![විදේශයේ රැඳී සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට එයි](/images/2020/12/12/plane 2_large_large_large.jpg)
කොරෝනා වසංගත තත්ත්වය නිසා මෙරටට පැමිණීමට නොහැකිව විදේශයේ රැඳී සිටි ලාංකිකයින් 523 දෙනෙකු අද දිනයේ දිවයිනට පැමිණ තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලාංකිකයින් 300ක්, කටාර් රාජ්‍යයේ සිට ලාංකිකයින් 127 හා ඉන්දියාවේ සිට ලාංකිකයින් 96ක් එලෙස පැමිණි පිරිස අතරට අයත්.
පැමිණි සියළුම ගුවන් මඟීන් ගුවන්තොටුපළ තුළදී පී.සී.ආර් පරීක්ෂණවලට ලක්කර තිබෙන අතර අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකළ බවත් සඳහන්.
එමෙන්ම, කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ චීනය සහ ජර්මනියේරැදී සිටින ශ්‍රී ලාංකිකයින් 33දෙනෙකු ද අද (12) දිනය තුළ දිවයිනට පැමිණීමට නියමිත බවයි.