“අසිරිමත් රාජ්‍ය සේවය“ සෞඛ්‍ය හිටපු තොරතුරු අධ්‍යක්ෂක 18 වතාවක් පිටපාරෙන් රට ගිහින් - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව කියයි
 
	සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු තොරතුරු අධ්‍යක්ෂ වෛද්‍ය නිලධාරියකුගේ අනුමැතියෙන් තොරව 18 වතාවක් විදේශගතව ඇති බවට විගණන වාර්තාවෙන් තොරතුරු අනාවරණය වී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.
විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිතා කර 2013 ජනවාරි 21 සිට 2024 ජුලි 12 කාලය තුළ මෙසේ විදේශගත වී ඇති බව ද වෛද්‍ය සංජීව මහතා කීය.
අමාත්‍යවරයාගේ තාවකාලික අනුමැතිය යටතේ විදේශගත වූ අවස්ථාවලදී ද අදාළ අනුමත කාල සීමාවට පරිබාහිරව ඔහු රටින් බැහැරව ගත කර ඇති බවට තොරතුරු විගණන වාර්තාවේ පෙන්වා දෙන බවද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති සඳහන් කළේය.
මේ අයුරින් හිටපු තොරතුරු අධ්‍යක්ෂ වෛද්‍ය නිලධාරී විධිමත් අනුමැතියකින් තොරව දිගින් දිගටම විදේශගත වී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඔහුගේ විදේශ නිවාඩු අවලංගු කිරීමට උපතිස් දී තිබියදීත් ඔහු විදේශගතව ඇති බවද විගණන වාර්තා වලින් අනාවරණය වී ඇති බව වෛද්‍ය තමයි සංජීව මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු තොරතුරු අධ්‍යක්ෂ විසින් ඉල්ලුම් කරන ලද දුන් දිනයට පෙර විදේශගතවීම් සහ ඉල්ලුම් කරන ලද දිනය පසුවී නැවත මෙරටට පැමිණීම අවස්ථා විස්සක් වාර්තා වන බවද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපතිවරයා කීය.
මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා අප සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දුරකථනය සම්බන්ධ කර ගැනීම සඳහා කෙටි පණිවිඩයක් සහ ඇමතුම් කීපයක් ලබා දුන් ලද එම උත්සාහය ව්‍යාර්ථ විය.
(මූලාශ්‍රය - ලංකාදීප දිනපතා)
සබැඳි පුවත්

