EPF:'මහබැංකුවයි,රජයයි අහන්නේ අතද, කකුලද කපාගන්න ඕනේ වගේ ප්‍රශ්නයක්'

EPF:'මහබැංකුවයි,රජයයි අහන්නේ අතද, කකුලද කපාගන්න ඕනේ වගේ ප්‍රශ්නයක්'

| වෘත්තීය සමිති නියෝජිතයින් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර දේශීය ණය ප්‍රශස්තකරණයේදී සේවක අර්ථසාධක අරමුදලට අදාළ කරුණු පිළිබඳ සාකච්ඡාව

සේවක අර්ථ සාධක අරමුදලේ විශාලත්වය රුපියල් ට්‍රිලියන3.4ක් පමණ වෙයි. එහි ආයෝජන ප්‍රතිලාභ වලින් අයකරන පොලිය 14 සිට 30 % දක්වා ඉහළ දැමීමට හැකියාව ලැබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත මේවන විට පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. කතානායකවරයා කෙටුම්පතට අත්සන් තැබීමත් සමග අද සිට එය බලාත්මකය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) ණය වැඩසටහන අනුව යමින් යෝජිත ණය ප්‍රශස්ථකරණ වැඩ සටහන සාර්ථක කර ගැනීම සඳහා ලබන 14 වැනිදා වන විට එම කටයුතු අවසන් කිරීම රජයේ ඉලක්කයයි.

ඒ සඳහා සේවක අර්ථ සාධක අරමුදල භාණ්ඩාගාර බැඳුම්කරවල අයෝජනය කර ඇති මුදල් සඳහා ඉදිරියේදී ගෙවන පොලිය 9% දක්වා අඩු කිරීමට හෝ එම අරමුදලේ ප්‍රතිලාභ වලින් අයකරන 14%ක පොලිය 30% දක්වා ඉහළ නැංවීමට මේ යටතේ යෝජනා කර තිබේ.

සේවක අර්ථ සාධක අරමුදලේ භාරකරු වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි.

වෘත්තීය සමිති නියෝජිතයින් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාව

| වෘත්තීය සමිති නියෝජිතයින් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාව

මෙම පසුබිම තුළ වෘත්තීය සමිති නියෝජිතයින් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර දේශීය ණය ප්‍රශස්තකරණයේදී සේවක අර්ථසාධක අරමුදලට අදාළ කරුණු පිළිබඳ සාකච්ඡාවක් පසුගිය 5 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවැත්විණි.

ලංකා ප්‍රගති ගුරු සංගමයේ ලේකම් මයුර සේනානායක, යුනයිට් සංවිධානය වෙනුවෙන් තරිඳු උඩුවරගෙදර, පෞද්ගලික සේවක මධ්‍යස්ථානයේ සභාපති දුමින්ද නාගමුව, යුනයිට් සංවිධානය වෙනුවෙන් දනූෂ පතිරණ, සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත, එක්සත් කම්කරු සම්මේලනයේ ප්‍රධාන ලේකම් ජගත් ගුරුසිංහ, වාණිජ හා කාර්මික සේවක සංගමයේ භාණ්ඩාගාරික විජේපාල වීරකොන්, ලංකා බැංකු සේවක සංගමයේ භාණ්ඩාගාරික එච්.එම්.ටී.බී හේරත් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්වූහ.

ඉතා උණුසුම් වචන හුවමාරු මෙන්ම තර්ක විතර්ක මැද පැවති සාකච්ඡාව අවසන් වුයේ එකඟතාවකයින් තොරවය.

වෘත්තීය සමිති නියෝජිතයින් මතු කළ ප්‍රධාන කරුණු මොනවාද?

සාකච්ඡාවට එක්වූ වෘත්තීය සමිති නියෝජිතයින්ගේ ප්‍රධානම ඉල්ලීම වුයේ පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන වතු කම්කරුවන් ඇතුලු ලක්ෂ 25ක් පමණ වන සේවකයින්ගේ විශ්‍රාමික ඉතුරුම්වලට අත නොතබන ලෙසයි.

