පසුගිය අවුරුද්දේ ජුනි 21 වන දින ජිනීවාහිදී, ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ 108වන සැසියේදී, වැඩ ලෝකයේ ප්රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම වෙනුවෙන් ILO C190 සම්මුතිය සම්මත කරගනු ලැබිණි. සාමාජික රාජ්‍යයක් ලෙස එහි වගකීම ශ්‍රී ලංකාවට ද හිමි වන නමුත් සේවා ස්ථානවල ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වයේ වර්ධනය තවමත් ඉහළ යමින් තිඛෙන බව පෙනෙන්නට දකින්නට තිබේ. ජාත්‍යන්තර ජනමාධ්‍ය සංසදය විසින් ශ්‍රී ලාංකීය ජනමාධ්‍යවේදිනියන් හතළිස් පස් දෙනෙකු යොදා ගනිමින් සිදු කරන ලද සමීක්ෂණයකින් ශ්‍රී ලාංකික මාධ්‍යවේදිනියන්ගෙන් සියයට තිහක් පමණ මාධ්‍ය ආයතන තුළදීම ලිංගික හිරිහැරයන්ට ගොදුරු වන බව ජාත්‍යන්තර ජනමාධ්‍ය සංසදය (IFJ) පවසන බව බීබීසි වෙබ් අඩවිය වාර්තා කරයි. මේ වැඩපලෙහි සිදුවන ලිංගික හිංසනයන් සදහා වන එක් උදාහරණයක් පම‚. කාන්තාවන්ට තමන්ගේ නිවසේදී, මහමගදී මෙන්ම සේවා ස්ථානයේද විවිධ ප්‍රමාණ වලින් හිංසනයන්ට ළක් වීමට සිදු වී තිඛෙන අතර සේවා ස්ථානයේදී කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසනය එතරම් කතා බහට ලක් නොවන තත්ත්වයකට පත් වී තිබේ. විශේෂයෙන්ම තම රැකියාවේ සුරක්ෂිතභාවය, ආර්ථීක අපහසුකම් සහ සමාජ අපවාදයට ලක් වීමට ඇති බිය නිසා බොහෝ කාන්තාවන් මේවා දරාගෙනම දැඩි පීඩනයෙන් යුතුව රැකියා කටයුතු වල නියැලෙන අතර මෙසේ සිදුවන්නේ රැකියා ස්ථාන වල සිදුවන ලිංගික හිංසනයන්ට විරුද්ධව කටයුතු කිරීමේ යාන්ත්‍රණය බොහෝ විට නිශ්චිත සහ පැහැදිලි නොවන නිසාය. ආයතනික වශයෙන් එවැනි අපැහැදිලි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වුවද රටේ පවතින පොදු නීතිය යටතේ මෙවැනි අවස්ථාවකදී කාන්තාවකට අවශ්‍ය නෛතික රැකවරණය ලබා ගත හැකි බව අමතක නොකළ යුත්තකි.
