විධායකයේ කොටසක් වන රාජ්‍ය සේවය රටට බරක් බැව් පසුගියදා අපට අසන්නට ලැබුණි. කළමනාකරණ සේවා නිලධාරීන් ලෙස අපද මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු අතර, අතීතයේ පැවැති ලිපිකරු සේවය රාජ්‍ය සේවය තුළ ප්‍රබල භූමිකාවක් නිරූපණය කරන ලදී. වර්තමානයේ ප්‍රතිස්ථාපිත කළමනාකරණ නිලධාරී සේවය එකී ස්ථානය සමග වෙනමම සසඳා බැලිම කළ යුතු වුවද, අදටද එදාට නොදෙවෙනි මෙහෙවරක් මෙම සේවය තුළින් රටට ඉටුවන බවට තර්කයක් නොමැත.
කෙසේද වුව රාජ්‍ය සේවය රටට බරක් නම් එය අහෝසි කළ යුතුවේ. එසේ කළ හැකිද? අන් අතින් රාජ්‍ය සේවය අහෝසි කිරීමෙන් එම කාර්යය සඳහා විකල්ප ආයතනය කුමක්ද? මේ සමගම සිතිය යුතු අන් කාරණය රාජ්‍ය සේවය රටට බරක් වන්නේ වර්තමාන රටේ පවත්නා මූල්‍ය අර්බුදය නිසාවෙන්ද? එබදු අර්බුදයක් නොවූයේ නම් රාජ්‍ය සේවය රටට බරක්ද? මූල්‍ය අර්බුදය හමුවේ රාජ්‍ය සේවය රටට බරක් බවට පත් කළේ කවුද? මූල්‍ය අර්බුදය නිර්මාණය කළේ කවුද? රාජ්‍ය සේවකයාද?
රාජ්‍ය ප්‍රතිපත්තිය, රාජ්‍ය අරමුණු ක්‍රියාත්මක කිරිම පිණිස, රාජ්‍ය සුබසාධනය පිණිස රාජ්‍ය සේවය ස්ථාපනය කරනු ලබන අතර, එමගින් ජනතාව වෙත සම්පේ‍්‍රශනය වන ප්රතිලාභ ජනතා සේවය තුළ රාජ්‍ය සේවකයාට පැවරෙන්නේ සුළුපටු කාර්යභාරයක් නොවේ. මෙතරම් වැදගත් කාර්යභාරයක් ඉටු කරන රාජ්‍ය සේවකයින්ගෙන් සැදුම් ලත් රාජ්‍ය සේවය රටට බරක් වූයේ කෙසේද?
රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී අවශ්‍යතාව, ධාරිතාව, මූල්‍ය ප්‍රතිපාදන, ඵලදායිතාව, ක්‍රමවේදය වැනි ලක්ෂණ රැසක් පිළිබදව අවධානය යොමු කළ යුතු බව සුපැහැදිළි කරුණකි. මෑත කාලීන බඳවාගැනීම් සැලකිල්ලට ගැනීමේදී මෙකී තත්වය මනාව කළමනාකරණය වීද යන්න යළි යළිත් සිතා බැලිය යුත්තකි. එමෙන්ම රාජ්‍ය සේවයේ පවත්නා තනතුරු සියල්ල ඊට අවශ්‍යම තනතුරු වන්නේද? කළමනාකරණ සේවා නිලධාරී සේවය සම්බන්ධයෙන් සලකා බැලීමේදී පවා අපට තේරුම්ගත හැකි දෙයක් වන්නේ විවිධ ආයතන තුළ මෙම සේවයට සමාන්තරගත තනතුරු වෙනත් නම් වලින් ක්‍රියාත්මක වන බව නොවේද? ඒවා ඇතිවන්නේද රාජ්‍ය සේවයේ අවශ්‍යතාවන්ට වඩා වෙනත් පටු දේශපාලන අරමුණු සපුරාගැනීමට බව රහසක් නොවේ.
අනෙක රාජ්‍ය සේවයේ කළමනාකරණය රටට ඵලදායිව යෙදවෙන්නේ ද යන්න විමසා බැලිය යුතු තවත් කරුණකි. මෙහිදී යම් ආකාර අදහසක් ගැනීම පිණිස එකී සේවාවන් සපයනු ලබන පෞද්ගලික අංශයේ සේවාවන් සමග සංසන්දනය කිරීමේදී රාජ්‍ය අංශයේ සේවාවන් කෙතරම් දුරස් බවක් දක්වන්නේද යන්න මගින් වටහා ගැනීමට හැකිවනු ඇත. මෙම තත්වය තුළ සපයනු ලබන සේවාව ඵලදායී නොවීමත්, කාර්යක්ෂම නොවීමත්, අපේක්ෂිත අරමුණු සාධනය නොවීමත්, නිසි ලෙස ඵල නෙලා නොගැනීම තුල අපතේ යන ජාතික ශ්‍රමය, ජාතික සම්පත් තුළ අපතේ යන්නේ ජාතික වන සම්පත් නොවේද?