සැබැඳි පුවත්

එක්සත් කම්කරු සම්මේලනයේ සභාපතිනී නීතිඥ ස්වස්තිකා අරුලිංගම් මෙහිදී අවධාරණය කළේ, “අත තියන්න එපා. ඒවා කම්කරුවන්ගේ ඉතුරුම්. භාරකරු විදිහට EPF අරමුදල්වලට අත තියන්න බැහැ. එවැනි තීරණයක් ගන්නව නම් ඔබ තවදුරටත් භාරකරු වෙන්නෙ නැහැ.”

සාකච්ඡාවට එක්වූ වෘත්තීය සමිති නියෝජිතයින්ගේ ප්‍රධානම ඉල්ලීම වුයේ පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන  වතු කම්කරුවන් ඇතුලු ලක්ෂ 25ක් පමණ වන සේවකයින්ගේ විශ්‍රාමික ඉතුරුම්වලට අත නොතබන ලෙසයි.

සාකච්ඡාවට එක්වූ වෘත්තීය සමිති නියෝජිතයින්ගේ ප්‍රධානම ඉල්ලීම වුයේ පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන  වතු කම්කරුවන් ඇතුලු ලක්ෂ 25ක් පමණ වන සේවකයින්ගේ විශ්‍රාමික ඉතුරුම්වලට අත නොතබන ලෙසයි.

| වෘත්තීය සමිති නියෝජිතයින්ගේ ප්‍රධානම ඉල්ලීම වුයේ පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන වතු කම්කරුවන් ඇතුලු ලක්ෂ 25ක් පමණ වන සේවකයින්ගේ විශ්‍රාමික ඉතුරුම්වලට අත නොතබන ලෙසයි.

වෘත්තීය සමිතිවල යෝජනා මොනවාද?

01. EPF,ETF සහ අනෙකුත් විශ්‍රාමික අරමුදල් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කිරීමෙන් (DDR) සම්පුර්ණයෙන්ම බැහැර කරන ලෙස වෘත්තීය සමිති නියෝජිතයෝ ඉල්ලා සිටිති. විශ්‍රාම වැටුප් අරමුදල් යනු වැඩ කරන ජනතාවට මහළු වියේදී භාවිතා කළ හැකි එකම ඉතුරුම් බවත් ඒවා ලාභ රැස් කිරීමට භාවිතා කරන වත්කම් හා ධනය සම්බන්ධ ආයෝජන අරමුදල් නොවන බවත් ඔවුන් පෙන්වා දෙයි. වැටුප් වලින් සිදුවූ ඉතිරිකිරීම් වන විශ්‍රාම අරමුදල් පුද්ගලික ණය හිමියන්ගේ ආයෝජන වත්කම්වලට කිසිසේත් සමාන කිරීමට නොහැකි බව වෘත්තීය සමිති නියෝජතයින් පෙන්වා දෙයි.

