බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ 2024 වාර්ෂික ස්ථාන මාරු නියෝග වලට එරෙහිව වෘත්තීය ලබන පෙබරවාරි (19) දින ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුව ඇති බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලීන්ද ජයතිස්ස මහතා වෙත ලිපියක් යවමින් දන්වා ඇත.
උක්ත කරුණ සබැඳිව ගරු බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා අමතමින් අප විසින් යොමු කරන ලද අංක JCPSM/Gen/2025 (06) දරණ 2025.02.04 දිනැති ලිපිය හා අංක JCPSM/Gen/2024 (52) දරණ 2024.12.27 දිනැති ලිපිය හා බැඳේ,
ඒ අනුව, මෙතෙක් නීත්‍යානූකූල ක්‍රමවේද හා සාකච්ඡා මාර්ගයෙන් ගැටළුව විසඳා ගැනීමට අප විසින් දැරූ උත්සහයට ගරු ආණ්ඩුකාරතුමාගේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ රජයේ පාර්ශ්වයෙන් ප්‍රතිචාර නොදැක්වීම හමුවේ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන අදියර දක්වා ගෙන යාමට සිදු වන බව ඉතා ඕනෑ කමින් පෙන්වා දෙමු.
ඒ අනූව වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙවන අදියර ලෙස පහත ක්‍රියාමාර්ග වලට එලඹීමට තීරණය කර ඇති බව දන්වා සිටිමු.
කූඨ උපක්‍රමයක් ලෙස 2025.02.14 වන සිකුරාදා දින රාජකාරියෙන් පසුව සේවාවෙන් නිදහස් කරමින් ස්ථාන මාරු නියෝග වලට අදාල ලිපි නිකුත් කිරීමේ වෑයමක් පවතින බව අප වෙත වාර්තා වන අතර එවන් කිසිඳු ලිපියක් භාර නොගැනීම හා ඊට අදාල ක්‍රමවේද අනුගමනය නොකිරීම.
2025.02.18 දින දක්වා සාකච්ඡා මාර්ගයෙන් ගැටළුව විසඳා ගැනීමට අපේක්ෂා කරන නමුත් තවදුරටත් ප්‍රතිචාර නොලැබේ නම් 2025.02.19 දින බස්නාහිර පළාතේ පරිපූරක වෛද්‍ය නිලධාරීන් සියළු සේවාවන්ගෙන් ඉවත් වීම.
නිසි ප්‍රතිචාර නොැබෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගය ඊළඟ පියවර දක්වා ගෙන යාමට අදාල කටයුතු සිදු කිරීම.
එබැවින් මෙම සමස්ථ ක්‍රියාදාමය පිළිබඳව ඔබගේ කාරුණික අවධානය යොමු කරන අතරම තිරසාර විසඳුම් ලබා ගැනීම සඳහා කඩිනම් සාකච්ඡාමය අවස්ථාවක් අපේක්ෂා කරන බවත් කාරුණිකව පෙන්වා දෙමු.