පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් මුහුණ දෙන ප්‍රබලම සෞඛ්‍ය අවදානම

පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් මුහුණ දෙන ප්‍රබලම සෞඛ්‍ය අවදානම
  • දේශගුණය ආශ්‍රිත රෝගාබාධ වැඩිවීම මධ්‍යයේ පොදුරාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි පීඩනයක

පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් මුහුණ දෙන විශාලතම ගැටලුව දේශගුණික විපර්යාස බව එම සංවිධානයේ මහ ලේකම්වරිය වන පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland) ආචාර්යාව පවසයි. ඇය පැවසුවේ එය අනාගතයේ ගැටලුවකට වඩා “අද යථාර්ථයක්” බවයි.

තාප ආතතිය වැනි බලපෑම් සහ විශේෂයෙන් කුඩා දූපත් රාජ්‍ය වල  කෘමීන් මගින් බෝවන රෝග උග්‍ර වීම මෙම අවදානම තව දුරටත් තීව්‍රර කර ඇතැයි ද ඇය පැවසුවාය.

“මැලේරියාව, ඩෙංගු උණ, චිකුන්ගුන්‍යා වැනි වෙනස් වන දේ දෙස බැලුවහොත් මේ සියල්ල දේශගුණයට සම්බන්ධයි,” ඇය පැවසුවාය.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඇස්තමේන්තු කරන්නේ දේශගුණික අර්බුදය හේතුවෙන් 2030 සහ 2050 අතර කාලය තුළ මැලේරියාව, මන්දපෝෂණය, පාචනය සහ තාප ආතතියෙන් පමණක් වසරකට අමතර මරණ 250,000ක් පමණ සිදුවනු ඇති බවයි.

පූර්ව කාර්මික මට්ටමට වඩා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම 1.5C (2.7F) දක්වා සීමා කිරීමේ ජාත්‍යන්තර ඉලක්කය ගැන සඳහන් කරමින් ස්කොට්ලන්ඩ් ආර්යාව මෙසේ පැවසුවාය: “ඔබ ටුවාලු දූපත් දෙස බැලුවහොත්, අපි 2015 දී ප්‍රකාශ කළේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක 1.5කට සීමා කිරීම මගින් පමණක් එහි පැවැත්ම සහතික කළ හැකි බවයි. එය සටන් පාඨයක් නොවේ, එය ටුවාලු දූපත්වලට යථාර්ථයක්ව තිබෙනවා. අපි දැන් ඉන්නේ සෙල්සියස් 1.5කින් ගෝලීය උෂ්ණත්වය ඉහළ ගිය අවස්ථාවක. ඉතින් ටූවාලු දූපත්වල හෙට දවස ගැන අපිට කිසිම සහතිකයක් දෙන්න බැහැ. එය තව දුරටත් සටන් පාඨයක් නොවෙයි” ඇය තවදුරටත් පැවසුවාය.

කැරිබියන් දූපත් වන ඩොමිනිකා හි උපත ලද පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් සිය පවුල සමඟ එක්සත් රාජධානියට ගොස් ලන්ඩනයේ හැදී වැඩුණු අතර පසුගිය කම්කරු රජය සමයේ නීතිපති ලෙස කටයුතු කළාය.

ඇය 2016 වසරේ සිට පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරයා ලෙස කටයුතු කර ඇති ඇත. පසුගිය මාසයේ ජිනීවා හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය ඇමතිවරුන්ගේ රැස්වීමකදී, වඩාත් අවදානමට ලක්විය හැකි රටවල දේශගුණයට ඔරොත්තු දෙන සෞඛ්‍ය පද්ධති ගොඩනැගීමට කණ්ඩායම කැපවී සිටින අතරතුර ඇය සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍ය 25 මත පීඩනය යෙදූ “කම්පන” මාලාවක් ලැයිස්තුගත කළාය.

ඒවාට Covid-19 වසංගතයේ සෞඛ්‍ය හා ආර්ථික බලපෑම් මෙන්ම ණය ගැටලු සහ ආහාර අනාරක්ෂිත භාවය ඇතුළත් වේ.