රාජ්‍ය සේවය රටට බරක් බව ප්‍රකාශ කරන්නේ කවුරුන්ද? එපමණක් නොව, එහි ප්‍රධාන සාධක කවරන්ද? දේශපාලනික වාසි ලබා ගැනීම මත තීන්දු ගැනීම රාජ්‍ය සේවය විනාශයේ මූලික සාධකයක් වේ. තීන්දු ගැනීමේදී නිරවද්‍ය නොවූ ජනප්‍රිය තීරණ ගැනීම තවෙකකි. එමෙන්ම ඥාති සංග්‍රහ සඳහාද දේශපාලනය විසින් උපයෝගී කරගන්නේ රාජ්‍ය සේවයයි. රටේ මුලික නීතිය සම්පාදනයේ දී පවා රාජ්‍ය සේවයේ උන්නතිය සම්බන්ධයෙන් නිසි ආකාර සැලකිල්ලට ගෙන ඇත්දැයි විමසා බැලිය යුතුය. රාජ්‍ය සේවා කොමිසම සතු බලතල, එහි ක්‍රියාකාරීත්වය විවිධ ආණ්ඩු ඔස්සේ විවිධාකාර ප්‍රතිපත්තීන්ට නතුකර වෙනස් වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක කෙරුණු බැව් මේ වන විට අපි හොදාකාරවම දනිමු. අනෙකුත් ස්වාධීන කොමිසම් සදහාද එසේමය. ඒවායේ සැබෑ අරමුණු ඉටුවන අයුරු කටයුතු කිරීම රාජ්‍ය වගකීම වුව ප්රායෝගිකරණයේ දී එසේ සිදුවී දැයි වටහා ගැන්ම එතරම් අපහසු නොවේ.
රාජ්‍ය සේවය තුළ පවත්නා වංචාව, දූෂණය, අක්රමිකතාව කොතෙක් සැගවුමට උත්සාහ කලද, දිය යට ලූ, වා බැලූනයක් මෙන් මතුපිට පැමිණ විද්‍යාමාන වේ. විගණනය මගින් යම්තාක් දුරකට මීට එරෙහි පියවර පිණිස ක්‍රියාවලි සම්පාදනය කළද වර්තමාන තාක්ෂණික උපක්‍රම ඔස්සේ රාජ්‍ය මුදල් අවභාවිතාව වැළකීම පිණිස සවිමත් නීති රීති වර්තමානයේ සාර්ථකව සම්පාදනය වී ඇත්ද යන්න යලි යලිත් විමසුමට බදුන් කල යුතුය. එමෙන්ම සුදුස්සාට නිසිතැන නොලැබීම සේවය සැපයුවද, නැති වුවද එකම වැටුපක් ලැබීම ඇගැයුම් නොමැති වීම, දිරිගැන්වීම් නොවීම, දිරිගැන්වීම් සාධාරණ නොවීම, වැනි කරුණුද රාජ්‍ය සේවයේ ප්රගමනයට බාධාවෝය. කළමනාකරණ සේවා නිලධාරී සේවය තුළ පෙර පැවැති උසස් කිරීමේ විභාග ක්‍රමය අහෝසි කරලීමද එබදු තත්වයකි. සුදුස්සාට නිසිතැන නොලැබීම, නිසි සේවය නිසි අගැයුමට ලක් නොවීම මගේ සේවය තුල ද ඉතාම පැහැදිලි ලෙසම මම අත්දැක ඇත්තෙමි.
ලිපිය දිගුවීම වලකනු වස් මා මතු කල ප්‍රශ්නාර්ථ සිහිබුද්ධියෙන් යුතුව තීරණය කිරිම ඔබටම පවරමි. ”රටට බර - රටට සෙත” වන තැනට වැඩ සැලසීම රාජ්‍ය සේවයේ හැමගේත් අන් බලපෑම්කරුවන්ගේත් යුතුකම, වගකීම, වගවීම පමණක් නොව දෑ දියුණුව පතන හැම දන මූලිකම අරමුණ විය යුතු බවට අවසන අවධාරණයෙන් යුතුවම සිහිපත් කරමි.
ක. වි. බුද්ධික ප්රියංකුමාර, ලේකම්, මාතර දිස්ත්‍රික්කය, සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය