නිසි සැලසුමකින් විදේශ රැකියා අඩුපාඩු මගහරවනවා - විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා

arun-hemachandra-mp

ශ්‍රි ලාංකික ශ්‍රමිකයන්ට සුරක්ෂිත, ඉහළ ප්‍රතිලාභ සහිත සතුටුදායක විදේශ රැකියා ලබාදීම සදහා විදේශ රැකියා අමාත්‍යාංශයේ වගකිම බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා මහතා සදහන් කරයි. පවතින සැකසුම තුළ බොහෝ අඩුපාඩු පවතින අතර ඒවා නිසි සැලසුමක් සහිතව මඟහරවා ගැනීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ විදේශ රැකියා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ (2024/12/18) දින කාර්යාංශයේ දි පැවති සාකච්ඡාවක දීය. එහිදී විදේශ රැකියා ක්ෂේත්‍රයේ  පවතින ගැටලු සහ ඊට ලබාදිය හැකි විභව විසඳුම් පිළිබඳව ද සාකච්ඡා කළේය.

මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ආචාර්ය සුගත් යාලේගම, ප්‍රසාද් පියසේන, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ, සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පි සේනානායක යන මහත්වරුන් ඇතුලු ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන් එක්වි සිටියේය.