වසංගත තත්ත්වය තුළත් බහුතරයක් කාන්තාවන් ලිංගික හිංසනයට හා ප්‍රචන්ඩත්වයට ලක්වෙනවා

chamila-thusari

කොවිඩ් 19 වසංගතයත් සමග මේ මොහොතේ ගත කරමින් ඉන්නේ වැඩකරන පංතිය අභියෝගයට ලක්වන අවස්ථාවයකයි. එයිනුත් වඩාත් පිඩාවට පත්වෙලා තිබෙන්නේ කාන්තාවන්. ඒ අතරින් වැඩකරන කාන්තාවන් දැඩි පීඩාවකට පත්වෙලා තිබෙනවා. විශේෂයෙන් වෙළඳ කළාප තුල රැකියා කරන කාන්තාවන් කොවිඩ් වසංගතයට දැඩි ලෙස ගොදුරු වෙමින් සිටින මොහොතකයි අප මේ ගත කරමින් ඉන්නේ. ඒ තත්ත්වය තුළ සම්මත කිරීමට ප්‍රමාද වූ සි 190 සම්මුතිය සම්මත වෙලා තිබුණානම් ඉතා වටිනා අවස්ථාවක් පනතක් වෙනවා මේ මොහොතේ කම්කරුවන්ට.

මේ මොහොතේ ශ්‍රී ලාංකිකයේ හැටියට අප දන්නවා වැඩ ලෝකය තුළ කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනයන් හා ප්‍රචන්ඩත්වය නිසා බහුතරයක් කාන්තාවෝ පීඩාවට පත්වෙලා තිබෙනවා. මානසිකව, ශාරීරිකව, සාමාජීව, පවුල් පසුබිම තුළ හා සමාජගත කිරිම් වලදි ඇය හිංසාවට පීඩාවට ලක්වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ආයතන තුළ සිදුවන ලිංගික අතවර නිසා අප දන්නවා. අපේ රටේ මෙය කරුණක් හැටියට ගත්තොත් මානව හිමිකම් උල්ලංඝණය කිරීමක්. ඒ තුළම විඳ දරාගැනීම වැනි කාරණා වලට ලක්වෙලා තිබෙනවා. මෙය ඉතා බරපතල කාරණාවක්. මේ පිලිබඳ විශේෂ අවධානයට ලක් කළ යුතුයි.

මේ අවස්ථාව වන විට කාන්තාවන් දැඩි පීඩනයට ලක්වෙලා තිබෙන මොහොතක්. එක් පැත්තකින් ගෘහස්ථ ප්‍රචන්ඩත්වයට ලක්වෙලා තිබෙනවා. අනෙක් පැත්තෙන් තමන්ගේ දරුවන් බලාගන්නා කර්මාන්ත ශාලාව තිබෙන දිවා සුරකුම් මධ්‍යස්ථාන වසා තැබීම හේතුවෙන් ඔවුන් තම දරුවන් රැකබලා ගැනීමේ ගැටළුවට මුහුණ දෙමින් තිබෙන මොහොතක් මේ. කර්මාන්ත ශාලා වල තිබෙන පීඩනයත්, නිවසේ තිබෙන පීඩනයත් සමග දැඩි පීඩනයට ලක්වෙලා සිටින්නේ. මෙලෙස මානසික ආතතියෙන් සිටින වැඩපලේ කාන්තාවන්ට වැඩපළ මට්ටමෙන් හෝ සෞඛ්‍ය උපදෙසන සේවාවක් නැති නිසා ඔවුන්ගේ චිත්ත ධෛර්ය කඩා වැටෙමින් තිබෙන්නේ.

කොවිඩ් වසංගත තත්ත්වයක් තවදුරටත් වර්ධනය වන මේ මොහොතේ සී 190 වැනි පනත් අපරානුමත වී තිබුණේ නම් එක පැත්තකින් ඔවුන් නීතිමය රාමුවක ආරක්ෂාව තිබෙනවා. එසේ නොවී තිබිම තුළ කම්කරු කාන්තාවන් රැකියාවන් තුළ රැඳිම මේ අවස්ථාවේ විශාල බාධාවක් හා ගැටළුවක් වෙලා තිබෙනවා. ඒ බාධා වීම තුළම රැකියාව තුළ රැඳී සිටීම, රැකියාව සමග ඉදිරියට යාම, රැකියාවෙන් බැහැර වීම වැනි කාරණාවන් නිසා රැකියාව සම්බන්ධයෙන් ඇති හැඟීම අහෝසිවෙලා තිබෙනවා.

අපේ රටේ ශ්‍රම බලකායෙන් 35% කාන්තාවන් සිටින්නේ. කාන්තාවන්ට සුදුසු රැකියාව සඳහා සුදුසු රැකියා පරිසරයක් නොමැති කම මෙම තත්ත්වයට බලපාල තිබෙනවා. මේ තත්ත්වය තුළ 190 සම්මුතිය අපරානුමත කළහොත් අපට 35% කියන ශ්‍රම බලකායෙන් තවත් ඉදිරියට යන්න පුළුවන් වෙනවා. රට තුළ සංවර්ධනය වැඩි වෙනවා. කාන්තාවන් තුළ රැකියාව පිළිබඳ තෘප්තිමත්භාවයක් ඇති වෙනවා.

මෙවැනි වසංගත තත්ත්වයන් තුළ රැකියා කිරීමට මෙවැනි නීති සම්මත වී තිබීමෙන් ආරක්ෂාව පිළිබඳ බිය පහව ගොස් රැකියාව නිදහසේ කරගෙන යාමට පහසුවක් සලසනවා.

චමීලා තුෂාරි, වැඩසටහන් සම්බන්ධීකාරිණී, ඩාබිඳු සාමූහිකය