දේශගුණික ණය : දුප්පත් රටවල සම්පත් සූරාකන නව යටත් විජිතවාදය ද ?

දේශගුණික ණය : දුප්පත් රටවල සම්පත් සූරාකන නව යටත් විජිතවාදය ද ?

මෙම වාර්තාවට අනුව 2011 සිට ගෝලීය දකුණු රටවල් විසින් ගෙවිය යුතු ණය ප්‍රමාණය 150%කින් ඉහළ ගොස් ඇති අතර රටවල් 54ක් ණය අර්බුදයක සිටී. එසේම දේශගුණික අර්බුදයට විසඳුම් සෙවීමට වඩා පස් ගුණයක් ආපසු ගෙවීම සඳහා වැය කිරීමට මෙම රටවලට සිදු වේ.

ධනවත් ජාතීන්ගෙන් සහ මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සිදු වීමේදී මුහුණ දීමට සිදුවන පීඩනය නිසා දුප්පත් ජාතීන්ට පොසිල ඉන්ධන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට සිදුවන බව ණය විරෝධී ව්‍යාපාරය / anti-debt campaigners විසින් සිදුකළ නවතම විශ්ලේෂණයක් හෙළි කරයි.

ණය විරෝධී ව්‍යාපාරයේ ණය යුක්තිය සහ බලපෑමට ලක් වූ රටවල හවුල්කරුවන්ගේ එකමුතුව විසින් මෙම විශ්ලේෂණය සිදුකර ඇත.

අර්බුදයට මුහුණ දෙන රටවල් සඳහා සහ විශේෂයෙන් පොසිල ඉන්ධන ව්‍යාපෘතිවලට සම්බන්ධ රටවල් සඳහා සියලුම ණය අවලංගු කරන ලෙස සමූහය ණය හිමියන්ගෙන් ඉල්ලා ඇත.

“බොහෝ ගෝලීය දකුණු රටවල පොසිල ඉන්ධන ඉවත් කිරීමට ඉහළ ණය මට්ටම් ප්‍රධාන බාධකයක්ව තිබෙනවා. බොහෝ රටවල් ණය ආපසු ගෙවීම සඳහා ආදායම් උත්පාදනය කිරීම සඳහා පොසිල ඉන්ධන සම්පත් යොදා ගනිමින් සිටිනවා. නමුත් ෆොසිල ඉන්ධන ව්‍යාපෘති බොහෝ විට අපේක්ෂිත ආදායම උත්පාදනය නොකරන නිසා එම රටවල් ආරම්භ කළ කාලයට වඩා ණයගැති විය හැකියි. මේ බිහිසුණු උගුල අවසන් කළ යුතුයි” යැයි Debt Justice හි ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති නිලධාරි ටෙස් වුල්ෆෙන්ඩන් පැවසීය.

මෙම වාර්තාවට අනුව 2011 සිට ගෝලීය දකුණු රටවල් විසින් ගෙවිය යුතු ණය ප්‍රමාණය 150%කින් ඉහළ ගොස් ඇති අතර රටවල් 54ක් ණය අර්බුදයක සිටී. එසේම දේශගුණික අර්බුදයට විසඳුම් සෙවීමට වඩා පස් ගුණයක් ආපසු ගෙවීම සඳහා වැය කිරීමට මෙම රටවලට සිදු වේ.

මොසැම්බිකානු පාරිසරික ව්‍යාපාරයේ වැඩසටහන් සම්බන්ධීකාරක වන Justiça Ambiental හි වැඩසටහන් සම්බන්ධීකාරක Daniel Ribeiro පැවසුවේ 2013 දී ලන්ඩන් පදනම් කරගත් බැංකුවලින් මොසැම්බික් පාර්ලිමේන්තුවේ අවසරයකින් තොරව ලබාගත් ණය නිසා තම රටේ ණය බර දෙගුණ වී ඇති බවයි.

2014-16 දී තෙල් හා ගෑස් මිල පහත වැටුණු විට මොසැම්බික් ණය අර්බුදයකට ඇද වැටුණු බව රිබෙයිරෝ පැවසීය. නමුත් මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සහාය වන ජාත්‍යන්තර ණය දෙන්නන්ගේ විසඳුම් රඳා පවතින්නේ අනාගත ගෑස් ආදායම හරහා ආපසු ගෙවන ණය මත ය.

“ෆොසිල ඉන්ධන නිසා ඇති වූ ණය පොසිල ඉන්ධන මගින් ආපසු ගෙවීමට සැලසුම් කර ඇති තිබෙනවා. මේ අතර ඉදිරියට යාමට සිදුවන විෂම චක්‍රයක් ශක්තිමත් කරමින් සහ ෆොසිල ඉන්ධන ආයෝජන දිගටම කරගෙන යාමට අකමැති වීම ඉතා දරුණු ප්‍රතිවිපාක ඇති කරනවා” රිබෙයිරෝ පැවසීය.

