![මැදපෙරදිග හා තවත් රටවල් දෙකක රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට](/images/2020/12/06/plane 2_large_large.jpg)
කොරෝනා වසංගතය හමුවේ දිවයිනට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල් දෙකක හා ඕස්ට්‍රේලියාවේ මෙන්ම ජපානයේ රැඳී සිටි ලාංකිකයින් 298 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත අද (06) අලුයම් කාලයේ දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ගුවන් යානා දෙකකික් ලාංකිකයින්169 දෙනෙකු හා කටාර් රාජ්‍යයේ සිට ලාංකිකයින් 41 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සිට පැමිණි ලාංකිකයින් 38 දෙනෙකු හා ජපානයේ සිට ලාංකිකයින් 50 දෙනෙකු එලෙස පැමිණි පිරිස අතරට අයත්.
පැමිණි සියලුම ගුවන් මඟීන් කටුනායක ගුවන්තොටුපළේදී පී.සී.ආර් පරීක්ෂණවලට ලක්කොට තිබෙන අතර අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොමුකර තිබෙන බවත් සඳහන්.
වැඩබිම