නිදහස් සෞඛ්‍ය සේවාව, වෛද්‍ය වෘත්තීය සහ වෛද්‍ය අධ්‍යාපනය සුරක්ෂිත කරමින් ශ්‍රී ලාංකීය ප්‍රජාව සුවපත් කිරීම උදෙසා ස්වකීය ඓතිහාසික කාර්යභාරය සියවසින් ඔබ්බටත් වඩා අධිෂ්ඨානශීලීව සහ ශක්තිමත්ව ඉටුකිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියවස් සැමරුම 1926 – 2026 “දැයක් සුවපත් කළ සියවසක්” වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනය පහතින් දැක්වේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු විශේෂඥ වෛද්‍ය නිලධාරීන්, පරිපාලන වෛද්‍ය නිලධාරීන් සහ ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් 23000 කට වැඩි සාමාජිකත්වයක් සහිත මෙරට ශක්තිමත්ම වෘත්තිය සමිතියයි.
දකුණු ආසියානු කලාපයේද ශක්තිමත්ම වෘත්තීය සංවිධානයක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙරට වෛද්‍ය ප්‍රජාවෙන් 95% කට වඩා වැඩි පිරිසක් නියෝජනය කරන අතර ශ්‍රී ලාංකීය සමස්ත වෛද්‍යවරුන්ගේ එකම නියෝජිතයාය.
1926 වර්ෂයේදී ආරම්භ කරන ලද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2026 වර්ෂයේදී ස්වකීය අභිමානවත් සියවස් සංවත්සරික වර්ෂයට පා තබනු ලබයි.
මෙරට පැරණිතම සංවිධානයක් සහ වෘත්තීය සමිතියක් ලෙස ගෙවුනු වසර 100 ක කාලය තුලදී ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කරමින්, වෛද්‍ය වෘත්තීයේ ගුණාත්මකභාවය ආරක්ෂා කරමින්, වෛද්‍ය වෘත්තියේ සහ වෛද්‍යවරුන්ගෙ අයිතිවාසිකම් හා සුබසාධනය වෙනුවෙන් අඛණ්ඩව කැපවී කටයුතු කරමින් ගෞරවනීය සහ සාඩම්බරනීය කාර්යභාරයක් සිදුකිරීමට සංවිධානය සමත්ව ඇත.
එමෙන්ම මෙරට නිදහස් අධ්‍යාපනයේ සහ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක බව සුරක්ෂිත කිරීම උදෙසා ද තීරණාත්මක සහ ඵෙතිහාසික මැදිහත්වීම් ගණනාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකර ඇත.
නිර්දේශපාලනීය සංවිධානයක් ලෙස කටයුතු කරමින් විවිධ බාධක අභියෝග සහ දුෂ්කරතා මධ්‍යයේ වුවද, සමස්ත සාමාජික වෛද්‍ය ප්‍රජාව එක්ව එකමුතුව කටයුතු කරමින් සිදුකරන ලද ඓතිහාසික මෙහෙවර, ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාවේ කීර්ති නාමය ජාත්‍යන්තරයේ ඉහලින්ම ඔසවා තැබීමට හේතු වූ ප්‍රධානතම සාධකයයි.
රට තුළ පැවති ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුද, යුදමය වාතාවරණයන්, ස්වාභාවික ව්‍යසන, කොවිඩ් වසංගතය වැනි වසංගත ඇතුලු සියලු අර්බුදකාරී තත්වයන් හමුවේ මුළු රටම අකර්මණ්‍ය වූ අවස්ථාවන්වලදී පවා මෙරට වෛද්‍යවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ඉදිරියෙන්ම ගමන් කරමින් සියලු දුෂ්කරතා විඳ දරාගනිමින් රෝගී සත්කාර සේවාවන් සපයමින් ජනතාව සුවපත් කිරීම වෙනුවෙන් තම වගකීම නොපිරිහෙලා ඉටුකරන ලද බව ඉතිහාසය සාක්ෂි දරයි.
සියවසක ඓතිහාසික ජාතික මෙහෙවර සනිටුහන් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, “දැයක් සුවපත් කළ සියවසක්” යන තේමාව යටතේ ස්වකිය ශත සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇත.
සියවස් සාංවත්සරික වර්ෂයේ සමාරම්භය සනිටුහන් කරමින් සහ අයහපත් කාලගුණයෙන් විපතට පත් වූ ජනතාවට ද සුව ප්‍රාර්ථනා කරමින් හෙට දින (2026.01.09) සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ පසුදින (2026.01.10) භික්ෂුන් වහන්සේලා සිය දෙනෙක් විෂයෙහි දහවල් දානය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාර්යාල පරීශ්‍රයේදි පැවැත්වීමට නියමිතය.
ඊට අමතරව සර්ව ආගමික වැඩසටහන් ගණනාවක්ද සංවිධානය කර ඇත.
හින්දු ආගමික උත්සවය - 2026.01.21 වැනි දින යාපනය නල්ලුර් කෝවිල් පරීශ්‍රයේදී
ඉස්ලාම් ආගමික උත්සවය - 2026.01.31 වැනි දින කල්මුනේ දී
කතෝලික ආගමික උත්සවය - 2026.02.26 වැනි දින බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයේදී
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියවස් සැමරුමේ ප්‍රධාන ජාතික උත්සවය, එළඹෙන මාර්තු මස 27 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
මීට අමතරව මෙම වසර පුරා සංගමය විසින් වසර 100 ක් පුරා රටට කළ සේවය සනිටුහන් කිරීමත්, අනාගත සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා වූ දැක්ම ජනතාව සමඟ බෙදා ගැනීමත්, ජනතාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමත් අරමුණු කර ගනිමින් පළාත් සහ දිස්ත්‍රික් මට්ටමෙන් වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇත.
නිදහස් සෞඛ්‍ය සේවාව, වෛද්‍ය වෘත්තීය සහ වෛද්‍ය අධ්‍යාපනය සුරක්ෂිත කරමින් ශ්‍රී ලාංකීය ප්‍රජාව සුවපත් කිරීම උදෙසා ස්වකීය ඓතිහාසික කාර්යභාරය සියවසින් ඔබ්බටත් වඩා අධිෂ්ඨානශීලීව සහ ශක්තිමත්ව ඉටුකිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමස්ත සාමාජිකත්වය එක්ව පෙළ ගැසී සිටින බව අවධාරණය කරන්නෙමු.