දේශගුණික අර්බුදය හමුවේ ඔරොත්තු දෙන බව ඔප්පු කළ හැකි ආකාරයේ ශක්තිමත්, හොඳින් කාර්ය මණ්ඩලයක් සහිත සෞඛ්‍ය පද්ධති නිර්මාණය කිරීම එම සාධක දුෂ්කර කර ඇති බව මහ ලේකම්වරිය පවසයි.

හෘදයාබාධ සහ ආඝාත වැනි “විශාල ඝාතක” රෝගවලින් එල්ල වන තර්ජන, ප්‍රතික්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධයේ පීඩනය සහ තවත් වසංගතයක් ඇතිවීමේ හැකියාවට වඩා දේශගුණ අර්බුදය දැඩි වූ බව ඇය පැවසුවාය.

පොදුරාජ්‍ය මණ්ඩලීය නිලධාරීන් දේශගුණය ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු පිළිබඳ උදාහරණ ඉදිරිපත් කරන අතර ඒවා දුප්පත් සාමාජික රටවලට සීමා නොවන බව ද පවසති. 2019 පත්‍රිකාවක් අනතුරු ඇඟවූයේ කැනඩාව “විදේශීය” බෝවන රෝග මෙන්ම දේශීයව ආවේණික රෝග වැඩි සංඛ්‍යාවක් දැකීමට ඉඩ ඇති බවයි.

මෙය ක්‍රියාවට දිරිගැන්වීමට උපකාර විය හැකිය. පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරිය තවදුරටත් මෙසේ පැවසුවාය: “මම 2016 දී මහලේකම් වූ විට, [දේශගුණික විපර්යාස] සර්වසම්පූර්ණ බව තේරුම් ගැනීමට මිනිසුන්ට උපකාර කිරීමේදී අපට තිබූ දුෂ්කරතාවය ඇත්තෙන්ම දැඩි වුණා”

නමුත් ඇය එක්සත් රාජධානියේ මෑත කාලීන ආන්තික කාලගුණය පෙන්වා දෙමින් මෙසේ පැවසුවාය: “දැන් යුරෝපයේ මිනිසුන්ට  අනෙක් මිනිසුන් ජීවත් වූ ආකාරය ගැන වැටහෙන්න පටන් ගෙන තිබෙනවා”

පොදුරාජ්‍ය මණ්ඩලය කුඩා සාමාජික රටවලට ඔවුන්ගේ සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර අරමුදල් වෙත ප්‍රවේශ වීමට උපකාර කර ඇති අතර, මිනිසුන්ට මුහුණට මුහුණලා ප්‍රතිකාර කිරීමට ප්‍රවේශ වීමට නොහැකි වූ විට ඩිජිටල් සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශය වැඩි දියුණු කිරීම ඇතුළු පියවර ගෙන තිබෙන බව පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් පැවසුවාය.

පොදුරාජ්‍ය මණ්ඩලය විසින් අධි තාක්‍ෂණික මදුරු නිරීක්ෂණ උපකරණ සහ ඩෙංගු පැතිරීම සඳහා AI මත පදනම් වූ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති වැනි තාක්ෂණික විසඳුම් සම්බන්ධීකරණය කරමින් සිටින බව ඇය පැවසුවාය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය අමාත්‍ය මණ්ඩල රැස්වීම ජිනීවා හි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෝක සෞඛ්‍ය සමුළුවට පෙර පැවැත්විණි. ඉදිරි වසර හතර තුළ සෞඛ්‍යයට උග්‍ර වන තර්ජනයක් ලෙස දේශගුණික අර්බුදය කෙරෙහි අවධානය යොමු කළ යුතු බවට රටවල් එකඟ විය.

“ලෝකය අවසන් වේ යැයි කීමෙන් පලක් නැහැ. එය අවසන් වන්නේ අප එයට ඉඩ දුන්නොත් පමණයි. අපි සටන් කළ හැකි අය. අපි දැන් සටන් කළ යුතුයි.” ඇය වැඩි දුරටත් පැවසුවාය.

සැකසුම – මධූ වික්‍රමසිංහ

https://www.theguardian.com/global-development/article/2024/jun/07/commonwealth-patricia-scotland-climate-crisis-health-threat-insect-diseases-small-island-developing-states