චතුර සමරසිංහ, සභාපති, ලංකා වතු සේවා සංගමය
ඔබ වසර 100 ක් පැරණි වෘත්තීය සංගමයක තරුණ නායකයෙක්. සංගමයේ කටයුතු වලදී ඔබේ මැදිහත්වීම මොනවගේද?
ඔව්. මම වර්තමානයේ නායකත්වය දරන වෘත්තීය සංගමය ලංකාවේ පැරණිම වෘත්තීය සංගමය. ලංකාවේ අවුරුදු 100 ක් සපුරන පළමු වෘත්තීය සංගමය හැටියට ලාංකීය වෘත්තීය සමිති ඉතිහාසයට එක්වෙමින් මේ වසරේ අගෝස්තු මාසයේ අපි සියවැනි උපන්දිනය සමරනවා. එදා ඉදලම අපේ නායකයින් ආපු ගමන්මග තුළ අදට ගැලපෙන විදියේ වෙනස්කම් සහිත පියවර තබමින් කටයුතු කරන්න මට පුළුවන් වුණා. විශේෂයෙන්ම සංගමයේ සාමාජිකයින්ගේ අයිතිවාසිකම් රැකගන්න ඒවගේම අළුත් අයිතිවාසිකම් දිනාදෙන්න පුළුවන් වුණා. වර්තමානයට ගැලපෙන ආකාරයේ සටන් ක‍්‍රමවේද සහ සමාජ සබඳතා ගොඩනගන්නත් අපේ සංගමය පිළිබඳ කිසියම් පිළිගැනීමක් ලාංකීය සමාජය තුළ ඇතිකරන්නත් කටයුතු කලා.
ඔබේ නායකත්ව කාලය තුළ මොනවද සංගමය ලැබූ ජයග‍්‍රහණ?
අභියෝගයක් වූ හලාවත වැවිලි සමාගමේ සාමූහික ගිවිසුම අත්සන් තැබීම. සංගමයේ සාමාජිකයින් පිරිසක් වෙනත් සමිතියක් හා එක්වීම නිසා අපි හලාවත වැවිලි සමාගමේ සුළුතරය බවට පත්වෙලා තිබුණා. ඒ නිසා සාමූහික ගිවිසුම අත්සන් තැබීම ගැන අවධානමක් සංගමයට ඇතිව තිබුණා. නමුත් අපට පුළුවන් වුණා එහි තත්වය සම්පූර්ණ වෙනස් කරල නැවත සාමාජිකත්වය අපේ සංගමය වටා ඒකරාශී කරල ඉතා හොඳ සාමූහික ගිවිසුමක් අත්සන් කරන්න. 2019-2022 සාමූහික ගිවිසුම ජයග‍්‍රාහී ලෙස අත්සන් කරන්න හැකිවීමත් විශේෂ සිද්ධියක්. 25% ක වැටුප් වැඞීවීමක් ඇතුළු අයිතිවාසිකම් රැසක් දිනාගන්නත් ඒවගේම පසුගිය සාමූහික ගිවිසුම අවසන් වූ ඔක්තෝබර් මාසයේ සිටම නව ගිවිසුමට අදාල වැටුප් වැඩිවීම ඇතුළු ප‍්‍රතිලාභ ලබාදෙන්නත් හැකිවුණා. මේ සාමූහික ගිවිසුම වැටුප් හා දීමනා පමණක් දිනාගත් ගිවිසුමක් නොවේ. සේවා සුරක්ෂිතතාව, වෘත්තීය ගරුත්වය, වෘත්තීය අධ්‍යාපනය සහ සුබසාධනය ඇතුළු සේවා කොන්දේසි රැසකින් පරිපූර්ණ ගිවිසුමක්. මගේ කාලය තුළ මෙවැනි ජයග‍්‍රහණයක් අත්පත් කරගන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒවගේම ස්ථානමාරු සම්බන්ධයෙන් ඉතාමත්ම යහපත් මැදිහත්වීම් කරන්නත් මේ කාලය තුළ සංගමයට පුළුවන් වුණා.
පසුගිය කාලය තුළ සංගමයට සමගිය වගේම ආදරයත් රැගෙන එන්න පුළුවන් වුණා.
වෘත්තීය කි‍්‍රයාමාර්ග වලින් තොරව මෙවර ගිවිසුම අත්සන් කරන්න ලැබීම ගැන සාමාජික ප‍්‍රසාදය පලවෙනවා. ඒ ගැන ඔබ මොකද කියන්නේ?
