මෙම නව කුරුළු උණ වෛරසය පළමුවරට රුසියාවෙන් වාර්තා වී තිබෙන අතර අනතුරුව ඔවුන් එය ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) දැනුම් දී තිබෙන බවත් සඳහන්.
ඉතා මෑත කාලයකදී රුසියාව, යුරෝපය, චීනය, මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව යන රටවල්හි H5N8 වෛරසය පිළිබඳව වාර්තා වී තිබුණි .
නමුත් එම වෛසරය මිනිසුන්ට ආසාදනය වූ පළමු අවස්ථාව මෙය බව රුසියානු සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ වනවිට රුසියාවේ කුකුළු කම්හලක කම්කරුවන් 7 දෙනෙකුට H5N8 වෛසරය ආසාදනය වී ඇති බවයි .
වෛරසය ආසාදනය වූ පුද්ගයින් හත් දෙනා මේ වන විට සුවය ලබමින් සිටි අතර වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විධිමත් පියවර ගෙන ඇති බව රුසියාව පවසයි.
නිසි ලෙස පිසින ලද මස් ආශ්රිත ආහාර ආරක්ෂිත යැයි සැලකුව ද කුකුළු මස් ආශ්රිත නිෂ්පාදන සම්බන්ධව මේ වනවිට අනාරක්ෂිත බවක් මතුව තිබේ.
මක් නිසාද මෙම වෛරසය බහුතරයක් ව්‍යාප්ත වන්නේ, වන පක්ෂීන් සංක්‍රමණය කිරීමෙන් වන අතර කුකුළු මස් ආශ්රිත නිෂ්පාදන රටවල් තම කුකුළු පැටවුන් ගෘහස්ථව තබා ගැනීමට හෝ වෙනත් සතුන් සමග සම්බන්ධ වීමෙන් තොරව ආරක්ෂා කර ගැනීම සුදුසු බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි .
සයිබීරියාවේ Vector Institute පැවසුවේ , H5N8 වෛරසය එරෙහිව එන්නතක් නිපදවීම ආරම්භ කරන බවය.