සිදු වන්නේ කෙසේද? වැඩපලෙහි සිදුවන ලිංගික හිංසනය ප්‍රධාන ආකාර දෙකකින් ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පෙන්වා දෙයි. එක් ආකාරයක් වන්නේ zආයතනයේ යම් බලතලයක් දරන නිළධාරියෙකු විසින් තමන් යටතේ සේවය කරන සේවිකාවකට සේවා නියුක්තියට සම්බන්ධ නියමයන් හෝ කොන්දේසි සහ සේවා ස්ථානයේ අනාගත අපේක්ෂා සහ ප්රතිලාභ වෙනුවෙන් ලිංගික සැලකිලි සහ සැපයීම් ඉල්ලා සිටීමයි. උසස්වීම් ලබාදීමට, සේවාස්ථානයේ රදවා ගැනීමට, සේවා ස්ථානයේ මාරු කිරීම් ලබා දීමට, සේවා ඇගයීම් හෝ ප්‍රසාද දීමනා ලබා දීමට බොහෝ විට ඉහළ නිළධාරීන් විසින් කාන්තා සේවිකාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටිනු ලබයි. සේවය කරන ස්ථානයේ පිරිමින් විසින් කාන්තා සේවිකාවන් විෂයෙහි එල්ල කරනු ලබන ඉගිබිගි, කතා, අයුතු ලෙස සිදු කරන කායික ප්‍රවේශ සහ ලිංගික වශයෙන් වෙනස්කොට සැලකීම් මෙන්ම එමගින් සේවය කිරීමට අපහසු අපහාසාත්මක පරිසරයක් ඇති කිරීම ලිංගික හිංසනයක් සිදුවන අනෙක් ප්‍රධාන ආකාරයයි. මෙහිදී ලිංගික ආරාධනාව සහ අතවරය අතර වෙනස වටහා ගත යුතු වන අතර එය තීරණය වන්නේ අදාළ යෝජනාව ලබන්නා ඒ මත දක්වන ප්‍රතික්‍රියාව මතයි. ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ වාර්තා වලට අනුව පහත දැක්වෙන ආකාර වලින් කාන්තාවක් තමන්ගේ සේවා ස්ථාන වලදී ලිංගික හිංසනයට ලක් විය හැකිය.
කායිකව සිදුකරන ලිංගික හිංසනය
අනවශ්‍ය පරිදි සමීප වී සිටගෙන සිටීම ස්පර්ශ කිරීම, අතින් තට්ටු කිරීම, අතගෑම, සිර කිරීම, මිරිකීම හෝ වැළද ගැනීම ලිංගික අවයව ස්පර්ශ වන ලෙස හැසිරීම ලිංගික අඩන්තේට්ටම් සිදු කිරීම.
වාචික ලිංගික හිංසනය
ලිංගිකත්වය පිළිබද වර්ණනා කිරීම හෝ ඒ සම්බන්ධයෙන් වක්‍රව අදහස් පළ කිරීම. තවත් කෙනෙක්ගේ ලිංගිකත්වයට අපහාස කිරීම. පුද්ගලයෙකුගේ කායික පෙනුම, වයස, පෞද්ගලික ජීවිතය, තනිකඩ හෝ විවාහ දිවියේ තත්ත්වය, මාතෘ භාවය හෝ මාතෘ භාවයට පත් නොවීම ගැන අදහස් පළ කිරීම ලිංගිකත්වය මුල් කොටගත් විහිලූ කතන්දර ගෙනහැර දැක්වීම, ලිංගික ආශාවන් පිළිබදව කරුණු විමසීම. වැඩවලට අදාළ සාකච්ඡා ලිංගිකත්වය මුල්කොට ගත් මාතෘකා වලට හැරවීම. උරුවම් බෑම හෝ ලිංගිකව කාමුක ශබ්ද ඇති කිරීම. අසභ්‍ය සහ ප්‍රහාරාත්මක භාෂාවන් භාවිතය. නිර්ණාමික දුරකථන ප‚වුඩ ලබාදීම. විටින් විට අයුතු සාද සදහා ආරාධනා කිරීම. ඕපාදූප කීම, කේලාම් කීම හෝ කටකතා පැතිරවීම.
