රජය නිරෝධායන ඇඳිරිනීතිය ප්රකිශයට පත්කිරීමත් සමඟ එම ප්රදේශවල පවතින ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලාවන් හි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම අපේක්ෂා කරයි. ආයෝජන කලාප වලින් බැහැරව ඇති ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර්මාන්තශාලා ද මේ අනුවම ක්රියාත්ම වීම අපේක්ෂා කෙරේ.

