![විදේශයේ සිරවී සිටි ලාංකිකයින් 594ක් දිවයිනට](/images/2021/01/04/plane_large_large.jpg)
මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 594 දෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් අද දිවයිනට පැමිණියහ.
කුවේට් සිට ශ්‍රී ලාංකිකයන් 376 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිටි 90 දෙනෙක් , සෞදි අරාබියේ රියාද් සිටි 50 දෙනෙක් සහ සිංගප්පූරුවේ සිටි 41 දෙනෙක් එලෙස දිවයිනට පැමිණි පිරිස අතර වෙති.
ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කෙරුණු බව සඳහන් ය.