![විදේශයේ සිරවී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට](/images/2021/01/24/plane (2)_large_large_large.jpg)
කොරෝනා වසංගත තත්ත්වය නිසා දිවයිනට පැමිණීමට නොහැකිව විදේශයේ රැඳී සිටි ලාංකිකයින් 326 දෙනෙකු අද උදෑසන කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.
අද පෙරවරු 08.30න් අවසන් පැය 24 තුළ ගිවන් ගමන් 06ක් මඟින් මෙම පිරිස දිවයිනට පැමිණ තිබෙන බවයි ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
එලෙස පැමිණි පිරිස අතරට ඩුබායි සිට 152ක් හා මාලදිවයිනේ සිට ලාංකිකයින් 70ක් පමණ ඇතුළත්.
පැමිණි සියලුම දෙනා ගුවන්තොටුපළ පරිශ්‍රවයේදී පී.සී.ආර් පරීක්ෂණවලට ලක්කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකල බවත් සඳහන්.