
කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයේ අසරණව සිටි ලාංකිකයින් පිරිසක් ඊයේ රාත්‍රී කාලයේ කටුනායක ගුවන්තොටින් දිවයිනට පැමිණ තිබේ.
මෙලෙස පැමිණ පිරිස ෂීෂෙල්ස් රාජ්‍යයේ රැකියාව සඳහා ගොස් මව්බිමට පැමිණීමට නොහැකිව එරට රැඳී සිටි අයවන අතර කණ්ඩායම් වශයෙන් ලාංකික ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ ඔවුන් ගෙන්වා තිබුණි.
එලෙස ගෙන්වූ පිරිස 164 දෙනෙකුගෙන් සමන්විත බවයි ගුවන්තොටුපළ කාර්යය භාර නිලධාරිවරයා සඳහන් කර ඇත්තේ.
ගුවන්තොටුපළට පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා යුධ හමුදාඅව විසින් නිරෝධායන සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිරිස රැගෙන ගොස් තිබුණි.