![විදේශයේ නීතිවිරෝධීව රැඳී සිටි ලාංකිකයින් පිරිසක් අත්අඩංගුවට](/images/2021/06/12/arrest_large.jpg)
නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 61 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් තමිල්නාඩු හා කර්ණාටක පොලිස් ස්ථාන මඟින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එම මෙහෙයුමේදී මිනිස් ජාවාරම්කරුවන් 7 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
එම ශ්‍රී ලාංකිකයින් මාස දෙකක පමණ කාලයක් නීතිවිරෝධීව තමිල්නාඩු සහ කර්ණාටක ප්‍රදේශවල රැඳී සිට ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.