අභිනයෙන් සිදු කරන ලිංගික හිංසනය
රැවීම, කාමුකව ඇස් කොන් බලා විරිත්තීම, කතා කරන දේ නිරීක්ෂණය කිරීම, ඉගි මැරීම හෝ බලා සිටීම පිඹීම, දිව දික් කිරීම හෝ තොල් ලෙවකෑම අත්/ඇගිලි යොදා ගනිමින් ලිංගික අදහස් පළ කිරීම ලිංගික කාමුක ක්‍රියා අභිනයෙන් දැක්වීම
දෘශ්‍ය ලිංගික හිංසනය
අනිසි ඊමේල් ප‚විඩ, කෙටි ප‚විඩ යැවීම හෝ ලිංගික කරුණු ඉස්මතු වන විහිළු සහගත දේ තැපෑලෙන් යැවීම නිර්ණාමික ලිපි, ඊමේල්, ට්විටර්ස්, සමාජ මාධ්‍ය හරහා ප‚විඩ හෝ කෙටි ප‚විඩ යැවීම ලිංගික හැගීම් උපද්දන කුරුටු ගී ලිවීම ලිංගිකත්වය ගෙනහැර දක්වන පින්තූර, ඡායාරූප, පෝස්ටර්, දින දර්ශන සහ ඩෙස්ක්ටොප් බිත්ති, පත්‍රිකා හෝ අසභ්‍ය වෙබ් අඩවි ප්‍රදර්ශනය කරමින් තිබීම. තවත් පුද්ගලයෙකුගේ අනුකරණ, පිංතූර වීඩියෝ පට ඔවුන්ගේ අනුදැනුම හෝ කැමැත්ත නොමැතිව ලබාගෙන අන්තර්ජාලයට මුදා හැරීම
“ලිංගික අතවරය“ යනු ලංකාවේ දණ්ඩනීති සංග්‍රහය යටතේ අපරාධ වරදකි. එමෙන්ම සෑම පුද්ගලයෙකුටම ගරුත්වයකින් යුතුව රැකියාවක නිරත වීම අයිතියක් තිබේ. සේවා ස්ථානය තුළදී එකිනෙකාට ගරු කරමින් ආචාරශීලීව හැසිරීම මගින් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සේවකයින්ගෙන් ආයතනයට ලැඛෙනු ඇත. එබැවින් ආයතනයක ඉහළ නිළධාරීන්ට සෑම විටම තමා යටතේ සේවය කරන්නන් හට සාමකාමී සුරක්ෂිත වැඩ පරිසරයක් ඇති කිරීමට යුතුකමක් සහ වගකීමක් තිඛෙන්නේය. එමෙන්ම තම සේවා ස්ථානයේ යම් කාන්තාවක් කායිකව, වාචිකව හෝ මානසිකව ලිංගික හිංසනයකට මුහුණ දෙන්නේ නම් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙන් අදාළ ආයතනයට තම සේවකයන්ගෙන් මිතුරු වැඩපරිසරයක් තුළ ඵලදායී සේවයක් ලබා ගැනීමට හැකි වනු ඇත.
කළ යුත්තේ කුමක්ද? නමුත් ප්‍රායෝගිකව මෙවැනි සිදුවීමකදී මතුවන ගැටලූ ව වන්නේ මෙවැනි අත්දැකීමකට මුහුණ දුන් කාන්තාවක් මේ සම්බන්ධයෙන් පැමි‚ල්ලක් සිදු කිරීමෙන් පසු වගකිවයුතු පුද්ගලයාට එරෙහිව ආයතනය විසින් නිසි ක්‍රියාමාර්ගයක් නොගත් විට අදාළ කාන්තාවට තවදුරටත් එම ආයතනයේ සේවය කිරීමට නොහැකි තරමේ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වීමයි. නමුත් තවදුරටත් සේවා ස්ථානයේ සිදුවන ලිංගික හිංසනය කාන්තාවන් විසින් දරාගත යුතු නොවන අතර ලිංගික හිංසනය නොසලකා හැරීම කිසිදු විටෙක නොකළ යුත්තකි. ඔබේ සේවා ස්ථානයේ කාන්තාවකට ඉහත සදහන් කළ ඕනෑම ආකාරයකින් ලිංගික හිංසනයක් සිදුවනු දුටුවහොත් වින්දිතයා එය පැමි‚ලි නොකළද ඔබ ඊට එරෙහිව කතා කරන්නට වග බලාගන්න. ලිංගික හිංසනයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සදහා වන මණ්ඩලයක් ආයතනය තුළට අවැසි බවට යෝජනා කරන්න. තමන්ගේ ළගම ඉහළ නිළධාරීන්ට, අධීක්ෂණ නිළධාරීන්ට ලිංගික හිංසනයක් සිදු වූ වහාම පැමි‚ලි කරන්න, ආයතනයෙන් මේ සඳහා නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් රටේ පවතින නීතියට අනුව තමාට එරෙහි හිංසනයට එරෙහිව නෛතික සුරක්ෂිතතාවය ලබා ගැනීමට ඕනෑම කාන්තාවකට අයිතියක් බැවින් නීතිඥ උපදෙස් ලබා ගනිමින් ඒ සඳහා යොමු වීමට කටයුතු කරන්න.
