රට යන්න වංචාකරුවන්ට සල්ලි දෙන්න එපා

රට යන්න වංචාකරුවන්ට සල්ලි දෙන්න එපා

පෝලන්තය, රුමේනියාව, ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය, මැලේසියාව හා මාලදිවයින වැනි රටවල රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකරන පුද්ගලයින්ට හසු නොවන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

වර්තමානයේ රට තුළ පවතින තත්වය හේතුවෙන් විශාල පිරිසක් විදේශ රැකියා සඳහා යාමට උනන්දුවක් දක්වයි. ඒ හේතුවෙන් ඉහත රටවල රැකියා ලබාදෙන බව පවසා සමාජ මාධ්‍ය හා වෙබ් අඩවිවල දැන්වීම් පළකරමින් මුදල් ලබාගන්නා වංචාකරුවන් සම්බන්ධයෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබෙන පැමිණිලි දිනෙන් දිනම ඉහළ ගොස් ඇති බැවින් විදේශ රැකියාවක් සඳහා යාමට කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට විදේශ ගමන් බලපත්‍රය හෝ මුදල් ලබාදීමට පෙර එම ආයතනය කාර්යාංශයේ බලපත්‍රයක් හිමි නීත්‍යානුකූල ආයතනයක්ද යන්න සොයා බලන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරමින් සඳහන් කළේය.

කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියෙන් හෝ කාර්යාංශයේ පැය 24 පුරා ක්‍රියාත්මක තොරතුරු මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1989 ඇමතීම මගින් මහජනතාවට රැකියා නියෝජිතායතනවල නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු දැනගත හැකිය.

විදේශ රැකියා වංචාකරුවන් පිළිබඳව තොරතුරු දන්නේ නම් ඔවුන් පිළිබඳව තොරතුරු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලබාදෙන ලෙස අමාත්‍යවරයා විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියේය.විශේෂ විමර්ශන අංශය- දුරකථන අංකය - 0112864241, ෆැක්ස් අංකය - 0112864118, ඊමේල් ලිපිනය - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.