සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. ඒ හෙට (30) පැවැත්වෙන ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමේදීයි.
මෙම රැස්වීම කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නාරාහෙන්පිට , කම්කරු මහලේකම් කායාලයේදී පස්වරු 03.00 සිට පස්වරු 04.30 දක්වා පැවැත්වීමට නියමිතයි.
එහිදී සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් හට ප්‍රතිලාභ පහසුවෙන් ලබා ගැනීම, අධිභාර අය කර ගැනීමේ යාන්ත්‍රණයේ ගැටළු මෙන්ම ශ්‍රමික කාන්තාවන් හට සමාන හිමිකම් ලබා දීම සඳහා සේවක අර්ථසාධක අරමුදල් පනතට අදාළ සංශෝධන පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙනු ඇති.
විෂයභාර අමාත්‍යවරුන් දෙදෙනා සමග ලංකා හාම්පුතුන්ගේ සංගමය සහ වෘත්තීය සමිති නායකයන් මීට සහභාගි වීමට නියමිතව ඇත.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ජාතික කම්කරු උපදේශක සභාව රැස්වන 06 වැනි අවස්ථාව මෙයයි.
පසුගිය පාලන සමයේ වසර කීපයක් මෙම සභාව කැඳවීමට පියවර ගෙන නොතිබුණි.

 
	