නේපාලය විසින් 2025 සැප්තැම්බර් 05ව දින සිට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, X (කලින් ට්විටර්), YouTube සහ තවත් බොහෝ සමාජ මාධ්‍ය සහ සන්නිවේදන වේදිකා 26ක් ජාතික වශයෙන් තහනම් කර ඇති බව පසුගිය සතියේ වාර්තා විය. මෙම තීරණයට හේතුව වී ඇත්තේ අගෝස්තු 25 වන දින නිකුත් කරන ලද නියෝගයකින් දින හතක් ඇතුළත නේපාලයේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය සමඟ ලියාපදිංචි වීමට එම සමාජ මාධ්‍ය වේදිකා අසමත් වීමයි. රජය පවසා ඇත්තේ මෙම පියවර ඔන්ලයින් වෛරී ප්‍රකාශ, වැරදි තොරතුරු සහ සයිබර් අපරාධ මැඩපැවැත්වීම අරමුණු කරගත් බවයි. කෙසේ වෙතත්, අයිතිවාසිකම් කණ්ඩායම් සහ පුරවැසියන් මෙම පියවර වාරණය කිරීමක් සහ ප්‍රකාශනයේ නිදහසට එල්ල වූ බරපතල ප්‍රහාරයක් ලෙස විවේචනය කර තිබේ. නේපාල රජයේ අවශ්‍යතා සපුරාලීමෙන් පසු සේවා නැවත ආරම්භ කළ හැකි බව නිලධාරීහු අවධාරණය කර ඇත. (තහනම් වූ සහ ලියාපදිංචි වූ වේදිකා: TikTok, Wetalk, Nimbuzz, Viber, සහ තවත් එක් වේදිකාවක් පමණක් ලියාපදිංචි වී ඇත. Telegram සහ Global Diary ලියාපදිංචි වෙමින් පවතී. Facebook, Instagram, X, YouTube, WhatsApp, Reddit, LinkedIn, Snapchat, Discord, Signal, Threads, Quora, Tumblr, Clubhouse, Mastodon, Rumble, VKontakte, Line, IMO, Zalo, Sol, Hamro Patro, Mi Video, සහ Mi Vike තහනම් කර ඇත.)
(iMage: DW.COM)
සමාජ මාධ්‍ය සීමා කිරීම් පිටුපස ඇති නේපාල රජයේ අභිප්‍රායන් මොනවාද?
- සමාගම් නියාමනය කිරීම: නේපාල රජය ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකා වන Facebook සහ X ඇතුළු අනෙකුත් වේදිකාවන් බලධාරීන්ගේ ලියාපදිංචි කිරීමේ අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීමෙන් පසු ඒවාට ප්‍රවේශය නවතා දමන බව ප්‍රකාශ කර ඇත. සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය පෘථිවි සුබ්බා ගුරුන්ග් මාධ්‍යට පවසා සිටියේ, සමාගම්වලට ලියාපදිංචි වීමට ප්‍රමාණවත් කාලයක් ලබා දුන් නමුත්, ඔවුන් එය නොසලකා හැරීම නිසා මෙහෙයුම් වසා දැමීමට සිදු වූ බවයි
- සයිබර් අපරාධ, වෛරී ප්‍රකාශ සහ කටකතා මැඩලීම: නේපාල රජය පවසන පරිදි මෙම පියවර ගෙන ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ වෛරය, කටකතා සහ සයිබර් අපරාධ මැඩලීමේ උත්සාහයක කොටසක් ලෙසයි. Telegram යෙදුමට ප්‍රවේශය අවහිර කරන ලද්දේ ද අන්තර්ජාල වංචා සහ මුදල් විශුද්ධිකරණය වැඩිවීමක් සිදුව ඇතැයි යන්න සඳහන් කරමින් ය.
- දේශීය පැවැත්මක් ඇති කර ගැනීමට අවශ්‍ය වීම: සමාගම්වලට සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය සමඟ ලියාපදිංචි වීමට, දේශීය සම්බන්ධතා පුද්ගලයෙකු, පැමිණිලි හසුරුවන්නෙකු ලෙස වගකිව යුතු පුද්ගලයෙකු පත් කිරීමට පසුගිය බදාදා දක්වා කල් දී තිබුණි.
