![විදේශයේ සිට එන ලාංකිකයින්ට තීරු බදු සහන ලැබෙයි -මෙන්න නිවේදනය](/images/2020/12/05/flemingo_colombo_jan2012_departures_entrance_large.jpg)
කොරෝනා වසංගත තත්ත්වය මත විදේශයේ සිට පැමිණි පසුව නිරෝධායන ක‍්‍රියාවලියට යොමුවීම හේතුවෙන් ගුවන්තොටුපොළ බදු රහිත සාප්පු සංකීර්ණයේ වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි වූ ගුවන් මගීන්ට ඒ සඳහා අවස්ථාවක් ලබා දී තිබෙන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගුවන් තොටුපළ හා ගුවන් සේවා පුද්ගලික් සමාගමේ අලෙවි කළමනාකරණ හා ආයතනික සන්නිවේදන අංශයේ ප‍්‍රධානී ආචාර්ය සුමිත් ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත්තේ විදේශයේ සිට පැමිණි ගුවන් මඟීන්ට සිය නිරෝධායන කාලසීමාව අවසන් වූ දිනයේ සිට මාසයක කාලයක් තුළ ගුවන්තොටුපොළ වෙත පැමිණ එහි පිහිටි බදු රහිත සාප්පු සංකීර්ණයේ වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව සලසා ඇති බවයි.
ඔබත් විදේශයේ සිට පැමිණ නිරෝධායනය සඳහා ගොස් එම කාලසීමාව අවසන් කර සිය නිවෙස්බලා ගිය අයෙක් නම් මාසයක් යාමට මත්තෙන් මේ තීරු බදු සහන ලබා ගන්න.
වැඩබිම