ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (19) දින අභාවප්‍රාප්ත වූ අතර, ඔහු කෙටි කලක සිට අසනීප තත්ත්වයෙන් රෝහල ගත වී සිටියේය.
රාවය සඟරාව ආරම්භ කරමින්, එය රාවය පුවත්පත බවට පත් කිරීම හා ආරම්භකයා මෙන්ම ආරම්භක ප්‍රධාන කර්තෘවරයා ලෙසද කටයුතු කරන ලදි.
ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන පූර්ණ කාලීන සාමාජිකයකු වූ ඔහු 1971 කැරැල්ලේදී සිරගත කරන ලද අතර, පොඩි අතුල නමින් ජවිපෙ තුළ කටයුතු කළ කළේය.
පසු කාලිනව පක්ෂ දේශපාලනයෙන් ඉවත්ව කුඩා ව්‍යාපාරයකු ලෙස කටයුතු කළ වික්ටර් අයිවන් පසුව ජනමාධ්යවෙදියකු ලෙස විශාල ලෙස විප්ලයක් සිදුකළ අයෙකි. ඔහු සමාජයේ වඩාත් කතාබහට ලක්වූ "චෞර රැජින" ග්‍රන්ථයේ කතුවරයා වන අතර, එයට අමතරව දේශපාලනික ග්රන්ථ හා පර්යේෂණ ග්රන්ථ රැසක් ලියා පලකර ඇත.
පසුකාලීනව විවිධ දේශපාලන පක්ෂ කිහිපයක උපදේශයකු ලෙස කටයුතු කළ වික්ටර් අයිවන් අසනීප වීමෙන් පසුව සියලු කටයුතු වලින් ඉවත්විය.