ඊශ්‍රායල-ඉරාන ගැටුම ශ්‍රී ලංකා ආර්ථිකයට අදාළ ද නැද්ද යන්න පිළිබඳව මේ දිනවල විවිධ සාකච්ඡා සිදුකෙරෙමින් පවතී.
ඒමෙන් ම මෙම යුද තත්ත්වය හේතුවෙන් තීරණාත්මක අංශවලට එල්ල විය හැකි අහිතකර බලපෑම් මොනවා ද යන්නත්, රටක් ලෙස අප එයට සූදානම් ද යන්නත් අවිනිශ්චිත ය.
මතු පළ වන්නේ මේ සම්බන්ධයෙන් Advocata Institute සහකාර කළමනාකරු (සන්නිවේදන) ජනත් පෙරේරා සටහන් කළ අදහස යි.
අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා පලක් නැත
ඉරාන-ඊශ්‍රායල් ගැටුමේ අඳුරු සෙවණැලි ශ්‍රී ලංකා ආර්ථිකය මතට | මහාචාර්‍ය විජිතපුරේ විමලරතන හිමි
මෑත කාලීනව මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම්කාරී තත්ත්වය ගෝලීය වශයෙන් පමණක් නොව, ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයන්ට ද සැලකිය යුතු බලපෑමක් එල්ල කළ හැකි බවට අපිට පෙන්න තියන කාරණයක්.
මෙම තත්ත්වය හමුවේ, ශ්‍රී ලංකාවට සිය ආර්ථිකයේ තීරණාත්මක අංශවලට අහිතකර බලපෑමක් ඇතිවිය හැකිය. දැවැන්ත ආර්ථික අර්බුදයකින් ක්‍රමයෙන් ගොඩයමින් සිටියදීම මෙවැනි ගෝලීය ආර්ථික කම්පනවලත් අපිට රටක් විදියට සූදානම් වීමට සිදු වනු ඇත.
අස්සයා ගියාට පසු ඉස්තාලේ වසා දැමීමේ න්‍යාය බොහෝ කලක් තිස්සේ අනුගමනය කරන අප මෙය ඉතා බැරූරුම් ලෙසත් පුළුල් ලෙසත් ගත යුතු ය. අප රටක් විදියට මෙයට සූදානම්ද ආණ්ඩුවේ Strategic plan එක කුමක් ද?
මහා රෑ ඉන්ධන මිළ වැඩි කරයි - ඉන්ධනහල් 70%කට වඩා වැසෙයි !
ඕනෑම මැදපෙරදිග ගැටුමක ප්‍රධානතම ක්ෂණික බලපෑමක් වන්නේ ගෝලීය තෙල් මිල ඉහළ යෑමත් සමගය. ශ්‍රී ලංකාව සිය බලශක්ති අවශ්‍යතා සඳහා බොරතෙල් ආනයනය මත දැඩි ලෙස රඳා පවතී. ගෝලීය වෙළඳපොළෙ තෙල් මිල ඉහළ යෑම සෘජුවම ශ්‍රී ලංකාවේ ආනයන පිරිවැය ඉහළ නංවයි.
මෙය රට තුළ ඉන්ධන මිල ඉහළ යෑමට හේතු වන අතර, ප්‍රවාහන වියදම්, භාණ්ඩ නිෂ්පාදන පිරිවැය සහ සමස්තයක් ලෙස උද්ධමනය වැඩි වීමට තුඩු දෙනු ඇත. බලශක්ති වියදම් ඉහළ යෑමෙන් ව්‍යාපාරික කටයුතු අඩාල වන අතර, සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවන වියදම තවදුරටත් ඉහළ යනු ඇත.
සංචාරක කර්මාන්තයට බලපෑමක්
මෙම වසරේ සංචාරක ආගමනය ලක්ෂ 20 ඉක්මවයි
නැගෙනහිර මැදපෙරදිග කලාපයේ අස්ථාවරත්වය, ගෝලීය සංචාරක ව්‍යාපාරයට සෘණාත්මක බලපෑමක් ඇති කරයි. ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් සැලකිය යුතු විදේශ විනිමය ආදායමක් උපයන රටකි. කලාපීය ගැටුම් හේතුවෙන් ගුවන් ගමන් මාර්ගවල ඇතිවන බාධා, ගමන් බිය සහ ආර්ථික අවිනිශ්චිතතාවය සංචාරකයින්ගේ පැමිණීම අඩු කිරීමට හේතු විය හැකි ය.
