නූතන ගෝලීය ශ්‍රම වෙළඳපොල, පුහුණු ශ්‍රී ලාංකිකයන්ගෙන් පිරවීම අපේ අරමුණයි - කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ

ලෝක ශ්‍රම වෙළඳපොළට ගැලපෙන පරිදි පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් නිර්මාණය කිරීම රජයේ අභිලාෂය බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ ඒ මගින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අති විශාල විදේශ විනිමයක් උපයා ගත හැකි බවයි.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ සෞදි අරාබියේ රියාද් අගනුවරදී අදින් අවසන් වන ගෝලිය ශ්‍රම වෙළඳපළ සමුළුව අතරතුර මෙරට මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී තවදුරටත් කරුණු පැහැදිළි කළ කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ සෞදි අරාබියේ රැකියා කාණ්ඩ 23ක් සඳහා විදෙස් ශ්‍රමිකයින් බඳවා ගන්න බවයි. කෙසේ වෙතත් ශ්‍ර ලංකාවෙන් ශ්‍රමිකයන් යොමුවන්නේ රැකියා කාණ්ඩ 6ක් සඳහා පමණක් බවද ඒ මහතා පෙන්වා දුන්නා.
"මාලිමා රජයේ "පොහොසත් රටක් ! ලස්සන ජීවිතයක් " යන තේමාවට අනුගත වෙමින් දුප්පත්කම තුරන් කරලීම සඳහා ලෝක ශ්‍රම වෙළඳපළ අපට හොඳ අවස්ථාවක් නිර්මාණය කරදී තිබෙනවා. අපේ රටේ සිටින පවුල් ලක්ෂ 64න් පවුල් ලක්ෂ 24ක් දුප්පත්භාවයේ සිටින්නෙ. එම දුප්පත් පවුල්වලින් ලෝක ශ්‍රම වෙළඳපළට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් නිර්මාණය කර ගත්තොත් ඒක මෙරට දුගීබව තුරන් කරන්න හොඳ පිටුවහලක් වේවි. ඒ හරහා ජාතික ආර්ථිකයද ශක්තිමත් කරගැනීමට අපට හැකියාව තිබෙනවා." ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.
සබැඳි පුවත්