කෙසේ නමුත් නේපාල රජයේ මෙම තීරණය පිළිබද Digital Rights Nepal සංවිධානයේ සභාපති Bhola Nath Dhungana පවසා ඇත්තේ, ‘..මෙම හදිසි වසා දැමීම රජයේ “පාලන” (“controlling” approach of the government.) ප්‍රවේශය පෙන්නුම් කරන බවත්, එය මහජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට සෘජුවම බලපාන බවත්ය’
තහනම් අන්තර්ගතයන්: “ව්‍යාජ” සහ “නිර්නාමික” ගිණුම් තහනම් කිරීම, “බිහිසුණු” (අපැහැදිලි), “අසභ්‍ය” (අපැහැදිලි) අන්තර්ගතයන් මෙන්ම “ජාතික අඛණ්ඩතාව, ස්වෛරීභාවය සහ අවශ්‍යතාව” (අපැහැදිලි) උල්ලංඝනය කරන ප්‍රකාශන තහනම් කිරීම වේදිකාවලට අනිවාර්ය කරයි.
| නේපාලයේ සමාජ මාධ්‍ය සීමා කිරීම් නේපාල පුරවැසියන්ට බලපාන්නේ කෙසේද?
- මූලික අයිතිවාසිකම්වලට බලපෑම් ඇතිවීම: ඉහතින් සදහන් කල පරිදි භෝලා නාත් ධුංගනා පවසා ඇත්තේ මෙම හදිසි වසා දැමීම මහජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට සෘජුවම බලපාන බවයි.
- විනෝදාස්වාදය, ප්‍රවෘත්ති සහ ව්‍යාපාර සඳහා ප්‍රවේශය අහිමි වීම: Facebook, Instagram, සහ X වැනි සමාජ මාධ්‍ය වේදිකාවල නේපාලයේ මිලියන ගණනක් පරිශීලකයින් සිටින අතර, ඔවුන් විනෝදාස්වාදය, ප්‍රවෘත්ති සහ ව්‍යාපාරික කටයුතු සඳහා ගිණුම් පවත්වාගෙන යයි. මෙම සීමා කිරීම් මගින් ඔවුන්ට මෙම වේදිකා වෙත ප්‍රවේශ වීමට ඇති හැකියාව අහිමි වේ.
කෙසේ නමුත්, TikTok හි දකුණු ආසියානු අංශය විසින් නේපාල රජයේ රෙගුලාසිවලට අනුකූල වීමට එකඟ වීමෙන් පසු පසුගිය වසරේ අගෝස්තු මාසයේදී එහි මාස නවයක තහනම ඉවත් කරන ලදී.
නේපාලයේ යෝජිත සමාජ මාධ්‍ය පනත් කෙටුම්පත – ප්‍රකාශන නිදහසට තර්ජනයක්:
යෝජිත සමාජ මාධ්‍ය පනත් කෙටුම්පත සංශෝධන නොමැතිව සම්මත වුවහොත්, එය නිරීක්ෂණය, මර්දනය සහ අධික ලෙස අපරාධකරණය මත පදනම් වූ ඩිජිටල් අවකාශයක් ශක්තිමත් කරනු ඇත – අවසානයේ ප්‍රකාශන නිදහසට බාධා කර, පුරවැසියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වී, සිවිල් අවකාශය හැකිලීමට හේතු වනු ඇතැයි දැනටමත් විවේචන පළවෙමින් ඇත.
නේපාලයේ යෝජිත සමාජ මාධ්‍ය පනත් කෙටුම්පත, සමාජ මාධ්‍ය වේදිකා දේශීය නීති යටතේ ගෙන ඒමත්, අසත්‍ය තොරතුරු, ද්වේෂ සහගත ප්‍රකාශ වැනි අන්තර්ගතය පාලනය කිරීමටත් අරමුණු කරගෙන ඇත. එමගින් නේපාලය තුළ සේවාව ලබාදෙන සමාගම් ලියාපදිංචි වීමටත්, දේශීය නියෝජිත කාර්යාලයක් තැබීමටත්, අසත්‍ය හෝ ද්වේෂාත්මක අන්තර්ගත ඉක්මනින් ඉවත් කිරීමටත් නියම කරයි. නීති උල්ලංඝනය කළ සමාගම්ට විශාල දඩ හා දඬුවම් යටත් වන අතර පරිශීලක ආරක්ෂාව, privacy සහ දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමටත් යොමු වෙයි. කෙසේ වෙතත්, මාධ්‍යවේදීන් හා නීතිඥයන් විවේචනය කරන්නේ මෙය රජයට අධික බලය ලබාදී සොයාබැලීමේ නාමයෙන් censorship වැඩි කරන අතර, විපක්ෂ අදහස් හා ජනතා විවේචන සීමා කිරීමට භාවිතා විය හැකි නීතියක් බවය. මෙය නිදහස හා ආරක්ෂාව අතර ගැටුමක් මතුවීමේ අවදානම ඇති බවත් ප්‍රකාශ වෙයි.