නෛතික ප්‍රතිකර්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(2) ව්‍යවස්ථාව මගින් —කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතුම මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොවිය යුත්තේය,˜
ලෙස සඳහන්ව තිඛෙන අතර දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය අනුව ලිංගික අතවරය වසර 5 ක් දක්වා බරපතල වැඩ ඇතිව සිර ද~ුවම් පැනවිය හැකි වරදකි. එමෙන්ම රාජ්‍ය අල්ලස් පනත යටතේ ලිංගික අල්ලස් ඉල්ලා සිටින රාජ්‍ය සේවකයින්ට වසර හතකට නොවැඩි බරපතල වැඩි ඇති සිරද~ුවම් ලබා දිය හැකිය. 1998 අංක 20 දරණ අධ්‍යාපනික ආයතන තුළ නවක වධය සහ අනෙකුත් ආකාරයේ ප්රචණ්ඩත්වය තහනම් කිරීමේ පනත යටතේ, යම් පුද්ගලයකු අධ්‍යාපනික ආයතනයක සිසුවකු හෝ කාර්ය මණ්ඩල සාමාජිකයකු නවක වධයට ලක්කරන අතර ලිංගික හිංසනය සිදුකළහොත් ඔහුට හෝ ඇයට වසර 10ක අවමයකට යටත් සිරදඞුවමක් ලබා දෙන අතර අධිකරණය මඟින් තීරණය කරණු ලබන වන්දියක් ද ගෙවීමට නියෝග කළ හැකිය. 1979 වසරේදී රාජ්‍යපාර්ශවයන් 130කගේ ඡන්දයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් කාන්තාවන්ට එරෙහිව පවත්නා සියලූ ම ආකාරයේ වෙන් කොට සැළකීම් ඉවත් කිරීමේ ප්රඥප්තිය හෙවත් CEDAW (Convention on the Elimination of All Forms of Discrimination against Women)
සම්මුතිය හරහා රැකියා තුළ සියලූ ආකාර වෙනස්කම් තහනම් කරන අතර සෞඛ්‍යාරක්ෂාවට සහ සේවා තත්වයන්ගේ ආරක්ෂාවට ඇති හිමිකම සහතික කර තිබේ. ව්‍යවස්ථා 30කින් සමන්විත වන මෙම CEDAW සම්මුතිය පිලිගෙන අත්සන් කළ සාමාජික රාජ්‍යයක් වන ලංකාව එකී සම්මුතියෙහි සඳහන් කාන්තාවන්ගේ සමානාත්මතාවය පිළිබඳ අයිතීන්, වෛවාහක අයිතීන්, ආර්ථීක අයිතීන්, සාමාජීය සහ සංස්කෘතිකමය අයිතීන් රැක ගැනීමේ වගකීමෙන් බැදී සිටී. මේ සියලූ සදාචාරයන්, නීති තත්ත්වයන් හමුවේ ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් රැක ගැනීමට උත්සාහ කර තිඛෙන්නේ අභිමානයකින් යුතුව වැඩ කිරීමට ඇති මානව අයිතිවාසිකමයි. එකී අයිතිය සුරක්ෂිත කර දෙමින් කාන්තාවන්ට අභිමානයෙන් යුතුව ජීවත්වීම උදෙසා ලිංගික හිංසනයක් දුටු වහාම එයට එරෙහි වන්නට - ක්‍රියාත්මක වන්නට කිසිවිටෙක පසුබට නොවන ලෙසට “ඇයට මිතුරු වැඩබිමක් තැනීම“ වෙනුවෙන් අපි ඔබට යෝජනා කරන්නෙමු.
රුවිනි අයේෂා - බියගම