වතු සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසේයි

ceylon-estates-staffs-union

ලංකා වතු සේවා සංගමයේ 2025 - 2028 සාමූහික ගිවිසුම සඳහා සාධාරණ වැටුප් වැඩි කිරීමේ යෝජනාවට ලංකා සේව්‍ය සම්මේලනය විසින් පිළිගත නොහැකි වැටුප් යෝජනාවක් ඉදිරිපත්කිරීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සූදානම් එම සංගමයේ මහා මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව යෝජනා වී ඇත.

එහිදි 2025 - 2028 සාමූහික ගිවිසුම පිළීබඳ දීර්ඝ සමාලෝචනයක් සිදු කිරීමෙන් අනතුරුව ලංකා සේව්‍ය සම්මේලනය විසින් ඉදිරිපත් කරන ලද 30% වැටුප් වැඩිකිරීමට 15%, 8%, 7%ක් වශයෙන් වාර්ෂිකව වසර තුනක් සඳහා කොටස් ලබාදීමට කර තිබූ යෝජනාව මෙහිදී ප්‍රතික්ෂේප වූ අතර, 30% වැටු වැඩිවීම සාධාරණ කොටස් ලෙස ලබාගැනීමත්, වාර්ෂික වැටුප් වැඩිවීමක් හා ගෙවල් කුලී දීමනාවේ වැඩිවීමක් ද ඇතුළත් කිරීමට මහා මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

වතු සමාගම් සාධාරණ විසඳුමකට නොඑන්නේනම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට මහාමණ්ඩලය තීරණය කළ බව ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් “වැඩබිම“ සමග පවසා සිටියේය.