ගෝලීය සන්දර්භය:
යුරෝපා සංගමය ඇතුළු ලොව පුරා ඇතැම් රජ්‍යයන් ද Disinformation/ Misinformation , දත්ත රහස්‍යතාව, අන්තර්ජාල හානි සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටළු උපුටා දක්වමින් සමාජ මාධ්‍ය සහ දියුණු-තියුණු නව තාක්‍ෂණයන් පිළිබඳ අධීක්ෂණය දැඩි කරමින් සිටී. ඉන්දියාව දේශීය අනුකූලතාවලට යටත්ව සහ හානිකර අන්තර්ගතයන් ඉවත් කිරීමේ යාන්ත්‍රණ අනිවාර්ය කර ඇති අතර, චීනය දැඩි පාලන ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන අතර ජනමාධ්‍යවේදීන් වැඩිම ප්‍රමාණයක් සිරගතකර සිටින රට චීනය වන අතර, RSF හී මාධ්‍ය නිදහස පිළිබද ගෝලීය දර්ශකයට අනුව චීනය පසුවන්නේ රටවල් 180න් 178වන ස්ථානයේ බව රටක් ලෙස අප විසින් අමතක කර දමා ඇත.
ඒ අතර, නේපාල රජය විසින් සමාජ මාධ්‍ය වේදිකා තහනම් කිරීම නේපාල පුරවැසියන්ගේ අයිතිවාසිකම් සහ ආර්ථිකයට බරපතල ලෙස බලපාන බව Body & Data වාර්තාවක් නිකුත් කරමින් පවසා ඇත.
එහි වැඩිදුරටත් මෙසේ දැක්වෙයි.
පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලට සිදුවන හානි: නේපාල රජයේ මෙම තීරණය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, තොරතුරු ලබා ගැනීමේ හැකියාව, සංවිධානය වීමේ අයිතිය සහ ඩිජිටල් අවකාශයන්හි සහභාගීත්වය ඇතුළු මූලික නිදහසට එල්ල කරන ලද ප්‍රබල ප්‍රහාරයකි. මෙය විවේචනාත්මක හඬවල් නිහඬ කිරීමට සහ සිවිල් අවකාශය සීමා කිරීමට රජය දරන භයානක උත්සාහයක් ලෙස දැක්වේ. 2023 සමාජ ජාල භාවිතය කළමනාකරණය කිරීමේ නියෝග මගින් “භයානක,” “අසභ්‍ය” අන්තර්ගතයන් හෝ “ජාතික අඛණ්ඩතාව, ස්වෛරීභාවය සහ අභිලාෂයන්” උල්ලංඝනය කරන ප්‍රකාශන තහනම් කිරීමට වේදිකාවලට බල කෙරේ. මෙම නියෝගවලට අනුව නිර්නාමික සහ අන්වර්ථ නාම සහිත ගිණුම් භාවිතය තහනම් කිරීම හේතුවෙන්, පුද්ගලිකත්වය සහ ආරක්ෂාව සඳහා, ප්‍රජා ක්‍රියාකාරීත්වයන් ගොඩනැගීම සඳහා සහ දේශපාලන ප්‍රකාශන සඳහා Online අවකාශ භාවිතා කරන අවදානමට ලක් වූ කණ්ඩායම්, කාන්තාවන්, ලිංගික සුළුතරයන් සහ ආන්තික ප්‍රජාවන් පීඩාවට පත් වේ. එසේම යෝජිත සමාජ ජාල පනත් කෙටුම්පත අනුමත වුවහොත්, එය ඔත්තු බැලීම, මර්දනය මත පදනම් වූ ඩිජිටල් අවකාශයක් ශක්තිමත් කරනු ඇති අතර, එමගින් ප්‍රකාශන නිදහසට බාධා කර, පුරවැසියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී, සිවිල් අවකාශය හැකිලෙනු ඇත. ඩිජිටල් ප්‍රකාශන වාරණය කිරීම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් නීති යටතේ නේපාලයේ කැපවීම් උල්ලංඝනය කරන අතර ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම් දුර්වල කරනු ඇත.
