ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ සංවත්සරයේදී ජනමාධ්‍යවේදීන් අගයයි

slpa-award-2024

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 69 වැනි සංවත්සර උළෙල පසුගිය (17) දින කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි. මෙම සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා පුවත්පත් සංගමයේ ආරම්භක කළ ඩීත එෆ්. කාරියකරවන අනුස්මරණ ජනමාධ්‍ය උපහාර දැක්වීමද සිදුකරන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක වීරමුණි ප්‍රධාන ආරධිතයා වශයෙන් සහභාගි වූ අතර, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සුභ පැතුම් එක් කර තිබිණි.

මෙහිදී ඩී. එෆ්. කාරියකරවන අනුස්මරණ ජනමාධ්‍ය උපහාර උළෙලේදී ජන මාධ්‍ය වෙනුවෙන් කළ සිදුකළ මෙහෙවර අගය කරමින් සම්මාන හා තිළිණ ලබාදීම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකෙරිණි.

මෙහිදී දයා ලංකාපුර, වී. තනබාලසිංහම්, ශීලා වික්‍රමරත්න, පී. බී. ඉලංගසිංහ උපාලි අරඹවල, එන්. එම්. අමීන්, ස්ටැන්ලි සමරසිංහ, එස්. එස්. සෙල්වනායගම්, තුසිත මලලසේකර, ඇලෙක්සැන්ඩර් බාලසූරිය යන ජනමාධ්‍යෙව්දීහූ සම්මානයට පාත්‍ර විය.

මෙම අවස්ථාවට, අනුශාසක මුදිත කාරියකරවන්, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලී මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ, ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ  සභාපති කුරුළු කූජන කාරියකරවන, ලේකම් විශ්‍රාමික මේජර් තිලක් සේනානායක අතුළු දෙස් විදෙස් ආරාධිතයන් විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගි වී තිබිණි.