විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය මාසයේදී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ, අනුව 2022 වසරේ පෙබරවාරි මාසයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 205ක් වූ ප්‍රේෂණ ප්‍රමාණය මේ වසරේ පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 407ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.
පෙබරවාරි මාසය තුළ 23,974 දෙනෙකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවද මහ බැංකුව සඳහන් කරයි.
එමෙන්ම පෙබරවාරි මාසයේ සංචාරක ක්ෂේත්රයේ ඉපැයුම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 170ක් දක්වා ඉහළ ගොස් තිබේ.