ආර්ථිකයට සිදුවන හානි:
මෙම හදිසි තහනම නිසා ආර්ථිකයට සිදුවන හානිය පිළිබඳව කිසිදු තක්සේරුවක් සිදු කර නොමැත. මෙම තහනම විශේෂයෙන්ම විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල්වල සාමාජිකයින්ට, සමාජ මාධ්‍ය මත පදනම් වූ නව ව්‍යාපාරවලට, බාහිරින් සේවා සපයන සමාගම්වලට සහ ස්වාධීන සේවකයින්ට (freelance workers), මෙන්ම සම්බන්ධීකරණය සහ සන්නිවේදනය සඳහා මෙම වේදිකා මත යැපෙන පුද්ගලයන්ට/ සංවිධානවලට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. රජය මෙම වේදිකා වසා දැමීමෙන්, එය ප්‍රජාවන්ගේ සම්බන්ධතා සහ ජීවිතාරක්ෂක තොරතුරු අහිමි කරනවා පමණක් නොව, අධිකාරී පාලන පද්ධති තවදුරටත් ශක්තිමත් කරයි. (Full Statement here)
නේපාලය, ශ්‍රී ලංකාව සහ OSA (Online Safety Act)
නේපාලයේ සමාජ මාධ්‍ය වාරණය සහ ලංකාවේ OSA දෙකම පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට සහ තොරතුරු ලබාගැනීමට ඇති අයිතිය සීමා කරන මර්දන උපකරණ/ ක්‍රියාකාරීත්වයක් ලෙස හැදින්විය හැකිය. නේපාලයේදී සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන්ම වාරණය කිරීමෙන් අන්තර්ජාල නිදහස සම්පූර්ණයෙන්ම අහෝසි කරන අතර, ලංකාවේ OSA නීතිය ‘කාන්තාවන් සහ ළමුන්ගේ ආරක්ෂාව’ තහවරු කිරීමට බව පෙන්වමින්, විවේචන සහ වෙනස් මතවාද මර්දනය කිරීමට ඉඩ සලසයි. ලංකාවේ මෙම පනතත්, නේපාලයේ සිදුවෙමින් යන ක්‍රියාකාරීත්වය යන දෙකම රජයට බලය වැඩිකර, ප්‍රජාතන්ත්‍රවාදයට හා සජීවී සංවාදය දුර්වල කරනු ඇත. (කිසියම් රටක් සමාජ මාධ්‍යවලට පිවිසීම අවහිර කළා වුවද විවිධ තාක්ෂණික ක්‍රම හරහා එයට පිවිසිම දැන් Rocket Science නොවේ. දැනටමත් ඒ දේ සිදුවනු ඇත.)
සමාජ මාධ්‍ය වේදිකාවන් ලියාපදිංචිය
යුරෝපයේත්, ඉන්දියාවේත් ඇතුලු රටවල්වල සමාජ මාධ්‍ය වේදිකා විසින් සිය යාන්ත්‍රණ පවත්වාගෙන යනු ලබයි. එයට බොහෝ විට බලපානු ලබන්නේ වෙළදපොල පිළිබද තත්ත්වයයි. ඔවුන් කිසියම් රටක කාර්යාලයක් හෝ එවැනි යාන්ත්‍රණයක් පවත්වාගෙන යාම සදහා යොදවන ප්‍රාග්ධනයට සාපේක්ෂව වෙළදපොලක් නැති රටකට එවැනි ආයෝජනයක් සිදුකිරීමට මැළිකමක් දක්වනු ඇත. එපමණක් ද නොව, දණ්ඩනයම මුල්කරගත් දේශීය නීති ඇති රටවල් තුළ ද ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයන් දුබල වීමට හේතුවක් ද සපයයි. එසේම උදාහරණයකට මෙටා සමාගම සිය Fact Checking සේවාව ලොව බොහෝ රටවල් තුළ අවම කර ගනිමින් සිටින්නේ ඇයි යන්නද මේ මොහොතේ අප කල්පනා කල යුතුය.
කෙසේ නමුත් කිසියම් සමාජ මාධ්‍ය වේදිකාවක් රටවල් තුළ සිය කාර්යාල හෝ යාන්ත්‍රණ ඇති කිරීම හෝ ඇතිකිරීමට උනන්දු කිරීමේ ඇති වැරැද්දක් නැත. එය හොද තත්ත්වයකි. (අති විශාල ප්‍රාග්ධනයක් හිමි මෙම සමාගම්, සමාගම් මිසක් පංසල්, පල්ලි, කෝවිල් නොවන බවද අප සිහිතබා ගැනීම වටී.)
