ඖෂධ වේදි සංගමයේ සභාපතිවරයාට ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා පරුෂ වචනයෙන් බැණ වැදී, ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා විසින්, ඖෂධවේදි සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා අනිවාර්ය නිවාඩු යවා ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ එකාබද්ධ බලමණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර, මේ පිළිබඳව වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය ඇමතිවරයාගෙන් වැඩිදුරටත් ඔවුන් ඉල්ලා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රටේ බරපතල ඖෂධ හිඟයක් පවතින බව තමන් පිළි ගන්නා බවත්, ඊට ප්‍රධාන හේතුව ඖෂධ නියාමන අධිකාරියේ අකාර්යක්ෂමතාවය බවත්, සෞඛ්‍ය අමාත්‍යය නලින්ද ජයතිස්ස මහතා (03) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත. ඊට පිළියමක් ලෙස ඖෂධ නියාමනා අධිකාරිය සුද්ද කිරීමේ වැඩසටහන තමන් විසින් ආරම්භ කර ඇති බවද ඔහු විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ඒ අතරතුර ඖෂධ නියාමන අධිකාරියේ රහස් තොරතුරු පිටස්තර පුද්ගලයන් වෙත ලබා ලබාදෙන බවට සැක කරමින් ඖෂධවේදින්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතාව (02) දිනයේ සිට අනිවාර්ය නිවාඩු යැවීමට ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා විසින් කටයුතු කර තිබේ. ඊට අමතරව ඖෂධවේදින්ගේ සංගමයේ සභාපතිවරයාගේ පෞද්ගලික ජංගම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂයෙන්ම ඉමියුලෝ ග්ලොබීයුලීන් නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම පිළිබඳව සැක කරමින් එම දුරකථනය පරීක්ෂාවට ලක් කරන බව වාර්තා වෙනවා.
ඖෂධ නියාමන අධිකාරියේ පවතින දූෂිත තත්වයන් පිළිබඳව හෙලිදරව් කිරීම හරහා එම වංචාවන් හෙලිදරව් කර ගත් බව අමතක කරමින්, ඖෂධ නියාමන අධිකාරිය සුද්ද කිරීමේ කාර්යය එහි රහස් තොරතුරු ආරක්ෂා කිරීමෙන් සිදු කරණු ලබන්නේ කෙසේද යන්න පිළිබඳව මහ ජනතාවට පැහැදිලි කිරීමක් සිදු කරන ලෙස අපි සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා.