දේශගුණික විපර්යාසවලට ප්ලාස්ටික් කරන බිහිසුණු බලපෑම කුමක්ද ?

දේශගුණික විපර්යාසවලට ප්ලාස්ටික් කරන බිහිසුණු බලපෑම කුමක්ද ?

අද (22) දිනට යෙදී ඇති ලෝක මිහිකත දිනය (World Earth Day) වෙනුවෙනි

ප්ලාස්ටික් නිෂ්පාදන විමෝචනය පෘථිවියේ කාබන් අයවැයෙන් පහෙන් එකක් දක්වා තුන් ගුණයකින් වැඩි විය හැකිය

ශතවර්ෂයේ මැද භාගය වන විට, ප්ලාස්ටික් කර්මාන්තයෙන් සිදුවන දූෂණය දේශගුණික අර්බුදය පාලනය කිරීමට ‘ලෝකයේ උත්සාහය අඩපණ කළ හැකිය’

මෙම ශතවර්ෂයේ මැද භාගය වන විට පෘථිවියේ ඉතිරිව ඇති කාබන් අයවැයෙන් පහෙන් එකක් සඳහා ප්ලාස්ටික් නිෂ්පාදනයෙන් සිදුවන ගෝලීය විමෝචනය දායක විය හැකි බව නවතම විශ්ලේෂණයක් මගින් සොයා ගෙන ඇත. එම විශ්ලේෂණයට අනුව මෙම ශතවර්ෂයේ මැද භාගය වන විට ප්ලාස්ටික් නිෂ්පාදනයෙන් සිදුවන ගෝලීය විමෝචනය තුන් ගුණයකින් වැඩි විය හැකි සොයාගෙන ඇත.

පසුගිය දා (17) ප්‍රකාශයට පත් කරන ලද ලෝරන්ස් බර්ක්ලි ජාතික රසායනාගාරයේ / Lawrence Berkeley National Laboratory විශ්මය ජනක නව ඇස්තමේන්තු වලට අනුව ප්ලාස්ටික් කර්මාන්තය “දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීමට ලෝකයේ දරන ප්‍රයත්නවලට වළ කපන බවට තවත් සාක්ෂි සපයයන බව “ Bloomberg Philanthropies’ Beyond Petrochemicals ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ Heather McTeer Toney පැවසීය.

පොසිල ඉන්ධන වලින් සාදන ලද ප්ලාස්ටික් නිෂ්පාදනය හරිතාගාර වායු විමෝචනය කිරීමට තීව්‍ර ලෙස දායක වේ. ගල් අඟුරු, තෙල් හෝ ගෑස් ප්‍රථමයෙන් කැණීම හෝ නිස්සාරණය කළ යුතු අතර, පසුව එම ද්‍රව්‍ය පිරිපහදු කර වෙනත් විමෝචන-අධි ක්‍රියා පටිපාටියකින් සකස් කළ යුතුය. සමහර අවස්ථාවල දී, ෆෝමල්ඩිහයිඩ් / formaldehyde වැනි වෙනත් රසායනික සංයෝග ද නිපදවිය යුතු අතර එමගින්  වැඩි දූෂණයක් ඇති කරයි.

පෙට්‍රෝ රසායනික ද්‍රව්‍ය එතිලීන් වැනි ප්ලාස්ටික් කොටස්වලට මිශ්‍ර කරනු ලැබේ. විශාලතම විමෝචනයක් සහිත ප්ලාස්ටික් නිෂ්පාදන අංගය එයයි. අතිරේක විමෝචනය බහුඅවයවීකරණය කිරීමේ ක්‍රියාවලියෙන් පැමිණේ.

ප්ලාස්ටික් නිෂ්පාදනය හා සම්බන්ධ සම්පූර්ණ විමෝචනය ඇස්තමේන්තු කිරීම සඳහා, කතුවරුන් ප්ලාස්ටික් ඇසුරුම්, ජල බෝතල්, උණුසුම් බීම බහාලුම් සහ අනෙකුත් ද්‍රව්‍ය සෑදීමට භාවිතා කරන වඩාත් සුලභ ප්ලාස්ටික් වර්ග නවයක හරිතාගාර වායු බලපෑම පරීක්ෂා කළහ.

ප්ලාස්ටික් නිර්මාණය 2019 දී ග්‍රහලෝක උණුසුම් කිරීමේ දූෂණයෙන් ගිගා ටොන් 2.24ක් හෝ ගල් අඟුරු බලාගාර 600ක් තරම් ජනනය කළේය. එම වසරේ එය ගෝලීය කාබන් විමෝචනයෙන් 5%ක්, ලෝකයේ තෙල් ඉල්ලුමෙන් 12% ක් සහ ගෑස් ඉල්ලුමෙන් 8.5% ක් වූ බව වාර්තාව සොයා ගත්තේය.

2050 වන විට නිෂ්පාදනය දෙගුණයකින් හෝ තුන් ගුණයකින් වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන ප්ලාස්ටික් කර්මාන්තය ඝාතීය වර්ධන මාවතක ගමන් කරන නිසා එම සංඛ්‍යාව නාටකාකාර ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව වාර්තාව පවසයි.

සෑම වසරකම නිෂ්පාදනය 4%කින් වැඩි වුවහොත් (සියවසකින් කාර්තුවක් ඇතුළත දෙගුණයක් වුවහොත්) ග්‍රහලෝක උණුසුම් විමෝචනය 2050 වන විට ගිගා ටොන් 6.78 දක්වා ඉහළ යා හැකිය. එය ගල් අඟුරු බලාගාර 1,700 කට වැඩි විමෝචනයට සමාන වේ.

ගෝලීය දේශගුණ සැලසුම්වල ප්‍රධාන අවධානයක් වන විදුලිබල පද්ධතිය සම්පූර්ණයෙන් නිර්කාබන්ඩයොක්සයිඩ්කරණය කිරීම මගින් මෙම දේශගුණික බලපෑම සීමා කළ හැකි වුවද, තවමත් ලෝකය අනතුරුදායක මාවතක ගමන් කරනු ඇත. ප්ලාස්ටික් සෑදීමේදී භාවිතා කරන ෆොසිල ඉන්ධන වලින් 70% ක් පමණ පැමිණෙන්නේ නිෂ්පාදනයේදී භාවිතා කරන අමුද්‍රව්‍ය වලින් බව (සැකසීමේදී භාවිතා කරන විදුලියෙන් නොවේ) කතුවරුන් ලියයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2050 වන විට ලෝකය සම්පුර්ණයෙන්ම කාබන් රහිත විදුලිය ලබා ගත්තද, ප්ලාස්ටික් නිෂ්පාදනය 2050 දී 4% වාර්ෂික වර්ධන තත්වයක් යටතේ ගිගා ටොන් 5.13 ක දූෂණයක් නිපදවනු ඇත.

මෙම පුපුරන සුළු වර්ධනය වැළැක්වීම මෙම බලපෑම කපා හැරිය හැකි නමුත් නිෂ්පාදනය ස්ථාවරව පැවතුනද, 2050 වන විට ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ක් ලෙස තබා ගැනීම සඳහා ඉතිරි ගෝලීය කාබන් අයවැයෙන් 15 සිට 19% දක්වා ප්‍රමාණයකට දායක වනු ඇතැයි වාර්තාවේ. සම්පූර්ණයෙන්ම decarbonized grid සමඟ වුවද, එම ප්‍රතිශතය තවමත් 16% දක්වා විය හැකිය.

ලබන සතියේ කැනඩාවේ ඔටාවා හි ආරම්භ වීමට නියමිත ගෝලීය ප්ලාස්ටික් ගිවිසුමක් සඳහා වන 4 වන අන්තර් රාජ්‍ය සාකච්ඡා කමිටුව (4th Intergovernmental Negotiating Committee – INC4) රැස්වීමට පෙර වාර්තාව නිකුත් කරන ලදී.

වාර්තාව සමාලෝචනය කළ පාරිසරික යුක්ති සමූහයේ Global Alliance for Incinerator Alternatives හි විද්‍යා හා ප්‍රතිපත්ති අධ්‍යක්ෂ නීල් ටැන්ග්‍රි පැවසුවේ ප්ලාස්ටික් නිෂ්පාදනය “අපගේ දේශගුණයට විනාශකාරී බෝලයක්” බව සොයාගැනීම් මගින් පැහැදිලි වන බවත් එය ඉදිරියේදී බලපානු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්ය.

“ප්ලාස්ටික් නිෂ්පාදනයේ ව්‍යාප්තිය නැවැත්වීමේ සහ ආපසු හැරවීමේ අවශ්‍යතාවය පිළිබඳව මේ දක්වා ප්‍රබලතම විද්‍යාත්මක සාක්ෂි මෙම වාර්තාව සාකච්ඡාකරුවන්ට සපයයි,” ඔහු පැවසීය.

කෙටි ඉදිරි විශ්ලේෂණයකදී, ටැන්ග්‍රිගේ සංවිධානය සොයාගත්තේ, ඇස්තමේන්තුවලින් පෙනී යන්නේ ප්ලාස්ටික් නිෂ්පාදනය සියවස අවසන් වීමට පෙර ලෝකයේ කාබන් අයවැය සම්පූර්ණයෙන්ම පරිභෝජනය කළ හැකි බවයි. නමුත් ඔවුන් යෝජනා කරන්නේ ප්ලාස්ටික් නිෂ්පාදනය මැඩපැවැත්වීමෙන් විශාල දේශගුණික ප්‍රතිලාභ ලබා ගත හැකි බවයි.

“මෙම ගිවිසුම මගින් සමාගම්වලට ප්ලාස්ටික් නිෂ්පාදනය සැලකිය යුතු ලෙස කපා හැරීමට බල කරන්නේ නම් (අපගේ ගණනය කිරීම් අනුව වසරකට අවම වශයෙන් 12% කින්) අපට තවමත් ලෝකයේ අංශක 1.5 ඉලක්කය සජීවීව තබා ගත හැකි අතර ප්ලාස්ටික් වල දේශගුණික බලපෑම් වළක්වා ගත හැකියි” ඔහු පැවසීය.

ප්ලාස්ටික් නිෂ්පාදනය මැඩපැවැත්වීම මහජන සෞඛ්‍යය ඇතුළුව වෙනත් ධනාත්මක බලපෑම් ඇති කළ හැකි බව කතුවරුන් ලියා ඇත.

“ප්ලාස්ටික් තැනීමේ ඒකකය වන පෙට්‍රෝ රසායනික ද්‍රව්‍ය දැනටමත් පිළිකා ඇති කරන පරිසර දූෂණයෙන් අසල්වැසි නිෂ්පාදන පහසුකම් ඇති ප්‍රජාවන්ට විෂ කරයි. මෙම කර්මාන්තයේ අසීමිත කාබන් විමෝචනයේ ප්‍රතිවිපාක පෘථිවියේ සෑම කෙනෙකුටම ළඟා වනු ඇත.” යනුවෙන් ටෝනි ඊමේල් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

ප්ලාස්ටික් දාහකයක් තුළ පුළුස්සා දැමීමෙන් හෝ ගොඩබෑමකට යවන්නේ නම්, එහි ජීවිතයේ අවසානයේ දී විෂ සහිත සහ ග්‍රහලෝක රත් කරන විමෝචනය ද ජනනය කරයි. මෙම විශාල දේශගුණික සංඛ්‍යාව තිබියදීත් 2015 පැරිස් දේශගුණ ගිවිසුමෙන් පසු වැදගත්ම පාරිසරික ගනුදෙනුව ලෙස විස්තර කර ඇති ගිවිසුම යටතේ ප්ලාස්ටික් දූෂණය කප්පාදු කිරීමේ වර්තමාන යෝජනා , “දේශගුණික බලපෑම් පිළිබඳ පැහැදිලි සලකා බැලීමක් තවමත් ඇතුළත් නොකරන බව” කතුවරු ලිවීය.

https://www.theguardian.com/us-news/2024/apr/18/plastic-production-emission-climate-crisis