නමුත් විශේෂයෙන් ලංකාවේ දී යම් ප්‍රශ්ණකාරී තත්ත්වයක් අපට මුණ ගැසෙනු ඇත. ඒ බව මට හැගී ගියේ මා මිත්‍ර ආචාර්ය විරංජන හේරත් විසින් නේපාලයේ සමාජ මාධ්‍ය වාරණය සම්බන්ධයෙන් ලියු ෆේස්බුක් සටහනකට දක්වන ලද ප්‍රතිචාර විමසීමෙන් පසුවය.
එම ෆේස්බුක් සටහනට දක්වන ලද ප්‍රතිචර බැලූ බැල්මට හැගී යන්නේ, බරපතල ලෙස හරයෙන්ම මර්දනීය නීතියක් වන OSA භාවිතා කරමින් වුවත් වේදිකාවන් රටතුළ ලියාපදිංචිය හෝ පැමිණිලි යාන්ත්‍රණ ගොඩනැගෙනවා නම් වරදක් නැති බවද? එසේ නම් එය ඉතාමත් බියකරු සංඥාවක් විය හැකිය. ඉතිහාසයේ පනත් කෙටුම්පතක් සදහා වැඩිම මූළික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරමින්, දේශීය සහ විදේශීය ලෙස දැඩිව විවේචනයට පත් වූ තවමත් විවේචනයට පත්වෙමින් ඇති එම මර්දන නීතිය යම් අකාරයකට මේ ඇසුරින් සුජාත කරන්නට උත්සහා ගන්නේ නම් එය ලංකාවේ ප්‍රජාතන්ත්‍රීය කතිකාවට තවත් බරපතල ප්‍රශ්නයක් ගෙන දෙනු ඇත.
ඒ කෙසේ වෙතත් ඉතාමත් විශාල ප්‍රාග්ධනයක් හිමි මෙම සමාගම් ගෝලීය උතුරට දක්වන ප්‍රතිචාරය ගෝලීය දකුණට දක්වන්නේ නැති බවටත් වන විවේචන පැවතීමත් අප අමතක කළ යුතු නොවේ. එය ආචාර්ය විරංජන විසින් ද සදහන් කර තිබේ. ඒත් සමගම මෙම සමාගම්වල විනිවිදබාවය සහ වේදිකා වගවීම (Platform Accountability) පිළිබදවත් අපගේ සාකච්ඡාවන් වර්ධනය කර ගත යුතු බවට ද කිසිද තර්කයක් නැත.
ඒ පිළිබද ලංකාවේ 2019-2024 එළිදැක් වූ ‘මානව හිමිකම් මත පදනම් වූ රාමුවක් භාවිතා කරමින් සමාජ මාධ්‍යවල වගකීම් සහගත, ආචාරධාර්මික සහ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය වැඩිදියුණු කිරීම සඳහා’ වන සමාජ මාධ්‍ය ප්‍රකාශනය තුළ ‘සමාජ මාධ්‍ය වේදිකාවන්ගේ වගකීම්’ කොටසේ සාරාංශ ගත අදහසක් නැවත මතක් කරමු.
මෙම නිර්දේශ මාලාව සමාජ මාධ්‍ය සමාගම් සම්බන්ධයෙන් තොරතුරු නිරවද්‍යතාවය, විශ්වසනීයභාවය සහ මානව හිමිකම්වලට ගරු කිරීම ආරක්ෂා කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සහ පරිශීලකයන් සවිබල ගැන්වීම මූලික අරමුණ කරයි. එය සිංහල හා දෙමළ භාෂා ප්‍රමුඛ කරමින් අන්තර්ගත ගුණාත්මකභාවය වැඩි කිරීම, පරිශීලක-ජනක වාර්තා සම්බන්ධ විනිවිදභාවය, සහ ද්වේෂ සහගත හා ප්‍රචණ්ඩ අන්තර්ගතය වේගයෙන් ඉවත් කිරීම මෙන්ම දෘඪ ප්‍රජා මාර්ගෝපදේශ සහ පැහැදිලි ක්‍රියාදාම තහවුරු කරයි. එමෙන්ම පරිශීලක අධ්‍යාපනය හා දැනුවත් කිරීම, නව නිෂ්පාදන නීතිගතව හා ආරක්ෂිතව පරීක්ෂා කිරීම, සහ අඩු නියෝජනයක් ලැබෙන කණ්ඩායම් සඳහා විවෘත වේදිකාවක් බව සුරැකීම අවධාරණය කරයි. විශේෂයෙන්ම ස්ත්‍රීන්ට, සංඛ්‍යාවෙන් සුළු ජනකොටස්වලට විශේෂ ආරක්ෂාවක් සැපයීමද ප්‍රමුඛ කර ඇත.
