![විදෙස්ගතව සිට එන අයට නිරෝධායනයේදී සහන සලසන ලෙස ඉල්ලීමක්](/images/2021/01/07/middle east1_large_large.jpg)
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කන්ඩායම් රැස්විම අද සවස අගමැතිතුමාගෙ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී විදේශීය ශ්‍රමිකයන් මෙරටට ගෙන්වාගැනීම ගැන සාකච්ඡා පවත්වා තිබෙනවා.
මෙහිදී අමාත්‍ය අරැන්දික ප්‍රනාන්දු, විදේශීය ශ්‍රමිකයන් අනිවාර්යයෙන්ම ගෙන්වාගතයුතු බවත් ඔවුන් නිරෝධායන සදහා හෝටල් වලින් සහන මිලක් ලබාදිය යුතු බවත් එසේ නොමැතිනම් නිවෙස් වල නිරෝධායන සදහා ඉඩ දිය යුතු බවත් ප්‍රකාශ කලා.
මෙහිදි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සභාවට යෝජනා කලේ මේවන විට මුදල් ගෙවා හොටල් වල කරන නිරෝධායනය නවත්වා රජය විසින් නොමිලේ සියලු ශ්‍රමිකයින් නිරෝධායනය කල යුතු බවයි. එමෙන්ම පහුගිය සමයේ යම් යම් හෝටල් මගින් නිරෝධායන වෙනුවෙන් ලබාගත් අයකිරීම් ගැනද විමර්ශන කල යුතු බව අවධාරණය කර සිටිනවා.