දකුණේ බීරළු රේන්ද කර්මාන්තය: නොනැසී ඉදිරියට රැගෙන යා හැක්කේ කෙසේ ද?

දකුණේ බීරළු රේන්ද කර්මාන්තය: නොනැසී ඉදිරියට රැගෙන යා හැක්කේ කෙසේ ද?

දකුණු පළාතට පමණක් ආවේණික බීරළු රේන්ද කර්මාන්තය පෘතුගීසි හා ලන්දේසි යුගයේ මෙරටට පැමිණි බව සඳහන්ය. ගාල්ල සිට වැලිගම සහ දික්වැල්ල යන වෙරලාශ්‍රිත ප්‍රදේශවල පැවති මෙම කර්මාන්තය මේ වනවිට ගාල්ල සහ වැලිගම නගර ආශ්‍රිතව පමණක් දක්නට ලැබේ.

ඉන් ගාල්ල නගරය වැදගත් ස්ථානයක් උසුලයි. ගාල්ල අතීතයේදී ජනප්‍රියත්වයක් ඉසිලුවේ වෙළඳ නගරයක් ලෙසිනි. ඒ සමගම විවිධ භාණ්ඩ හුවමාරු වූ වෙළඳ පොළක් ලෙස ප්‍රසිද්ධියට පත්වූ අතර විවිධ කර්මාන්ත හරහා විදේශිකයන්ට මෙරට භාණ්ඩ අලෙවි කිරීම සිදුවිය.

ඒ අතරින් කැස්බෑ ලෙලි කර්මාන්තය, කරුවල ලී කැටයම් කර්මාන්තය, ඇත්දල නිර්මාණ, ස්වර්ණාභරණ, බීරළු රේන්ද යනාදිය ප්‍රසිද්ධ විය.

බිරළු රේන්ද කර්මානතය පිළිබඳ සොයා බැලීමේදී එහි ආරම්භය කෙසේ සිදුවීද යන්න පැහැදිලි සාක්ෂි නොමැති වූවත් එය පෘතුගීසි සමයේ මෙරටට පැමිණි බව ලිඛිත සාක්ෂි සනාථ කරයි.

| බිරළු රේන්ද කර්මාන්තය පිළිබඳ සොයා බැලීමේදී එහි ආරම්භය කෙසේ සිදුවීද යන්න පැහැදිලි සාක්ෂි නොමැති වූවත් එය පෘතුගීසි සමයේ මෙරටට පැමිණි බව ලිඛිත සාක්ෂි සනාථ කරයි.

බීරළු රේන්ද කර්මාන්තයේ ඉතිහාසය

මෙම කර්මාන්තයන් අතුරෙන් බිරළු රේන්ද කර්මානතය පිළිබඳ සොයා බැලීමේදී එහි ආරම්භය කෙසේ සිදුවීද යන්න පැහැදිලි සාක්ෂි නොමැති වූවත් එය පෘතුගීසි සමයේ මෙරටට පැමිණි බව ලිඛිත සාක්ෂි සනාථ කරයි.

පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමණයන්ට පෙර අතීතයේ විජය රජුගේ මෙරට සම්ප්‍රාප්තියත් සමඟ වෙරලබඩ තීරයේ මෙය ආරම්භ වන්නට ඇති බව තවත් එක් ජනප්‍රවාදයකි.

කෙසේ නමුත් ශ්‍රි ලාංකීය සම්ප්‍රදාය තුල බීරළු රේන්ද කර්මාන්තයේ ඉතිහාසය පැහැදිලි ලෙස අධ්‍යයනය කළ හැක්කේ පෘතුගිසි යුගයේ සිටය.

පෘතුගීසීන් විසින් 1580 දී ගාල්ල වරාය අල්ලාගත් පසු රේන්ද ගෙතීම ද මුහුදුබඩ පෙදෙස්වල ජනප්‍රිය විය. ඉතිහාස සාක්ෂි පවසන්නේ බීරළු රේන්ද ගෙතීමේ කලාව පෘතුගීසි කාන්තාවන් විසින් ලාංකික කාන්තාවන්ට පුරුදු කළ බව ය. පසුව පැමිණි ලන්දේසි කාන්තාවන්ද රේන්ද අල්ලා මැසූ ඇඳුම් ඇඳීමට දැඩි කැමැත්තක් තිබී ඇති අතර ඉංග්‍රීසි යුගයේද එය ජනප්‍රිය කලාවක් ලෙස පැවැතියේය.

