1990 සුව සැරිය පුර්ව රෝහල් සත්කාර ගිලන්රථ සේවාවේ සම්බන්ධිත ගිලන් රථ සේවාව (connected ambulance revolutionizing pre-hospital care) අද දින (12) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය සුව සැරිය ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ දී ආරම්භ විය.
අද දින ආරම්භ කරන ලද නව සේවාවෙන් රෝහලක් සදහා යාමට පහසුකම් ලබා ගන්නා රෝගී පුද්ගලයයෙකුට තමන් රෝහල වෙත ප්‍රවාහනය කරන කාලය තුලදී එම රෝගියාගේ තත්වය නවීන ක්‍රමවේදයන්ට අනුකුලව නවීන වෛද්‍ය උපකරණ භාවිතා කර රෝග නිශ්චය කිරීමට ගිලන් රථය හා ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ වෛද්‍යවරුන් සමග ඍජුව සම්බන්ධවීමත්, නවීන වීඩියෝ තාක්ෂණය ඔස්සේ රෝගියා නිරීක්ෂණය කිරීමත්, වෛද්‍යවරයා විසින් ඊට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදීම හා ඊට අනුගතව රෝගියා ඉදිරි ප්‍රතිකාර සදහා යොමු කිරීම මෙම සේවාවෙන් සිදු කරන ප්රමුඛ කාර්ය වේ.
පරිපුර්ණ කඩිනම් විශ්වාසනීය සහ ගුණාත්මක පුර්ව රෝහල් ප්‍රතිකාර සේවාවක් ලබා දීම මගින් ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවන තත්වය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් පුර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාවක්, අත්‍යවශය ගිලන් රථ සේවාවක් වශයෙන් රජය විසින් හදුනාගෙන ඉන්දීය රජයෙන් ලද ප්‍රදානයන් වශයෙන් 2016 වර්ෂයේ දී මෙම 1990 සුව සැරිය නොමිලේ ගිලන් රථ සේවාව ආරම්භ කරන ලදී. සතියේ දින හතම පැය 24 පුරාම සේවය සපයන මෙම ගිලන් රථ සේවාවේ 1400 කට අධික සේවක පිරිසක් සේවය කරන අතර ප්‍රවාහන පහසුකම් සදහා ගිලන් රථ 322 භාවිතා කරනු ලබයි.
සුව සැරිය ගිලන් රථ සේවාවට දෛනකිව දුරකථන ඇමතුම් 5300 කට අධික ප්‍රමාණයක් ලැබෙන අතර දිනකට 2500 km අධික ප්‍රමාණයක් මෙම ගිලන් රථ සේවාව මගින් ආවරණය කරනු ලබයි.
අද දින ආරම්භ කරන ලද මෙම ගිලන් රථ සේවාව කොළඹ, යාපනය දිස්ත්‍රික්ක වල පලමු අදියර යටතේ ක්‍රියාත්මක වන අතර ඉදිරියේ දී අනෙකුත් දිස්ත්‍රික්ක සදහා ද මෙම පහසුකම ලබා දීමට නියමිතය.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ,
“වර්තමානයේ නවීන තාක්ෂණයටයට ගැලපෙන පරිදි අද අලුතින්ම රෝගියාගේ ජීවිතය ඉතාම කෙටි කලක් තුලදී ඒ අදාල කරුණට ප්‍රේෂණය වී ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් අධි තාක්ෂණය සමඟ කටයුතු කරන්නට අද දින සිට වැඩ සටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ වැඩ සටහනට නායකත්වය දීම වගේම උදව් කල Microsoft ආයතනය සෑම කෙනෙකුටම අපගේ ගෞරවය පුදකර සිටිනවා. පසුගිය කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින් විශාල පිරිසක් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සදහන් කල සේම මිලියන 755 කට ආසන්න මුදලක් මෙම කටයුත්ත වෙනුවෙන් ලබා දීලා තිබුණා රජයේ දායතකත්වයට අමතරව. ඒක විශාල ශක්තියක් ඊට අපේ ස්තුතිය පුද කර සිටිනවා.
ශ්‍රී ලංකාව නිදහස් සෞඛ්‍ය සේවාව දීර්ඝ ඉතිහාසයක් තිබෙක රටක්. ඒකට විශාල අර්ථයක් සුව සැරිය පදනම මගින් එකතු කර තිබෙනවා. අද වර්තමානය වන විට මෙම ආයතනයේ ගිලන් රථ 322 ක් තිබෙනවා. එය ඉදිරියේ දී වැඩි කර දිවයිනේ ආවරණය නොවන ප්‍රදේශද ආවරණය කරන්න අපි අවශ්‍ය පියවර ගත යුතුයි. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ඉල්ලීම මත රජය විසින් ලබා දෙන ජීවන වියදම් දීමනාව සුව සැරිය කාර්ය මණ්ඩලයට ද ලබා දීමට අවශ්‍ය කටයුතු කරනවා.” යනුවෙන් පැවසීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, සුව සැරිය පදනමේ සභාපති දුමින්ද රත්නායක, සුව සැරිය ලගිලන් රථ සේවාවේ ප්‍රධාන විධායක නිලධාරී ශෙහාන්ද සිල්වා, එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී ශ්‍රී ලාල් ද සිල්වා, Wavenet ආයතනයේ ප්‍රධාන නිලධාරී සුරේන් පින්තු යන මහත්වරුන් ද Microsoft ආයතනය හා සුව සැරිය පදනම නියෝජනය කරමින් කාර්ය මණ්ඩලයේ පිරිසක් ද සහභාගී වුහ.