
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදේශයේ රැඳී සිටි ලාංකිකයින් 277 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ.
එලෙස පැමිණි පිරිස අතරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 76 දෙනෙකු, එරට අබුඩාබි සිට තවත් ලාංකිකයින් 42 දෙනෙකු, කටාර් රාජ්‍යයේ දෝහා සිට 96 දෙනෙකු හා ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි 53 දෙනෙකු අයත්.
මෙම පිරිස කටුනායක ගුවන්තොට වෙත පැමිණීමෙන් අනතුරුව පී.සී.ආර් පරීක්ෂණවලට ලක්කොට පසුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.
වැඩබිම