
අංක 23/58 ඒ, ගැමුණු පුර, අම්පාර යන ලිපිනයේ දැනට පවත්වාගෙන යන ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නැගෙනහිර පළාත් කාර්යාලය 2022 නොවැම්බර් මස 15 දින සිට වෙනත් ස්ථානයක ස්ථාපිත කරන බව කාර්යාංශය නිවේදනය කරයි.
ඒ අනුව එදින සිට අම්පාර, උහන පාරේ, අංක 651 දරණ ලිපිනයේ පිහිටි ගොඩනැගිල්ලක කාර්යාංශයේ නැගෙනහිර පළාත් කාර්යාලය පවත්වාගෙන යනු ලබයි.
එම කාර්යාලය මගින් විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරීම්, සමථකරණ කටයුතු ඇතුළු කාර්යාංශයේ ප්රධාන කාර්යාලය මගින් ලබාදෙන සියළු සේවාවන් ලබාගත හැකිය. ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවාවන් ලබාගැනීම සඳහා පැමිණෙන සියළු දෙනා 2022.11.15 දින සිට අම්පාර, උහන පාරේ, අංක 651 නව කාර්යාලයට පැමිණෙන ලෙස කාර්යාංශය දන්වා සිටියි.
දුරකථන අංක- 063-2223413/ 063- 2222188