මෙහිදී සමාගම්වලට සේම ‘ආණ්ඩුවට’ සහ ‘සමාජ මාධ්‍ය පරිශීලකයාටත්’ වගකීම් ඇති බව ද අපි බොහෝ දෙනෙක් අමතක කරමු. (Read in full: https://www.socialmedialanka.org/)
ආණ්ඩුව කළ යුත්තේ මොනවාද?
මෙම නිර්දේශ මගින් අන්තර්ජාලය තුළ නිරවද්‍ය, විශ්වසනීය හා විනිවිද තොරතුරු සහ මානව හිමිකම් ආරක්ෂා කරන පරිසරයක් නිර්මාණය කිරීම ප්‍රමුඛ කරයි. එය භයංකාර ප්‍රකාශ, ප්‍රචණ්ඩත්වය, Misinformation /Disinformation, සහ විෂමතාවයට එරෙහිව නීති හා ජාත්‍යන්තර සම්මුති ක්‍රියාත්මක කිරීම, පුද්ගලික දත්ත ආරක්ෂාව සඳහා නීති සම්පාදනය, සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නෛතික රාමු පිහිටුවීම අවධාරණය කරයි. තවද ඩිජිටල් සාක්ෂරතාවය අධ්‍යාපනය තුළ ඇතුළත් කිරීම, දේශපාලන දැන්වීම්වල විනිවිදභාවය, ප්‍රති-පණිවිඩ ව්‍යාපාර සහ අන්තර්ජාල හානි වලට එරෙහිව ජාත්‍යන්තර යහපරිචයන් භාවිතය ද මේ මගින් තීව්‍ර කරයි. (පරීශීලක ආචාරධර්ම සදහා පිවිසෙන්න)
Generative AI ලෝකය තුළ සත්‍ය-අසත්‍ය
මේ සංදර්භය තුළ වර්තමානයේ ඉතා ඉහළ වේගයකින් දියුණු වන තාක්ෂණික ලෝකය තුළ, Generative AI යනු සංකීර්ණ සහ එහෙත් අත්‍යවශ්‍ය ක්ෂේත්‍රයක් ලෙස අප විසින් හඳුනාගත යුතුව ඇත. ශ්‍රී ලංකාව, නේපාලය වැනි රටවල ඩිජිටල් අවකාශය තුළ Disinformation, අසත්‍ය ප්‍රකාශ, භයංකාර අන්තර්ගතයන්, පෞද්ගලිකත්වයට සිදකරන හානි ඇතුළු විවිධ ආකාරයේ අගතිගාමී ඔන්ලයින් අන්තර්ගතයන් නිවැරදිව හඳුනා ගැනීමත්, ඒවා නිෂ්පාදනය කරන පුද්ගලයන් හෝ ආයතන හඳුනා ගැනීමත් Generative AI ලෝකය තුළ බරපතල අභියෝගයක් බවට පත්ව තිබේ.
නේපාලයේ වත්මන් සමාජ මාධ්‍ය වාරණයත්, ඒ හරහා ‘ටයිම් බෝම්බයක්'(Time Bomb) වැනි ශ්‍රී ලංකාවේ මර්දන නීතියක් වන Online Safety Act (OSA) පදනමින්(යම් ආකාරයක) ද යම් සාකච්ඡාවන් සිදුවෙමින් පවතින්නේ එම Generative AI ලෝකය තුළ බව අප අමතක නොකල යුතුය.
එපමණක්ද නොවේ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට, පෞද්ගලිකත්වයට, ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවට එල්ලවන වඩාත්ම පුළුල් තර්ජනය OSA බව ද අප අමතක නොකළ යුතුය. ඒ මර්දනීය පනත මත සිට නේපාලයේ සිදුකරමින් ඇති ක්‍රියාකාරීත්වයන් දෙස ශ්‍රී ලංකාවේ සිට අප විමසන්නේ නම් එය සියතින් ගෙළ සිඳ ගැනීමකි.
කෙසේ නමුත් අවසානයේදී, “රජයන් සහ තාක්ෂණික සමාගම් යන දෙකම මුලින්ම ජනතාවට වගකිව යුතුයි.”
(මෙහි ඇතැම් තොරතුරු Generative AI ඇසුරින් විමසා ඇත.)
| සම්පත් සමරකෝන්