![මේ පණිවිඩය කුවේටයේ සිටින ඔබේ අවදානය පිණිසයි](/images/2021/05/08/kuwait_large.jpg)
කුවේටයේ සිටින ලාංකික ඔබට අතිශය වැදගත්වෙන කාරණයක් සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන්ස් ලිවින් ඉන් කුවේට් ෆේස් බුක් පිටුව විසින් දැනුවත් කිරීමක් සිදුකර තිබේ.
"ඔබ මෙරට සිට තම මව්බිම කරා යන අවස්ථාවේ ඔබගේ දූදරුවන් හා පවුලේ අය වෙනුවෙන් මෙරට සිට කාර්ගෝ මාර්ගයෙන් බඩුබාහිරාදිය ශ්‍රී ලංකාවට යවන බව අප ඔබ සියලුම දෙනා හොදින් දන්නා කරුණකි....නමුත් එම බඩු බාහිරාදිය ශ්‍රී ලංකාවේදී ඔබ අතට පත්වූ පසු ඔබ එය වීඩියෝ පටිගත කර අන්තර්ජාල හෝ වෙනත් පුද්ගලයන් හට යැවීමෙන් වලකින්න..මන්ද ඔබ කුවේට් ජාතිකයන් හට ලබාදෙන සහණාධාර බඩු බාහිරාදිය එහි තිබුනහොත් එය ශ්‍රී ලංකාවේ රජයට ගැටලුවක් නොවුනත් මෙරටින් එම බඩුබාහිරාදිය පිට කිරීම නීති විරෝධී ලෙස කුවේට් රජය විසින් සලකන නිසාවෙනි....එලෙස බඩු බාහිරාදිය මෙරටින් ටොන් ගනනින් පිටකල බොහෝ දෙනා කුවේට් රජය විසින් අත් අඩංගුවට ගෙන තිබේ එම නිසා අප රටේ කීර්ති නාමයට කැලලක් වන මෙවැනි ක්‍රියාකාරකම් වලින් මිදී සිටින ලෙස ශ්‍රී ලන්කන්ස් ලිවින් ඉන් කුවේට් වන අප ඔබට මතක් කර සිටින්නෙමු..."