රජයේ වෛද්‍ය නිලධාරින් විශ්‍රාම ගැන්වීම දීර්ඝ කරයි

රජයේ වෛද්‍ය නිලධාරින් විශ්‍රාම ගැන්වීම දීර්ඝ කරයි

සියලු ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා (දෙසැ. 19)  දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.

ඒ අනුව, විශේෂඥ වෛද්‍යවරු, සියලු ම ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්, විශේෂඥ දන්ත සෛල වෛද්‍ය නිලධාරීන්, සියලු ම දන්ත සෛල දෛව්‍ය නිලධාරීන්, සියලු ම පරිපාලන ශ්‍රේණී වෛද්‍ය නිලධාරීන් හා රජයේ ලියාපදිංචි සියලු ම වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දිර්ඝ කරන බව ඔහු සඳහන් කළේ ය.