රජයේ පාසල්වල පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු කරන සංවර්ධන නිලධාරීන් බත්තරමුල්ල ඉසුරුපාය හි පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂණය අතරතුරදී පොලීසිය විසින් එම උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට කටයුතු කළ අවස්ථාවේදී ඇතිවූ කලබලකාරී තත්ත්වය හමුවේ සංවර්ධන නිලධාරින් හතර දෙනකු අත්අඩංගුවට ගන්නා ලදි.
පසුව ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව දෙසැම්බර් 10 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග නිකුත් කර ඇත.
පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකරන සංවර්ධන නිලධාරීන් රජයේ පාසල් වෙත තමන් ගුරුවරුන් ලෙ අනුයුක්ත කරන හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින මෙම උද්ඝෝෂණය පවත්වා ඇ.
මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසා සිටියේ මෙම රජයත් රනිල්-රාජපක්ෂ ගිය පාරේම කටයුතු නොකළ යුතු බවයි.
කෙසේ වෙතත් මෙම විරෝධතාකරුවන් හා පොලිසීය අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය තුලදී පොලිස් නිලධාරින් කිහිපදෙනකුට තුවාල සිදුවූ බව තලංගම පොලීසය පවසා සිටියා.