කුවේට් තානාපති කාර්යාලයේ නිරුවත ලොකෙට හෙළි කළ දිස්නාගේ ජීවිතේ අවසන් පැය කීපයද මේ?

ආණමඩුවේ දිස්නා තුෂාරි අවුරුදු 22ක් තිස්සේ කුවේට් හී රැකියාව කරන ශ්රී ලංකේය කාන්තාවක්.
පසු ගිය දිනක ඇය සිය මූනුපොතේ සජීවීව පෙනී සිටිමින් කුවේට්හී ශ්රී ලංකා තානාපති කාර්යාලයේ සිදුවන අක්රමිකතාවක් ගැන ලොවටම කීම නිසා එරට වෙලාවෙන් අද(03) දහවල් 12.30 වන විට ඇය කුවේට් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති බව කියනවා.
දිස්නා කියන විදිහට කුවේටයේ පොලිසියට කාන්තාවක් යනවා කියන්නේ යළි නොඑන ගමනකි.
කුවේට් හී සේවය කරද්දී කොරෝනා වැලදී මිය ගිය වේයන්ගොඩ සුමිත්රා නම් 49 හැවිරිදි කාන්තාවකට වූ අසාධාරණයක් ගැන කතා කිරීම නිසා අද ඇය ජීවිත අවදානමකට මූන දී ඇති බවත් ඇගේ ජීවිතේ බේරා දෙන ලෙසත් ඇය හැඩූ කඳුළින් කීය.
මූලාශ්රය - අරුණ
වැඩබිම