ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු රටේ මූලික නෛතික ලියවිල්ලකි. එමගින් රටක මූලික පාලන තන්ත්රය මෙන්ම රජය හා ජනතාව අතර පැවතිය යුතු මූලික යුතුකම් හා වගකීම් පිළිබදව පෙන්වා දෙනු ලබයි. එහිදී තීරණාත්මක සාධකය වන්නේ විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය ක්‍රියාත්මක වන අකාරයයි. තවදුරටත් එලෙස ජනතාවගේ පරමාධිපත්‍ය බලය මානව හිමිකම් මූලික අයිතිවාසිකම් පිළිබද දක්වන ගරුත්වය අතිශයින් වැදගත් වේ.
ඒ අනුව රටක ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී එම රටේ පුරවැසියන්ට ඊට අදහස් දැක්වීමට සම්බන්ධ වීමට අවස්ථාවක් සලසා දිය යුතුව ඇති අතර මහජන සහභාගීත්වයෙන් තොරව දේශපාලන අභිමාර්ථයන් මුදුන් පත් කර ගැනීම උදෙසා කරන ඊනියා සංශෝධන පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතුය.
වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසා සිටියේ 69 ලක්ෂය ඡුන්දය දුන්නේ ව්‍යවස්ථා වෙනසකට බවයි. එමෙන්ම පොදුජන පෙරමුණ පැවසුවේ 2/3 බලය දුන්නේ ව්‍යවස්ථා වෙනසකට බවය. 1978 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ 78 ව්‍යවස්ථාවේ සිට 20 වෙනි සංශෝධනය දක්වා ව්‍යවස්ථා සංශෝධනය කලේ දේශපාලන වුවමනාවන් උදෙසා විනා රටක් හෝ ජනතාවක් පිළිබද හැගීමකින් නොවන බව අප දනිමු.
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් නැවතත් ඒකාධිපති පාලකයෙක් බිහිකර ගැනීම මූලික අරමුණ කොටගත් රටේ ජාතික දේපල තමන්ට රිසිසේ පාලනය කල හැකි අධිකරණයේ මෙන්ම ව්‍යවස්ථාදායකයේ ස්වාධීනත්වය නැති, රාජ්‍ය විගණනය ඉවත් කිරීම හා ද්විත්ව පුරවැසියෙකු රටේ ප්‍රධාන දේශපාලන දහරාවට එක්වීමේ භයානක තත්වය පිළිබද ජාතික වෘත්තීය සමිති පෙරමුණ වශයෙන් ඊට එරෙහිව මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය මැති ඇමැතිවරු විරුද්ධපක්ෂ නායකයන් දැනුවත් කිරීම සිදුකල අතර ඒ අනුව ජනාධිපතිවරයා 20 වෙනි ව්‍යවස්ථාවේ සංශෝධනයේ යම් කරුණු ඉවත් කිරීමට එකඟතාවයට පැමිණීම අප ලද ජයග්‍රහණයකි.