විශේෂයෙන් යුරෝපයෙන් සහ මැදපෙරදිග කලාපයෙන් පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව අඩුවීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දැඩි ලෙස බලපානු ඇත.
ආනයන හා අපනයන කටයුතු සඳහා කරන බලපෑම
මැදපෙරදිග කලාපය ලෝක වෙළඳ මාර්ගවල ප්‍රධාන කේන්ද්‍රස්ථානයකි. විශේෂයෙන්ම සූවස් ඇළ සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය යනාදි ප්‍රධාන නාවික මාර්ගවලට ගැටුමක දී බාධා පැමිණියහොත්, ගෝලීය සැපයුම් දාමයට දැඩි බලපෑමක් එල්ල වනු ඇත.
ආනයන - අපනයන භාණ්ඩවලට තවත් ගැසට්ටුවක් !
ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන කටයුතු සඳහා මෙම නාවික මාර්ග අතිශය වැදගත් වේ. නාවික ගාස්තු ඉහළ යෑම, නැව්ගත කිරීමේ ප්‍රමාද සහ ඇතැම් භාණ්ඩවල හිඟතාවය ශ්‍රී ලංකාවේ වෙළඳ කටයුතුවලට අහිතකර ලෙස බලපානු ඇත. මෙය නිෂ්පාදන පිරිවැය ඉහළ නැංවීමට සහ අපනයන තරඟකාරීත්වය අඩු කිරීමට හේතු විය හැකි ය.
ඕනෑම කලාපීය ගැටුමක්, ගෝලීය වශයෙන් ආයෝජකයින් අතර අවිනිශ්චිතතාවයක් ඇති කරයි. මැදපෙරදිග අස්ථාවරත්වය ආසියානු කලාපයේ මූල්‍ය වෙළඳපොළට ද බලපෑම් එල්ල කළ හැකි ය. ශ්‍රී ලංකාව, ආයෝජන ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරන මොහොතක, එවැනි ගැටුමක් විදේශීය සෘජු ආයෝජන පැමිණීම අඩු කිරීමට හේතු විය හැකි ය. ආයෝජකයින් ආරක්ෂිත ආයෝජන වෙත යොමු වීමෙන්, ශ්‍රී ලංකාව බඳු සංවර්ධනය වෙමින් පවතින රටවලට ලැබෙන විදේශීය ප්‍රාග්ධන ගලනය අඩුවිය හැකි ය.
රටක් විදියට අපිට කරන්න තියෙන්නේ මොනවද?
මෙවැනි ගෝලීය අර්බුදවලට යුදමය වශයෙන් හෝ දේශපාලනික වශයෙන් මුහුණ දීමට අපි වැනි කුඩා ආර්ථිකයක් ඇති රටකට කිසිසේත්ම නොහැකි ය. කළ හැක්කේ මෙවැනි අර්බුදකාරී තත්ත්වවලින් අපේ ආර්ථිකයට, විදේශිය සබදතාවලට වන බලපෑම අවම කරගැනීමට කලහැකි ක්‍රියාමාර්ග ගැනීමයි.
මැද පෙරදිග කලාපය අපගේ ප්‍රධාන අපනයන කලාපයක් වන අතර අපි බොහෝ විට සඳහන් කළ අපනයන විවිධාංගීකරණය සහ කලාප විවිධාංගීකරණයට අප හැකි ඉක්මනින් යායුතු ය. අප නව වෙළදපළවල් සොයා සපයා ගත යුතු ය.
ඒසඳහා රාජ්‍ය අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම් අතිශය තීර්ණාත්මක වේ වඩා ලිහිල් සහ නිදහස් වෙළඳ ගනුදෙනු ප්‍රතිපත්තියක් හා සෘජු නිරන්තරයෙන් වෙනස් නොවන විදේශ ප්‍රතිපත්තිවලට හැකි ඉක්මනින් යා යුතුව ඇත.
පෞද්ගලික අංශයේ සෘජු මැදිහත් වීම අවශ්‍ය ඇයි?
