කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඉතා ඉහළ සන්නාම සහිත ඇඟලුම් කර්මාන්ත ශාලාවක පාලකයන්ගේ නොසැලකිල්ල හේතුවෙන් සමහර මැෂින් ක්රියාත්මක කරද්දී සේවක සේවිකාවන්ගේ අත්වල ඇඟිලි අසුවී බොහෝ වෙලාවට දබර ඇඳිල්ලේ උඩ පුරුක කැපී යන බව වාර්තා වේ.
එහිදී විමතියට කරුණ නම් එම ඇඟිලි පුරුක සඳහා රක්ෂණ වන්දිය ලෙස ආයතනය විසින් ලබා දෙන්නේ රුපියල් 1750 ක මුදලක් වීමය. මෙසේ ඇඟිලි හසුවීම සිදුවන්නේ Hook and Bar මැෂින්වල බවත් එක්තරා සේවිකාවකගේ ඇඟිල්ල කැපී යන අවස්ථාවේ Highguard Nialguard හා කාපට් නොමැතිව ඇයට මැසිම ක්රියාත්මක කිරීමට සිදුව ඇත.
එම අවස්ථාවේ මැෂිම ක්රියාත්මක කරද්දි ඇගේ දකුණු අතේ දබර ඇඟිල්ලේ උඩ පුරුක කැපී වෙන්ව ගොස් ඇත. රැකියාව නැතිවේ යැයි බිය නිසා සේවකයන් මේ පිළිබඳව කොතනකටවත් පැමිණිලි නොකරන බැවින් මෙවැනි අසාධාරණ ක්රියා දිගින් දිගටම සිදුවෙද්දී මේ ගැන නිසි පිළියමක් බලධාරීන් විසින් තවත්මත් ගෙන නොමැති බව සේවකයෝ පවසා සිටී.
රතු විත්ති