පාරෙ සටන්, වීදි සටන් නොකලට අපි සාකච්ඡා මේසයේ ලොකු සටනක් කලා. විශේෂයෙන්ම ප‍්‍රධාන ලේකම් නාත් අමරසිංහ සහෝදරයා ඇතුළු සංගමයේ විධායක මණ්ඩලය සහ සාමූහික ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීමට පත් කල කමිටුව අදාල කරුණු වඩාත් හොඳින් අධ්‍යනය කරලයි සාකච්ඡා මේසයේ වාඩිවුණේ. කර්මාන්තයට අදාල තොරතුරු සහ දත්ත අපි ළඟ තිබුණා. ඒවා නිසිපරිදි විශ්ලේෂණය කරමින් සාකච්ඡා කළ නිසා ගිවිසුමේ අනිත් පාර්ශවයට අපේ යෝජනා හා එකඟ වෙන්න සිද්ධ වුණා. ඒ නිසා මෙවර හැමෝටම සතුටු වෙන්න පුළුවන් විදියට සාමූහික ගිවිසුම අත්සන් කරන්න සංගමයට හැකිවුණා. සමාගම් තුනක් පමණක් ගිවිසුමේ කොන්දේසි කඩකරමින් කටයුතු කරන්න සූදානම් වෙනවා. අපි මේ වන විටත් ඊට අදාලව නෛතික පියවර අරගෙන තියෙනවා. ඒ සමාගම් තුනේ සේවයේ නිරත අපේ සාමාජිකයින්ට දශමයකවත් අසාධාරණයක් වෙන්න සංගමය ඉඩතියන්නේ නැහැ.
සංගමයේ සාමාජිකත්ව ප‍්‍රවර්ධනය ඉලක්ක කරගනිමින් ඔබ කළ ව්‍යුහාත්මක වෙනස්කම් ගැන කථාකලොත් ?
මම හිතනවා පසුගිය දෙවසර තමයි ලංකා වතු සේවා සංගමය රටපුරා අතිවිශාල සංඛ්‍යාවක් වතු ඒකක ප‍්‍රතිසංවිධානය කරපු දෙවසර. ඒ තුළින් සංගමයට විශාල ශක්තියක් ලැබුණා. සාමාජිකත්වය තුළ නව බලාපොරොත්තු ඇතිවුණා. ඒ විතරක් නෙමෙයි නව නායකයින් බිහිවුණා. විශේෂයෙන්ම තරුණ හා කාන්තා නියෝජනයක් බිහිවුණා. මේ වන විට අපේ විධායක කමිටුවේ කාන්තාවන් හතරදෙනෙක් ඉන්නවා.
ඒවගේම පසුගිය වසර දෙක තුළ දහසකට වැඩිය නව සාමාජිකයින් බඳවා ගන්න අපට පුළුවන් වුණා. ඒවගේම අපෙන් ඈත් වෙමින් හිටපු සාමාජිකයින් නැවත සංගමයට එක්කර ගන්න හැකියාව ලැබුණා. නූතන වෘත්තීය සමිති ගමන තුළ සන්නිවේදනය ප‍්‍රබල අවශ්‍යතාවක්. අපි සංගමය තුළ මාධ්‍ය ඒකකයක් බිහිකරලා සංගමයේ ක්‍රියාකාරකම් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජනගත කරන්න කටයුතු යොදන්න පුළුවන් වුණා. ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ විශාල පාඨක සංඛ්‍යාවක් බිහිකරගන්න හැකියාව ලැබුණා. CESU Today මේ වන විට බොහොම ප‍්‍රකට සමාජ මාධ්‍ය වේදිකාවක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම 60 දශකයේ අගභාගයේ ආරම්භ කොට අකි‍්‍රයව තිබූ ලංකා වැවිලි සේවා සංගමය නව නායකත්වයක් යටතේ නැවත සකි‍්‍රය කරන්න හැකියාව ලැබුණා. මේ වන විට පහත රට කලාපයේ වතු කම්කරුවන් අතරේ එම සංගමය ජනපි‍්‍රය සංගමයක් ලෙස දළුලා වැඩෙමින් තිබෙනවා.
ලංකා වතු සේවා සංගමය පසුගිය කාලය තුළ වැවිලි විෂය ක්‍ෂෙත‍්‍රයෙන් බැහැර සටන් අරගල තුළ කි‍්‍රයාකාරී වුණා. ඒ ගැන කිව්වොත්?
වෘත්තීය සමිතියක් හැටියට සමාජය තුළ ප‍්‍රබල මතයක් ගොඩනගන්න නම් එවැනි සමාජ ගනුදෙනුවකට යන්න වෙනවා. ඒවගේම රටට බලපාන ජාතික ප‍්‍රශ්න වලදි වගකිවයුතු වෘත්තීය සමිතියකට ඇස් කන් පියාගෙන ඉන්න බැහැ. නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටනට ශිෂ්‍ය ප‍්‍රජාව සමඟ එක්ව අපි සටන් කලා. සයිටම් සටනෙදි අපේ සංගමය ශිෂ්‍ය ව්‍යාපාරය එක්ක අත්වැල් බැඳගත්තා.
