ජනවාරි සිට මැයි දක්වා දකුණු කොරියාවට 2679 ගිහින්

ජනවාරි සිට මැයි දක්වා දකුණු කොරියාවට 2679 ගිහින්

2024 වසරේ ගතවූ මාස 5ක කාලය තුලදී පමණක් ශ්‍රි ලාංකිකයින් 2,679 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබෙන අතර, දකුණු කොරියාවේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ තවත් ශ්‍රි ලාංකිකයින් 150 කු  (5/21) දින UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව යන ලදී. මෙම පිරිසට තරුණියන් 6 දෙනෙකුද අයත් වේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවේ. එම අවබෝධතා ගිවිසුම අනුව 2004 වසරේ සිට අඛණ්ඩව මේ දක්වා ශ්‍රි ලාංකිකයින් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන අතර, අද වන විට තරුණ ප්‍රජාව දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට වැඩි උනන්දුවක් ඇතිවී තිබේ.