දැන ගියොත් පිටරට- නොදැන ගියොත් පාරට! - (හර්ෂා සුගතදාස)
මෙවැනි යුධ ගැටුම්වල ප්‍රතිපලයක් ලෙස රැකියා අහිමිවන විශාල විදේශීය ශ්‍රමිකයන් පිරිසක් නැවත අපගේ ආර්ථිකයට අවශෝෂණය කරගතයුතුව ඇත. නැතහොත් වෙනත් විදේශ රැකියා අවස්ථා සොයා සපයාදීමට සිදුවන ඇත. ඒ පිළිබඳව වැඩි අවධානයක් ලක් කරයුතු ඇති අතර, වැඩි රැකියා ප්‍රමාණයක් රට තුළ ම නිර්මාණය කිරීමට නම් නිෂ්දකයාට, නව නිපැවුම්කරුවාට ,ව්‍යාපාරිකයාට සහ ආයෝජකයාට වඩා සුදුසු පහසු පරිසරයක් රටතුළ නිර්මාණය කළ යුතු ය.
භූමියේ අයිතිය පිළිබඳව තවමත් නොවිසිදුනු ගැටලු ඇත; ආයෝජන කලාපවල ඉඩ පහසුව අවසන් වී ඇත; නව අයෝජන කලාප නවෝත්පාදන නගර නිර්මාණය විය යුතු ය . මෙවැනි දෑ රජයට තනිව කළ නොහැකි අරත පෞද්ගලික අංශයේ සෘජු මැදිහත් වීම මෙයට අවශ්‍යය එයට අවස්ථාව සලසා දිය යුුතු ය.
බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදය සහ විසඳුම්
සෝලා ඕෆ් කරන්න කියා තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කළේ නෑ - ලංවිම අවධාරණය කරයි
බලශක්ති ක්ෂේත්‍රය දැවැන්ත අර්බුදයකට යෑමට නියමිත බැවින් බොරතෙල් සපයා ගැනීම සඳහා නව මූලාශ්‍ර සොයාගතයුතු අතර විදුලිය නිෂ්පාදනය සඳහා වඩා වැඩි නැඹුරුතාවකින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව සූර්ය සහ සුළංවලට යා යුතුව ඇත.
එවා අධෛර්යට පත්කිරීම කැබිනට් පත්‍රිකා යොමුකිරීම පසෙකලා දිරිමත් කරමින් වඩා පුළුල් කළ යුතු ය.
ලෝකයේ අපේ ප්‍රශ්න නොවන්නට නම්...
සංචාරක කර්මාන්තය සහ විදේශ විනිමය මගින් ඩොලර් ඉපයීම ඉතා අස්ථාවර ලෝක තත්ත්වයන්ට ඉතා සංවේදී විදේශ ඉපයීම් මූලාශ්‍ර ය. ඒවා මත පමණක් රඳා පවතිමින් රටකට මෙම ඇතිවී තිබෙන තත්ත්වයන් යටතේ ඉදිරි ගමනක් යෑම අවිනිශ්චිත ය. එම නිසා ලෝකයේ Supply chains වල පුරුකක් වෙමින් ලෝක ආර්ථිකයට නිෂ්පාදන සිදු කළ යුතු ය.
ඩොලර් අර්බුදය හෙටින් අවසන් !
සෘජු විදේශ ආයෝජන කැඳවමින් ලෝකයේ Investment and innovation hub එකක් බවට පරිවර්ථනය කිරීමට අවශ්‍ය, තීරු බදු නීති, විදේශ වෙළදාම් සහ ආයෝජන නීති, බැංකු සහ මුල්‍ය නීති, කම්කරු නීති, බුද්ධිමය දේපළ හා පාරිභෝගික නීතී මෙන්ම රේගු නීති නව ලෝකයට සහ ආර්ථිකයට ගැළපෙන පරිදි යාවත්කාලීන මෙන් ම සරල කළ යුතු ය.
මෙම යෝජනාවලට එහා ගිය විශාල ආර්ථික ප්‍රතිසංස්කරන සහ ලිහිල් කිරීම්වලට වහ වහා යායුතුව ඇත. නැතහොත් රටේ ලෝකයේ තියන ප්‍රශ්න ක්‍රමයෙන් අපේ ප්‍රශ්න වනු ඇත.
| ජනත් සී පෙරේරා)
Assistant Manager (Communication) - Advocata Institute
(theleader.com)