අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාත පුරා ම නිරෝධායන ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ හේතුවෙන් බස්නාහිර පළාතේ ඇඳිරි නීති නැති ප්‍රදේශවල ජනයා පවා ආහාර, බෙහෙත් ආදිය එක්රැස් කිරීම සඳහා වෙළඳසැල් ඉදිරිපිට පොදිකනු දැකිය හැකි විය. එය කොරෝනා වයිරසයේ පැතිරීමට හිතකර තත්වයකි.

