතඇරලා දාලා තියෙද? සමහර ඒවා කැලැවට යට වෙලා ගිහින්. මේ ඔක්කොම එකතු කලොත් කොච්චර සල්ලිද? ඔය අතඇරලා දාලා තියෙන රේල් පිලි , සිල්බර පරණ මැදිරි විකුණනවනම් විකුණලා ආදායමක් ගන්න ඕන.
සබැඳි පුවත්
- “අසිරිමත් රාජ්‍ය සේවය“ සෞඛ්‍ය හිටපු තොරතුරු අධ්‍යක්ෂක 18 වතාවක් පිටපාරෙන් රට ගිහින් - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව කියයි
- පින්බර රාජ්‍ය සේවයට අලුතින් 8,547 බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය
- රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකුගේ වැරදි හේතුවෙන් ජනතාවට අගතියක් සිදු වීමට ඉඩ දිය නොහැකියි - කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ
- පින්බර රාජ්‍ය සේවයට අලුතින් 8,547 බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය
- අසිරිමත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ගැන කතාවක්
මේ තමයි ක්‍රමය මහත්තයෝ. මේ ටික පිලිවෙලකට නොකර මොනව කලත් දුම්රිය දෙපාර්තමේන්තුවනම් දියුණු කරගන්න බැ. ගොඩනැගිලි හදන එකවත් අලුතින් දුම්රිය පාරවල් හදන එකවත් නෙමේ මේ දැන් කරන්න ඕන. ඒවා කරන්න ඕන මේ දෙවල් කරලා ඉවරවෙලා අන්තිමට.
හිතන්න අලුතින් රේල්පාරක් හදනවා. දුවන්න දුම්රිය නැත්නම් රේල්පාර තියන් මොනවා කරන්නද? මිහින්තලේ පාර දිහා නිකමට බලන්නකෝ...
හිතන්න ගොඩනැගිල්ලක් හදලා ඒකට වෙලා බලන ඉන්නකොට ගෙදර යන දුම්රියක් නැත්නම් , යන දුම්රිය කැඩිලානම් ගොඩනැගිල්ල ඇතුලේ පැදුරු දාන් බුදියන්නද?
කවුරුහරි අහයි කෝ මේවා කරන්න සල්ලි කියලා. ඔය ගොඩනැගිලි හදන්න අලුත් රේල්පාරවල් හදන්න වියදම් කරන සල්ලි වලින් මේ පියවර වලින් 50% ක් කරගන්න පුලුවන්. ඒක නිසා උඩපුටු වල මහත්තයෙක් මේක දකිනවනම් හරි දේ කරන්න . නැත්නම් අපරාදේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු , කාලය සහ මහන්සිය . මේවා නොකර නිකන් පැලැස්තර් අලව අලව හිටියොත් තව අවුරුදු 2 ක් යන්න කලින් " දුම්රියේ මලගම ලගදීම " අපිට බලාගන්න පුලුවන්.....
Mr.CJS heekshana Lankara
රටවටා දුම්රිය මගීන්ගේ නිල සමූහය 🇱🇰 RDMNS Railway Social Network · FB පිටුවෙන්

 
	