මහත්තයත් අතුරුදහන්, එයා යුද්ධ කරලා එවපු සල්ලිත් අතුරුදහන් රුසියානු හමුදාවට සම්බන්ධ වූ ශ්‍රී ලාංකික සෙබළුන්ගේ කඳුළු කතාව
ශ්‍රී ලංකා යුද හමුදාවෙන් විශ්‍රාම අරගෙන හිටපු *රසික යුක්‍රේනයට විරුද්ධව යුද්ධ කරන්න රුසියාවට ගියේ ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ.
රුසියාවට ගිහින් රසික ටික දවසක් බිරිඳට, දරුවන්ට කෝල් කළා. ඒත් යුද පෙරමුණට ගියාට පස්සේ මාස ගාණක් රසික ගැන කිසිම ආරංචියක් තිබුණෙ නෑ.
පෙබරවාරි මාසේ අගදී එහෙම 'අතුරුදහන් වුණ' රසික ආයෙත් මැයි මාසේ දවසක ගෙදරට කෝල් කළා. ඔහු යුද පෙරමුණේදී තුවාල ලබල රෝහලේ හිටියේ.
කිහිප වතාවක් රසික ඔහුගේ වැටුපත් ලංකාවට එවුවා.
ඒත් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දාල තියන සම්බාධක නිසා ලංකාවට සල්ලි එවන එක හරිම අමාරුයි. ක්‍රෙඩිට් කාඩ් තහනම් කරලා, බැංකු හරහා සල්ලි එවන්නත් බෑ, ඒ නිසාම සල්ලි එවන අයට ලොකු ඉල්ලුමකුත් ඇතිවෙලා.
හරියට සෝවියට් දේශය තිබුණ කාලේ වගේ. ඒ දවස්වලත් money exchange කළේ බොහොම හොර රහසේ. හැබැයි එහෙම කරපු අය හොඳට හම්බ කළා.
ඒ නිසා උන්ඩියල් ක්‍රමයට සල්ලි එවන කෙනෙකුගේ ආධාර පතන්න රසිකටත් සිද්ද වුණා.
ඒත් ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ රසික රුසියාවේ ඉන්න ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකුට දීපු රූබල් ලක්ෂ දෙකක් (රුපියල් ලක්ෂ හයක් විතර) තවමත් රසිකගේ බිරිඳට ලැබිල නෑ.
ඒ අතරේ රසික ආයෙත් අතුරුදහන් වෙලා. දෙවෙනි වතාවටත් තුවාල ලබල රෝහලේ හිටපු රසික දැන් මාසෙක විතර ඉඳල අතුරුදහන් වෙලා.
දැන් රසිකගේ බිරිඳට, දරුවන්ට රසිකත් නෑ, එයා ජීවිතේ පරදුවට තියල හම්බ කරපු සල්ලිත් නෑ.
මේ, රුසියාවේ යුද්ධයට බැඳුණ ශ්‍රී ලාංකික සොල්දාදුවන් ගැන එක කතාවක් විතරයි.
මේ වගේ කතා දුසිම් ගණනක් දිනපතාම මට අහන්න ලැබෙනවා. සමහරු මැරුණ අයගේ වන්දියත් ගසා කාල. රුපියල් කෝටි ගණන් වංචා කරලා.
අවාසනාව තමයි ඒ ගොඩක් වංචාවලට සම්බන්ධ වෙලා ඉන්නෙත් රුසියානුවෝ නෙවෙයි, අපේ රටේම 'මිනිස්සු'.
සම්පූර්ණ වීඩියෝව පළමු කොමෙන්ටුවේ.
- සරෝජ් පතිරණ
2025 මාර්තු 01
(*අන්වර්ථ නමකි)