විදේශ අමාත්‍යාංශය කොන්සියුලර් සේවාවන් සීමාකෙරේ

 විදේශ අමාත්‍යාංශය කොන්සියුලර් සේවාවන් සීමාකෙරේ

කොරෝනා අවදානම හමුවේ සෞඛ්‍ය බලධාරීන් විසින් මෑතක දී නිකුත් කරන ලද මාර්ගෝපදේශවලට අනුකූලව, විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය සිය මෙහෙයුම් සීමාකර තිබේ.

මේ අනුව දිනපතා පෙ.ව. 7.30 සිට ප.ව. 1.00 දක්වා සීමාකර ඇත.

ඉදිරි සතිවල දී කොන්සියුලර් අංශය හදිසි/ සාධාරණ අවශ්‍යතා ඇති අය වෙනුවෙන් සිය සේවාවන් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බව විදේශ අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

තවද විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ මරණ සහ අපනයන ලියකියවිලි හා අදාළ සහතික සහතික කිරීම හැර අනෙකුත් කොන්සියුලර් සේවා සපයනු ලබන්නේ කලින් වේලාව වෙන්කර ගත් පිරිසට පමණි.

වෙලාව වෙන්කරවා ගැනීමට – 011-2335942 , 011-2338836 , 011-2338812 , email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.