02. පැහැර හරින ලද බදුවල වර්තමාන වටිනාකමට සාපේක්ෂව බදු පැහැරහරින්නන් සතු බැඳුම්කර කප්පාදු කරන ලෙසත්, තැන්පතු රජයේ භාරයට ගන්නා ලෙසත් වෘත්තීය සමිති නියෝජිතයින් ඉල්ලා සිටියි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනුව 2022 අවසානය වනවිට නොගෙවා පැහැර හරින ලද බදුවල මුළු වටිනාකම රුපියල් බිලියන 904 කි. බැඳුම්කර හිමියන්ට ඉහළ පොලී ලබා දෙන කාල සීමාවක් තුළ බදු පැහැර හැරීම සිදුවී ඇති නිසා නොගෙවා පැහැර හරින ලද බදු වල වර්තමාන වටිනාකම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා ඇතැයි යුනයිට් සංවිධානයේ සාමාජිකයෙකු මෙන්ම ආර්ථික විශ්ලේෂකයෙකු වන දනූෂ පතිරණ සඳහන් කළේය. වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ බදු නොගෙවූ පිරිසගේ බැඳුම්කර කපා හැරීමෙන් සහ ඔවුන්ගේ තැන්පතු අත්පත් කරගැනීමෙන් ආණ්ඩුවට EPF,ETF කපා හැරීමෙන් ඉතිරි කිරීමට අපේක්ෂා කරන මුදල මෙන් තුන් ගුණයක් ඉතුරු කිරීමට ඉදිරි වසර 16 තුළ ඉඩ සැලසෙන බවය. මෙයින් බැංකු පද්ධතියට කිසිඳු බලපෑමක් නොවී රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ හැකි බවත් එම නිසා විශ්‍රාමික අරමුදල්වලට අත නොතබා ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ නොහැකි බවට මහබැංකුව සහ ආණ්ඩුව කරන ප්‍රකාශය දූෂිතයන් රැකීම සඳහා ගොතන ලද්දක් බවද වෘත්තීය සමිති නියෝජිතයින් අවධාරණය කරයි.

03. ජාත්‍යන්තර වෙළෙඳාමේදී සාවද්‍ය ඉන්වොයිසි හරහා විදේශගත කරන ලද ඩොලර් බිලියන 53 ක අරමුදල් ආපසු මෙරටට ගෙන්වා ගැනීමට වෝහාරික විගණනයක් කිරීම වෘත්තීය සමිති නියෝජිතයින්ගේ තවත් ඉල්ලීමකි. 2009 සිට 2018 දක්වා කාලය තුළ ජාත්‍යන්තර වෙළඳාමේ සාවද්‍ය ඉන්වොයිසි කිරීම හරහා රටට ඇ.ඩො. බිලියන 40කට අධික මුදලක් අහිමි වී ඇති බව Global financial index අනාවරණය කර ඇති බවත් එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 53ක් බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කර ඇති බවත් රජයේ මූල්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා මෙම අරමුදල් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා මහබැංකුව වෝහාරික විගණනයක් කරන ලෙසත් වෘත්තීය සමිති නියෝජිතයෝ ඉල්ලා සිටිති.

04. රජය විසින් ලබාගෙන ඇති විදේශීය සහ දේශීය ණය පිළිබඳව වෝහාරික විගණනයක් පවත්වා එම ණය අතර ඇති පිළිකුල් සහගත ණය (odious debt) මොනවාදැයි ප්‍රකාශ කිරීම තවත් ඉල්ලීමකි. 2017 වන විට රජය ලබාගෙන ඇති විදේශ ව්‍යාපෘති ණය හා සසඳන විට රටේ ඉතිරිව ඇති දේශීය වත්කම්වල වටිනාකම සැලකිය යුතු ලෙස අඩු බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ හෙළි කර ඇති බවත් මෙයින් පෙනී යන්නේ දූෂිත දේශපාලන සංස්ථාපිතයක් සහ බලයේ සිටින්නන් සමග සමීප සම්බන්ධතා පවත්වන ව්‍යාපාරික ප්‍රභූන් පොහොසත් කිරීම සඳහා විදේශ ණය විශාල වශයෙන් ගසා කා ඇති බවත් වෘත්තීය සමිති පෙන්වා දෙයි.

05. ආයෝජන මණ්ඩලයේ (BOI) සමාගම්වලට ලබා දී ඇති බදු සහන ඉවත් කිරීම තවත් ඉල්ලීමකි. මෙම බදු සහන ඉවත් කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) කළ ඉල්ලීම් නොතකා ආයෝජන මණ්ඩලයේ සමාගම් ආදායම් බදුවලින් නිදහස් කර ඇත. මීට පරිබාහිරව, සියලු‍ BOI සමාගම් වෙත බදු රහිතව ආනයනය කිරීමට ලබා දී ඇති වරප්‍රසාද අහෝසි කළ යුතු බවද වෘත්තීය සමිති අවධාරණය කරයි. 1990 දශකයේ මැද භාගයේ සිට බදු අනුපාතය දළ දේශීය නිෂ්පාදිතයෙන් 22% සිට දැනට 9% දක්වා පහත වැටීමට මේ තත්වය සෘජුව බලපා ඇත. එම නිසා ආයෝජන මණ්ඩලයේ සමාගම්වලට ලබා දී ඇති බදු සහන ඉවත් කිරීම මගින් රජයේ බදු ආදායම සැලකිය යුතු ලෙස වැඩි කර ගත හැකි බවද වෘත්තීය සමිති නියෝජිතයින් පෙන්වා දෙයි.