2020 දී 2050 දක්වා සුරිනාම් හි තෙල් ආදායමෙන් 30% කට ආසන්න ප්‍රමාණයක අයිතිය ණය හිමියන්ට ලබා දෙන ගනුදෙනුවකට 2020 දී එකඟ වූ විට සුරිනායම සිය ණය පැහැර හැරීමෙන් පසු මොසැම්බික් හා සමාන තත්වයකට මුහුණ දුන්නේය.

සුරිනාම් සිවිල් සමාජ කණ්ඩායමේ ප්‍රොජෙක්ටා හි අධ්‍යක්ෂ ෂර්දා ගංගා පැවසුවේ මෙම ගනුදෙනුව රටේ දේශගුණික බැඳීම් තුළ පවතිනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වූ බවයි.

ගංගා මෙසේ පැවසුවාය: “අපගේ ණය දරාගත නොහැකි ලෙස වර්ධනය වී ඇති බැවින්, එය සියලු ප්‍රතිපත්ති තීරණ මත ආධිපත්‍යය දරන අතර හැකි සෑම ආකාරයකින්ම අපගේ පුරවැසියන්ගේ ජීවිතවලට බලපෑම් කරනවා. එබැවින් ණය හිමියන්ට ආපසු ගෙවීම සඳහා හැකි ඉක්මනින් මුදල් ඉපයීම ජාතික ප්‍රමුඛතා අතර අංක එක බවට පත්ව තිබෙනවා. එයින් අදහස් වන්නේ ඉවසීම සහ තිරසාරත්වය හෝ දේශගුණික යුක්තිය වැනි කරදරකාරී දේවල් සඳහා තවත් ඉඩක් නොමැති බවයි. යථාර්ථය නම් මෙය යටත් විජිතවාදයේ නව ස්වරූපය වීමයි. මූලික වශයෙන් දැනටමත් අපේ දේ හිමිකරගෙන සිටින අපගේ ණය හිමියන්ගේ පාලනය සඳහා අපි එක් පාලකයෙකු හුවමාරු කර ගෙන තිබෙනවා. වෙනස මේ පාර අපිම ඔවුන් සමග ගිවිසුම අත්සන් කිරීමයි”

ආර්ජන්ටිනාවේ පරිසර හා ස්වභාවික සම්පත් පදනමේ (Farn) ආයෝජන සහ අයිතිවාසිකම් පිළිබඳ උද්ඝෝෂකයෙකු වන Leandro Gómez පැවසුවේ ෆොසිල ඉන්ධන වලින් ඉවත් වීමට රට ස්වෛරීභාවයෙන් ඉවත් කර ඇති බවත්, පොසිල ඉන්ධන සමාගම්වලට සහනාධාර ලබා දීමටත් ෆ්‍රැකින් ව්‍යාපෘති දිරිමත් කිරීමටත් සිදුවන බවයි.

සුළි කුණාටු සහ ගංවතුරෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ගෙවීමට බොහෝ දෙනෙකුට තවදුරටත් ණය වීමට බල කෙරෙන බැවින්, දේශගුණික බලපෑමට ලක් වූ බොහෝ රටවලට දේශගුණික විපර්යාසවල බලපෑම් සඳහා ගෙවීමට ප්‍රදාන සඳහා වැඩි ප්‍රවේශයක් අවශ්‍ය බව වාර්තාව පවසයි.

පසුගිය වසරේ ගංවතුරෙන් පසු පකිස්ථානයට ලබා දුන් ඩොලර් බිලියන 10ක මූල්‍ය ආධාරවලින් වැඩි ප්‍රමාණයක් ණය වූ අතර, 2017 දී මරියා සුළි කුණාටුවෙන් පසු ඩොමිනිකා හි දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) ණය කොටස 68% සිට 78% දක්වා ඉහළ ගියේය.

ණය සහ සංවර්ධනය පිළිබඳ ආසියානු ජනතා ව්‍යාපාරයේ Mae Buenaventura මෙසේ පැවසීය: “දේශගුණ විපර්යාස සහ ණය අර්බුද මතුවූයේ ලාභය සහ තණ්හාව සඳහා වන තල්ලුව පෝෂණය කිරීම සඳහා ගෝලීය උතුරේ මානව, ආර්ථික හා පාරිසරික සම්පත් නිර්දය ලෙස නිස්සාරණය කිරීම මත පදනම් වූ එම ක්‍රමය තුළිනුයි”

ධනවත් රටවලට සහ ණය දෙන්නන්ට කළ හැකි අවම දෙය ණය අවලංගු කිරීම බව ඇය වැඩි දුරටත් පැවසුවාය.

https://www.theguardian.com/global-development/2023/aug/21/rich-countries-trap-poor-nations-into-relying-on-fossil-fuels

(climate alert)