වතු කම්කරුවන්ට රුපියල් දහසක් වැඩිකරන්න කියලා බලකෙරුනු ‘‘1000 ව්‍යාපාරය’’ ජයග‍්‍රහණය කරා ගෙනියන්න අපේ සංගමය පුරෝගාමී මෙහෙවරක් කලා. විශේෂයෙන්ම සාම්ප‍්‍රදායික වතු කම්කරු වෘත්තීය සමිති මේ කම්කරුවන් අසරණ කරපු මොහොතක ‘‘1000 ව්‍යාපාරය’’ සමඟ අපේ සංගමයත් ඒවගේම අපේ සහෝදර සංගමය වන ලංකා වැවිලි සේවා සංගමයත් කැපවීමෙන් කටයුතු කලා. වතු කම්කරුවන්ට රුපියල් දහසක් ගෙවන්න ඕන කියන මතය සමාජගත කරන්න අපට පුළුවන් වුණා. ඒකේ ප‍්‍රතිඵලයක් හැටියට පහුගිය ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයින්ට තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවලට 1000 හේ ඉල්ලීම ඇතුලත් කරන්න සිද්ධ වුණා. වත්මන් ආණ්ඩුව කම්කරුවන්ට දාහක් දෙන්න කටයුතු යොදන බව ප‍්‍රකාශ කරල තියෙනවා.
ඒවගේම මර්ධන අනපනත් වලට එරෙහිව වෙනත් වෘත්තීය සමිති සමඟ එක්ව ලංකා වතු සේවා සංගමය සටන් කලා.
වතු කාර්ය මණ්ඩල සාමාජිකයින්ට නිවාස තනාගැනීම සඳහා ඉඩම් කොටසක් ලබාගැනීම පිළිබඳ සටන දැන් කොතනද තියෙන්නේ?
දශක හතරක් තිස්සේ අපේ සංගමය ගෙන ගිය සටනේ වැදගත් කඩඉමකට සේන්දු වෙන්න හැකිවීම සතුටට කරුණක්. ජ.න.ව.ස.ම. සහ රාජ්‍ය වැවිලි සංස්ථාවේ වතු කාර්ය මණ්ඩල සාමාජිකයින්ට නිවාස තනාගැනීම සඳහා පර්චස් 10 බැගින් ලබාදීමට හැකිවුණා. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ නුවර, මාතලේ දිස්ති‍්‍රක්ක වල 762 ක් වතු කාර්ය මණ්ඩල සාමාජිකයින් ඒ අතර ඉන්නවා. ඒවගේම ප‍්‍රාදේශීය වැවිලි සමාගම් වල සේවයේ නිරත ඉඩම් ලබාගැනීමට සුදුසුකම් ලබා ඇති අපේ සාමාජිකයින් 3367 ක් ලැයිස්තු ගත කොට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට ලබාදීල තියෙනවා. ඒවගේම වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාගේත් අමත්‍යාංශ ලේකම්වරයාගේත් අවධානය මේ සඳහා යොමු කොට තිබෙනවා. අපි හිතනවා ඔවුන්ට නුදුරේදීම ඉඩම් කැබැල්ලක උරුමය ලබාදෙන්න හැකිවෙයි කියලා.
සංගමයේ ජාත්‍යන්තර සබඳතා මොනවගේද?
අපට හැකියාව ලැබිල තියෙනවා පළමු වතාවට ජාත්‍යන්තර වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානයක් ගොඩනගන්න. සාක් කලාපීය වැවිලි වෘත්තීය සමිති එකතුවට මේ වන විට රටවල් හතරක වතු වෘත්තීය සමිති අපිත් එක්ක එක්ව සිටිනවා. තවත් රටවල් කිහිපයක්ම ඊට එක්වන්න එකඟතාව පලකර තිබෙනවා. අපේ සංගමයේ ප‍්‍රධාන ලේකම් නාත් අමරසිංහ සහෝදරයා තමයි එහි සම කැඳවුම්කරු හැටියට කි‍්‍රයාකරන්නේ. මේ සබඳතාවන් මගින් වැවිලි ක්‍ෂෙත‍්‍රයේ සේවයේ නිරත පිරිස් වලට වගේම වැවිලි ක්‍ෂෙත‍්‍රයටත් ජාත්‍යන්තර අවධානය දිනාගැනීම අපි අපේක්ෂා කරනවා.
වැවිලි ක්‍ෂෙත‍්‍රයේ අර්බුදය ජයගන්න සංගමයේ මැදිහත්වීම කොහොමද?
වැවිලි කර්මාන්තයේ ගැටළුකාරී තත්වයන් පිළිබඳව විශේෂයෙන්ම තේ සහ රබර් කර්මාන්ත වල ගැටළුකාරී තැන් දිගින් දිගටම අපි වගකිවයුත්තන්ගේ අවධානයට යොමු කොට තිබෙනවා. වර්තමාන වැවිලි කර්මාන්ත ඇමතිතුමා සහ අමාත්‍යාංශ ලේකම්තුමා මුණගැසී මේ තත්වයන් පෙන්වාදී තිබෙනවා. ඒ වගේම ඒ තත්වයන්ට විසඳුම් සඳහා වන යෝජනා ඉදිරිපත් කරන්නත් අපි ඉදිරියේදී කටයුතු කරනවා. වගකිවයුතු, දිගු ඉතිහාසයක් ඇති වෘත්තීය සංගමයක් හැටියට අපේ සාමාජිකයින් ප‍්‍රමුඛ වැවිලි සේවක කොටස් වලත් ඒවගේම වැවිලි කර්මාන්ත ක්‍ෂෙත‍්‍රයේත් දියුණුව වෙනුවෙන් අපි පෙනී ඉන්නවා.
වැඩබිම