මහබැංකු අධිපතිවරයාගේ ප්‍රතිචාරය

වෘත්තීය සමිති නියෝජිතයින්ගේ ප්‍රතිචාර වලින් පසු අදහස් දැක්වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කළේ, 2022 වසරේ අප්‍රේල් මාසයේ සිට රජය විදේශීය ණය ගෙවීම් නතර කර ඇති බවය.

ණය ප්‍රශස්තකරණය නොකළ හොත් ඉදිරියේදී දේශීය ණය ගෙවීම ද නතර විය හැකි බව ඔහු සඳහන් කළේය.

රටේ බැංකුවලට සහ සේවක අර්ථසාධක අරමුදලට වන හානිය අවම කිරීමත්, සේවකයින්ගේ ගිණුම් හා ශේෂයන් ආරක්ෂා කිරීමටත් හැකි හොඳම විසඳුමක් ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.

වෘත්තීය සමිති නියෝජිතයින් මෙහිදී තර්කර කර සිටියේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5% පමණ අගය බැගින් EPF අරමුදලෙන් කාප්පාදුවක් සිදුවන බවටය.

දේශීය ණය ප්‍රශස්තකරණය තුළින් EPF අරමුදලින් සිදුවන කප්පාදුව නිශ්චිතව සඳහන් කළ නොහැකි බව වෘත්තිය සමිති නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහබැංකු අධිපතිවරයා සඳහන් කළේය.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට 9% බැගින් ප්‍රතිලාභ ගෙවීම නීතියකින් තහවුරු කර නොමැති බව වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී අවධාරණය කළහ.

ඉතා උණුසුම් වචන හුවමාරු මෙන්ම තර්ක විතර්ක මැද පැවති සාකච්ඡාව අවසන් වුයේ එකඟතාවකයින් තොරවය.

| ඉතා උණුසුම් වචන හුවමාරු මෙන්ම තර්ක විතර්ක මැද පැවති සාකච්ඡාව අවසන් වුයේ එකඟතාවකින් තොරවය.

යුනයිට් සංවිධානයේ සාමාජික දනුෂ පතිරණ බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් අවධාරණය කළේ "මෙතෙන කරන්නේ මහබැංකුවයි, මේ රජයයි අතද,කකුලද කපාගන්න ඕනේ වගේ ප්‍රශ්නයක් අහන්නේ.මේ දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණයට ETF ඒක සම්බන්ධ වුනේ නැත්නම් 30ක විශාල බද්දක් වදිනවා. මේක දළ ආදායමට ගහන බද්දක්.මේක අතිවිශාල බද්දක්.මහ බැංකුව මේක සමාන කරනවා කෝපරේට් ටැක්ස් එකට. කෝපරේට් ටැක්ස් එකට මේක සමාන කරන්න බැහැ."

"ණය ප්‍රශස්තකරණයට සහභාගිවීම ප්‍රතික්ෂේප කලොත් 30% බද්දකට යටත් වෙනවා.ඒකෙන් බේරෙන්න නම් DDR එකට සම්බන්ධ වෙන්න වෙනවා.DDR එකට සම්බන්ධ වුණාම ආදයමෙන් 45%ක් අහිමි වෙනවා ඊළඟ අවුරුදු 16 ඇතුළත.”

(bbc/Sinhala)