ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ 70 වන සංවත්සර මහ සභා රැස්වීම 2025.01.25 වන දින පළාත් අනුරාධපුර, පණ්ඩුලගම, කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය පැවැත්විමට කටයුතු සංවිධානය කර ඇති අතර, මේ සඳහා දිවයින පුරා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහ පළාත් සෞඛ්‍ය ආයතන හා රෝහල්වල සේවය කරනු ලබන සංගමයේ 2000 කට අධීක නියෝජිතයින් පිරිසක් පැමිණීමට නියමිත බව එම සංගමයේ සභාපති ඩබ්ලිව්.ඒ.ඩී.විමලරත්න මහතාගේ අත්සනින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එහිදී,70 වසරක කාලය තුල රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අයිතින් ලබාදීම වෙනුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමේදි එහි නායකත්වය ගනිමින් ක්‍රියාකාරීව කටයුතු කර, දැනට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගෙන සිටින ක්‍රියාධරයන් පිරිසක් වෙනුවෙන් ශ්රමාභිමානි උපහාර පිදීමේ උත්සවයක්ද මෙම සංවත්සර මහ සභා රැස්වීමේදී සිදුකිරිමට නියමිතය.
ඔවුන්ට උපහාර තිළිණ ප්රදානය කිරිම සදහා විශේෂ ආරාධිතයින් ලෙස ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කථානායක ජගත් වික්‍රමරත්න, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වෙළද වාණිජ හා සමුපකාර සංවර්ධන කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරි මහත්ම මහත්මින් ඇතුළු ආරාධිතයින් පිරිසක් සහභාගී විමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.