පෘතුගීසි යුගයේ මෙරට වෙරළ තීරයේ වැදගත්ම වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් වූයේ ගාලු වරාය ය. බොහොමයක් නැව් ගාලු වරාය වෙත පැමිණීමට විශාල කැමැත්තක් දැක්වූ අතර එවක ගාලු වරාය කාර්ය බහුල වරායක් විය.

පෘතුගීසි කාල වකවානුව තුළ කාන්තාවන් විසින් බීරළු රේන්ද කර්මාන්තය තම නිවෙස්වල කරගෙන ගිය අතර හැඩට වැඩට ඇඳුම් මෝස්තර ඇදීමට කැමති ඔවුන් ඔවුන්ගේ කබා කුරුත්ත සහ විවිධ ඇඳුම් සඳහා බිරළු රේන්ද යොදා ගනිමින් හැඩ වැඩ කර ගත්හ.

පෘතුග්‍රීසීන්ගෙන් පසු මෙරට ලන්දේසීන්ගේ ආගමනයත් සමඟ බීරළු රේන්ද කලාව තවදුරටත් ප්‍රචලිත විය ඉන්පසු පැමිණි ඉංග්‍රිසි පාලන යුගයේද රේන්ද කලාව මෙරට ප්‍රචලිත විය.

රෝද කොට්ටය භාවිතයෙන් පුළුල් පරාසයක නිර්මාණ කිරීමට හැකි බව රේන්ද නිර්මාණයේ යෙදෙන කාන්තාවන් පවසයි.

බීරලු රේන්ද යනු...

'බීරළු' හා 'රේන්ද' යන වචන දෙකම පෘතුගීසි භාෂාවෙන් එකතු වූ වචන වේ.

බීරලු යනු Bilros යන පෘතුගීසි භාෂාවේ ආභාෂයෙන් ලද වචනයකි. බීරළු යනු බොබින් ලේස් වර්ගයකි.

බීරළු යනු බොබින් ලේස් වර්ගයකි.

බීරළු

බීරළු සෑදීම සදහා දිගින් අඟල් 3 – 3 1/2ක් අතර දිගකින් තිබිය යුත් බීරළු තිබිය යුතු අතර පේර, ඇට්ටේරියා සහ මල් කෑර වැනි ලී වලින් ඒවා සාදන අතර අඩු බරකින් යුතු වීම, නිවැරදි ප්‍රමාණයෙන් යුතු වීම, නූල් ඔතන කොටසේ යෝග්‍යකම බීරළුවකට තිබිය යුතු වැදගත්ම කරුණු වේ.

රේන්ද නිෂ්පාදනයේ දී යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ සාමාන්‍ය සුදු පැහැති කපු නූල් වන අතර අද වන විට අමු නූල් මෙන් ම ඇතැම් විට දිළිසෙනසුලු රන් සහ රිදී පැහැති නූල් ද යොදා ගෙන රේන්ද ගෙතීම සිදු කරයි.

රේන්ද නිෂ්පාදනයේ දී යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ සාමාන්‍ය සුදු පැහැති කපු නූල්

| රේන්ද නිෂ්පාදනයේ දී යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ සාමාන්‍ය සුදු පැහැති කපු නූල්ය

බිරළු කොට්ටය

මුල් කාලයේ බීරළු කොට්ට වර්ග 3 කින් බීරළු රේන්ද නිර්මාණය කර තිබේ. රෝද කොට්ටය, ගෝනි කොට්ටය සහ රවුම් කොට්ටය ලෙස මේවා හදුන්වනු ලබයි. නමුත් වර්තමානයේදී වැඩි වශයෙන් භාවිතා වන්නේ රෝද කොට්ටයයි. අනෙක් කොට්ට වර්ග දෙක භාවිතා වන්නේ ඉතා අඩු වශයෙනි.

රෝද කොට්ටය භාවිතයෙන් පුළුල් පරාසයක නිර්මාණ කිරීමට හැකි බව රේන්ද නිර්මාණයේ යෙදෙන කාන්තාවන් පවසයි.

රේන්ද නිර්මාණයේ ස්වභාවය අනුව ඛීරළු කොට්ටයේ ප්‍රමාණය තීරණය වේ.

එහි කුඩා බැරලයක් වැනි කැරකැවිය හැකි කොටසක් සවිකර තිබේ. කලින් සැළසුම් කරගන්නා මෝස්තරය සහිත “ඉස්බීසලය” නමින් හැඳින්වෙන සටහන මේ බැරලයේ සවිකර අවශ්‍ය තැන්වලට අල්පෙනෙත්ති සවිකරමින් ඒවායේ නූල් පටලවමින් කාන්තාවෝ අපූරු වියමන සිදු කරති.

අතේ හුරුවෙන් සිදු කරන මේ වියමනේ දී නූල් ගැටගැසූ බීරලු ඒ මේ අතට මාරු කරන අයුරු ද අපූරුය. මේ සඳහා කපු නූල් හෝ අමු නූල් භාවිතා කරයි.

රේන්ද නිර්මාණයේ ස්වභාවය අනුව ඛීරළු කොට්ටයේ ප්‍රමාණය තීරණය වේ

| රේන්ද නිර්මාණයේ ස්වභාවය අනුව ඛීරළු කොට්ටයේ ප්‍රමාණය තීරණය වේ

බිරළු භාවිතයේ ගෙතුම් ක්‍රම හා නම්

බිරළු ගෙතීමේදී භාවිතා වන ක්‍රම කිහිපයක් තිබේ එවා නම් හතරපට ගෙතීම, දෙපට ගෙතීම, ඝණ දැමීම හා දම්වැල ගෙතීම, ඉස්පින්සලය, මුදු ගෙතීම, පුටු මුදු ගෙතීම, ඇල්පෙනෙති කටුව සිටුවා හතර පටෙන් ගෙතීම, කොට සැලැක්කය, දිග සැලැක්කය, කටු හිල් ගෙතීම, රෙදි වියමන, හැඩ වියමන යන නම්වලින් හඳුන්වයි.

පිච්ච මල, බකිනි මල, කපුරු මල, අලි අඩිය, ලේන හත්ත, චීන රේන්දය, නූල්පෙත්ත, රඹටන් පෙත්ත, නියපොත්ත, අඩු පිච්ච, ඇද ලියවැල, ලියවැල් පිච්ච යන නම් වලින් ඉන් කරන නිර්මාණ හඳුන්වනු ලබයි.

| පිච්ච මල, බකිනි මල, කපුරු මල, අලි අඩිය, ලේන හත්ත, චීන රේන්දය, නූල්පෙත්ත, රඹටන් පෙත්ත, නියපොත්ත, අඩු පිච්ච, ඇද ලියවැල, ලියවැල් පිච්ච යන නම් වලින් නිර්මාණ හඳුන්වනු ලබයි.

පිච්ච මල, බකිනි මල, කපුරු මල, අලි අඩිය, ලේන හත්ත, චීන රේන්දය, නූල්පෙත්ත, රඹටන් පෙත්ත, නියපොත්ත, අඩු පිච්ච, ඇද ලියවැල, ලියවැල් පිච්ච යන නම් වලින් ඉන් කරන නිර්මාණ හඳුන්වනු ලබයි.

පිච්ච මල, බකිනි මල, කපුරු මල, අලි අඩිය, ලේන හත්ත, චීන රේන්දය, නූල්පෙත්ත, රඹටන් පෙත්ත, නියපොත්ත, අඩු පිච්ච, ඇද ලියවැල, ලියවැල් පිච්ච යන නම් වලින් ඉන් කරන නිර්මාණ හඳුන්වනු ලබයි.

පිච්ච මල, බකිනි මල, කපුරු මල, අලි අඩිය, ලේන හත්ත, චීන රේන්දය, නූල්පෙත්ත, රඹටන් පෙත්ත, නියපොත්ත, අඩු පිච්ච, ඇද ලියවැල, ලියවැල් පිච්ච යන නම් වලින් ඉන් කරන නිර්මාණ හඳුන්වනු ලබයි.

බිරළු රේන්ද කර්මාන්තයේ අනාගතය

ගාල්ල සහ වැලිගම වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශවල සීමිතව දැනට මෙලෙස සිදුකරන නිර්මාණ සිය නිවෙස් සහ සංචාරක ප්‍රදේශ ආශ්‍රිතව අලෙවි කරන බවත් කොවිඩ් වසංගතයට පෙර මෙම නිර්මාණ සඳහා සංචාරකයන්ගෙන් හොඳ ඉල්ලුමක් තිබුණත් වර්තමානයේ එම තත්ත්වය බොහෝ දුරට අඩු වී ඇතැයි රේන්ද කර්මාන්තයේ යෙදී සිටින මාගල්ල පදිංචි එම්.එස් කාන්තිලතා පැවසුවාය.

බීරලු රේන්ද කර්මාන්තය තුළ හදුනාගෙන ඇති ගැටලු කිහිපයක් පවතින බවත් ශ්‍රී ලංකාවේ සීමිත ප්‍රදේශ කිහිපයක පවතින රේන්ද ගෙතීම සඳහා විශාල කාලයක් ගතවීම නිසා මේ සඳහා තරුණ කාන්තාවන් යොමු නොවීම ප්‍රධාන ගැටලුවක් ලෙස සැලකිය හැකි බවත් බීරළු කර්මාන්තයේ නිරත මාලනී මුණවීර සඳහන් කළාය.

තවද ප්‍රමාණවත් නිෂ්පාදන වෙළඳ පොළ තුළ නොමැතිවීම සහ අනුකරණ නිෂ්පාදන සුලබ වීම තවත් එක් හේතුවක් බවද ඇය පැවසුවාය.

මේ හේතුවෙන් වර්තමානයේ රේන්ද කර්මාන්තයේ නිරතව සිටින කාන්තාවන් මෙම කර්මාන්තයේ යෙදෙන අවසන් පරපුර වීමට බොහෝ දුරට ඉඩ ඇති බව අප කළ සංචාරයේදී එම කාන්තාවෝ අප සමග පැවසූහ.

කොවිඩ් වසංගතයට පෙර මෙම නිර්මාණ සඳහා සංචාරකයන්ගෙන් හොඳ ඉල්ලුමක් තිබුණත් වර්තමානයේ එම තත්ත්වය බොහෝ දුරට අඩු වී ඇතැයි රේන්ද කර්මාන්තයේ යෙදී සිටින මාගල්ල පදිංචි එම්.එස් කාන්තිලතා පැවසුවාය.

| කොවිඩ් වසංගතයට පෙර මෙම නිර්මාණ සඳහා සංචාරකයන්ගෙන් හොඳ ඉල්ලුමක් තිබුණත් වර්තමානයේ එම තත්ත්වය බොහෝ දුරට අඩු වී ඇතැයි රේන්ද කර්මාන්තයේ යෙදී සිටින මාගල්ල පදිංචි එම්.එස් කාන්තිලතා පැවසුවාය.

“ඇත්තටම අපි රජයෙන් බලාපොරොත්තු වෙන්නේ රේන්ද සඳහා හොඳ වෙළඳපොළක් හදලා දෙන්න කියලා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අතින් නිර්මාණය කරන රේන්ද නිෂ්පාදනවලට ජාත්‍යන්තරයේ හොඳ ඉල්ලුමක් තියෙනවා අපි ඉල්ලන්නේ අන්න ඒ ජාත්‍යන්තර වෙළඳපොළ අපිට විවර කර දෙන්න කියලා මොකද මේ රේන්ද අතින් නිර්මාණය කරන හින්දා ඒවා ඉහළ මිලකට මිලදී ගන්න ජාත්‍යන්තර වෙළඳපොළක් තියෙනවා රජය ඒ සඳහා වැඩපිළිවෙළක් හදලා දෙනවා නම් හොඳයි” රේන්ද නිර්මාණයේ යෙදෙන ගාල්ලේ පදිංචි තනුජා ගුණරත්න කියයි.

මොරටුව විශ්ව විද්‍යාලයේ, වාස්තු විද්‍යාපීඨයේ (Faculty of Architecture), නිර්මාණවේදය (Department of Integrated Design) පාඨමාලාවක් හදාරමින් සිටින ඒ.එල් ඉන්දුපා මිහිරිනී ද සිල්වා සිසුවිය විසින් සිය අවසන් වසර නිබන්දනය (Final year Research - Dissertation) සඳහා මෙම රේන්ද කලාව තෝරාගෙන ඇති අතර එහිදී මෙම කර්මාන්තයට බලපා ඇති ගැටලු සම්බන්ධයෙන් පුළුල් ලෙස ගවේෂණය කරමින් සිටියි.

(bbc/sandeshaya)